‘මම රට ලෝකය ගැන වැඩිය දන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ කැලයේ. හැබැයි මට පේනවා දියුණුව කියලා තරගයකට පැටලිලා අපේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු ලෝකයේම මිනිස්සු. ඒ තරගයත් සමග ගමන් කරද්දී බොහොමයක් ඇත්තන්ට තමගේ අම්මා, තාත්තා, ජාතිය, ආගම, භාෂාව, නෑදෑයෝ, සිරිත් විරිත් මේ හැමදෙයක්ම අමතක වී ගිය බවක් මට දැනෙනවා‘ යැයි ආදිවාසී නායක වන්නිල ඇත්තෝ පැවසීය.
ඒ අද (7) කොළඹ ශ්‍රී සම්බෝධි දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
උත්සවය කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
‘මට සෑම දිනකට දැනගන්නට ලැබෙනවා මිනීමැරුම්, දූෂණ, වංචා, හොරකම්, මංකොල්ලකෑම් වැනි සිදුවීම්. මිනිස්සු, රට දියුණු වෙලා කිව්වට දියුණු නම් මේ වගේ දේවල් සිදුවන්නේ කොහොමද කියලා මට ලොකු ගැටළුවක් තිබෙනවා‘ යැයිද වන්නිල ඇත්තෝ කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට ඔය නමින් අමතන්න එපා. ඒ අය අපිට වඩා දැනුම අතින් අධිකයි. කියන දේ හොඳින් අහගන්න. එය ඉතා වැදගත්. ඒ අය අපේ ආදිවාසීන් බව අමතක කරන්න එපා. (නි)
ඔබය සදාකාලික නායකයා අපේ බිමේ. චිරං ජයතු ! (නි)
එ් මිනිසුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපි උදවු කරන්න ඕනෑ. මේ මිනිස්සු ලංකාවට ආභාරණයක්. (නි)
ජනවාරි 8 නිදහස ලැබුනා කියලා හිතාගෙන ඉන්න කට්ටියටත් මේකම තමා කියන්න තියෙන්නේ. (නි)
වන්නිලැ අැත්තො, ඔබතුමාට තේරෙන දේ අපේ සමහර නායක අැත්තන්ට තේරෙන්නෙ නැහැ. (නි)
ඔබතුමා සියැටල් පරපුරේ දාර්ශනිකයෙක්... (නි)
හික්මීමක් ඇතුව කළ ලස්සන කතාවක්. ඔවුන්ගේ ජීවිකාව කරගෙන යන්න ඉඩහැරිය යුතුයි (නි)
ආදීවාසින් වන ඔබට ආඩම්බර වියහැකියි. මක්නිසාද ඔබ තවමත් අපට ඉදිරියෙන් සිතන නිසාය. තවමත් හරි හෝ වැරදි හෝ ඔබගේ සිරිත් විරිත් තවමත් ආරක්ෂා කරගනිමින් රැකගනිමින් මේ ගමන යන නිසාය (නි)
පරිසරයට අවංකවම ආදරය කරන ඇත්තෝ ජීවත්වෙන්නේ කැලයේ. (නි)
ඔය පුටුවල ඉඳගෙන ඉන්න ටයි මහත්තුරුන්ටත් හොඳයි මේවා අහන එක (නි)
මෙතුමාට ආරාධනා කිරීම ඉතාම හොද වැඩක් (හේ)
ඩී උපුල් ,තමා කව්රු වුනත් ඒ තුමාගේ දේශනයට සවන් දුන්නා නම් එය මොනතරම් වටිනවද කියා සිතේවි ,මොකද වනන්තරේ ජීවත්වෙන ,නිසි අධ්‍යාපනයක් ලබා නැති මුත් අද උගතුන් කියා සිතන නුඹලා වැනි අඳ බාලයන්ට මෙතුල උකහා ගන්න බොහෝදෙ ඇත ,කරුණාකර ඔය නිවට නියාලු අධම ගති ඉවත් කරලා මිනිසුන්ට ගරුකරන්න ඉගන ගන්න (බ)
ඇත්තටම වැද්දෝ හොඳයි උගත් යැයි කියාගන්න අයට වැඩිය.(හේ)
අද නවීන ලෝකයට හැඩගැසෙන අවදියක අපේ ඉපැරණි දේවල් යම්තාක් දුරට ආරක්ශාවෙලා තියෙන්නේ අපේ ආදිවාසි පරපුර නිසයි.මෙතුමන්ලා රටේ ලෝකේ වෙන දේවල් දැන නොගත්ත තරමට අපේ ඒ ඉපැරණි ක්‍රමවේදයන්ගේ පැවැත්ම සාදාතනික වන බවයි මගේ නම් හැගීම.(හේ)
මේ මනුස්සයාගේ කතාව මොන තරම් වටිනවද (බ)
හරියටම හරි නායක තුමනි, අද උගත්තු කියලා කියන්නේ මොනවා හරි දැනගෙන් ගත්තම, නමුත් මිනිසා පරිසරය හා මරෙන ටික කාලෙට ජීවත් වෙන හට දන්නේ නෑ, (හේ)
එතුමාගේ කතාව ඇසුවාම ආදී වාසියො අපිද කියල මටම සිතුන. (බ)