මෙම වසරේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇති වොලිබෝල් තරගාවලිය ජනවාරි මස 12 වැනිදා සිට පෙබරවාරි මස 10 වැනිදා දක්වා ‘දැයට කිරුළ පාසල් තලයේ වොලිබෝල් තරගාවලිය’ සහ ‘දැයට කිරුළ කී‍්‍රඩා සමාජ තලයේ වොලිබෝල් තරගාවලිය’ යනුවෙන් තරගාවලි දෙකක් ලෙසින් පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලි ද්විත්වයම පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් සහ ජාතික මට්ටමේ අවසන් වටය ලෙසින් අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර පළාත් මට්ටමේ තරග වලින් ශූරතාවය සහ අනු ශූරතාවය ලබා ගන්නා කණ්ඩායම් වලට ජාතික මට්ටමේ තරග සඳහත්, ජාතික මට්ටමේ තරග වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් වලට අවසන් වටයේ තරග සඳහත් සහභාගී වීමට අවස්ථාව උදාකරගත හැක.
පළාත් මට්ටමේ තරග ජනවාරි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජාතික මට්ටමේ තරග ජනවාරි මස 19 සහ 20 දෙදින තුළ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
අම්පාර දැයට කිරුළ භූමියේදී පැවැත්වෙන්නේ පෙබරවාරි මස 5 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අවසන් මහා තරග කිහිපය පමණි. තරගාවලිය සඳහා අයදුම් පත් බාරගැනීම මේ වන විටත් අවසන් වී ඇත.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැයට කිරුළ වොලිබෝල් තරගාවලිය තල දෙකකින්