දියවැඩියාව ඇද්දැයි නොමිලේ පරීක්ෂා කිරිම සඳහා කළුතර නගර සභාවේ සේවකයින් කිහිප දෙනකුගෙන් එකම ඉඳි කටුවෙන් ලේ ගත් බව කියන පෞද්ගලික සමාගමක නියෝජිතයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසිය කියයි.
කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උදය පරණමාන්න මහතා දකුණු කළුතර පොලීසියට මේ බව පැමිණිලි කළේය.
මේ ආකාරයට සේවකයන් 60 දෙනකුගෙන් ලේ ගෙන ඇතැයි ද පොලීසිය සදහන් කළේය.
නගර සභා සේවකයින් පවසනුයේ එම සායනයේ අරමුණ දිය වැඩියා පරීක්ෂණ සඳහා වන කුඩා යන්ත්‍ර අලෙවි කිරීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි, අහලා නැද්ද නොමිලේ දෙනවා නම් අපේ මිනිස්සු ඔලුවේ කැක්කුමක් වුනත් බාරගන්නවා කියලා? මේ සිද්ධිය ගැන කියනවා නම් "ඒඩ්ස් වුණත් නොමිලේ දෙනවා නම් බාරගන්නවා". (නි)
දැන් ඒ හැම කෙනෙකුටම ඒඩ්ස් සහ හෙපටයිටිස් පරීක්ෂාව කරගන්න වෙනවා (නි)
ලේ ගන්න ඇගිල්ල දිගුකළ 60 දෙනාම ඔය ගැන විමසලා බැලුවේ නැද්ද? ඇස් බැදලද දන්නේ නැහැ ලේ ගත්තේ? (නි)