අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී සහ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ ජාතික කලා භවනේදී අවසන් ගෞරව දැක්වීය.
ජනපතිවරයා දේහයට පවුලේ ඥාතීන් වෙතද සහෝදර කලාකරුවන් වෙතද සිය සංවේගය පළ කර සිටියේ ය.
ඒ මහතාගේ දේහය අද දහවල් කලා භවනේ තැන්පත් කර තිබුණු අතර අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
ඡායාරූප - ලහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාකරුවාණනි, ඔබට මගේ අවසන් ආචාරය. ඔබට නිවන් සුව පතමි.(නදී)
කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!(ම)
ඔබ වැනි ප්‍රවීන ශ්‍රේෂ්ඨ කලාකරුවන් අප මවු බිමේ තව තවත් බිහි වේවා ! ඔබට නිවන් සුව පතමි. (නදී)
මගෙත් ඇස් වලට කඳුළු ආවා ඔබට නිවන් සුව පතමි (බ)
මේ අහිංසක මුහුණු එතුමාගේ චිත්‍රකතා චරිතවල අප දැක්කා. ඇසට කඳුලක් නැගෙනවා. ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නදී)
පාසල් යන කාලයේ සිට ඔබගේ චිත්තර කතා රසවින්දෙමි. කලාකරුවාණෙනි ඔබතුමන්ට මගේ අවසන් ආචාරය. (නදී)
චිත්‍ර කතා තේමාවන් හුදෙක්ම මනඃකල්පිත යැයි සම්මතව තිබු යුගයක චිත්‍රකතා යනු මායාවක් නොව සැබෑවක්ම යැයි අපට කියාදුන් මහත්මයාණෙනි, ඔබට නිවන්සුව අත්වේවා. (නි)
අනේ දෙවියනේ මේ මොකද වුණේ? (නි)
මිහිපිට සිටින තෙක් ඔබ නොබැලුව අයට; දෙන්නට එපා බොරු ගුණ වැල් ගයන්නට! සුන්දර කලා කරුවාණෙනි අපි ඔබට සැමදා ගරු කරමු , ඔබ කළ සේවයට! මරණය නියතමයි අප කාටත් මෙලොවේ කළ හොඳ නොහොද පමණයි අප ගෙනියන්නේ; අප සිත් තුටින් පිරවූ පින් බලයෙන්නේ සුරලොව ඉපිද, බල, හැටි මේ නර යන්නේ ! (ම)
ඔබට නිවන් සුව පතමු .ච්ත්‍ර කලාවට ඔබ නැති අඩුව දැනේවි (නදී)