අභාවප්‍රාප්තවූ ලංකාදීප මාධ්‍යවේදී හා චිත්‍රකථා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (29) සවස 4ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

රාජපක්ෂ මහතාගේ දේහයබදාදා පෙරවරු 11 ට බුහුමන් සඳහා ජාතික කලා භවනට රැගෙන එ්මටද කටයුතු යොදා ඇත.

මේ වන විට ඒ මහතාගේ දේහය කොළඹ 9, බේස්ලයින් පාරේ, මහවිල උද්‍යානයේ අංක 658/26 දරණ නිවසේ තැන්පත් කර ඇත.

1979 වසරේ සිට දයා රාජපක්ෂ මහතා විජය පුවත්පත් සමාගමේ සේවය කරමින් සිටි අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඒ මහතා 78 වැනි වියේ පසුවිය.