කරවල ලෙස ආහාරයට ගන්නා දිය මෝරුන් ටොන් 3ක් වසර අටක පමණ කාලයක් ශීතාගාරයක තැබූ කළමනාකරුවන්ගේ වැඩ තහනම් කරන්නැයි ධීවර ඇමැති මහින්ද අමරවීර ධීවර සංගමයට උපදෙස් දී ඇත.
මෙසේ ශීතාගාර තුළ තිබී ඇත්තේ කරවල ලෙස ආහාරයට ගන්නා දිය මෝරු නැමැති මත්ස්‍ය විශේෂය යැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරි මිලාන් මිරැන්ඩා මහතා පැවසූයේ මේ ගැන තමා කිසිවක් නොදන්නා බවයි.
COMMENTS
කළමනාකරුවන් කී දෙනෙක් ගෙදර යනවද? අවුරුදු අටට කීපදෙනෙක් ඉන්න ඇතිනේ (නි)
මළකුණු ටොන් තුනකට, ජීවත්ව සිටින මිනිසුන්ගේ රස්සා ටික වනසන එක??? (නි)
මේවායේ සුලමුල හරියට සොයාබලා වැරදිකරුවන්ට නිසි දඬුවම් දිය යුතුමයි. මේවා තමා ජාතික අපරාධ. දුප්පතාගේ සල්ලි! (නි)
සමන්, හිටපු ධීවර ඇමතිලා දැන් යහපාලන ඇමතිවරු නේද? ඉතින් මොකද කරන්නේ? (නි)
ප්‍රෝටීන් නොමැතුව ලංකාවේ දරුවන් මන්දපෝෂිත තත්ත්වයට පත්වෙද්දී මෙවැනි විනාශ හා අලාභ කරන අය ගැන මොන කතාද? (නි)
දිය මෝරු කොහොම වුණත් සංස්ථාව ඇතුළේ මිනීමෝරු ඉඳලා තියනවා වගෙයි. අදත් ඇති. පරෙස්සම් වෙන්න. සංස්ථා කියන ආයතන යහපත් චේතනාවෙන් පිහිටවපු ඒවා වුණත් පසුකාලෙක හොර ගුහා බවට පත් වුණා. ඊට වැඩි වෙනසක් අද ඇතිවෙලා ඇති බවක් පෙනුනොත් හොඳයි! (නි)
මොකක්ද කරලා තියෙන්නේ මෙච්චර හරියක් වෙනතුරුම (නි)
එෆ්සීඅයිඩීයට ගෙන්වන්න තියෙන්නේ වගකිවයුතු සියළු දෙනාම, ජාතික සම්පත් අපයෝජනය යටතේ. (නි)
කෙනෙක් කියනවා එයා මොකුත් දන්නේ නැතිලු. අනේ මේ වගේ අය නිසා ධීවර සංස්ථාව පාඩු නොලබා තියේවිද? (නි)
ධර්මරත්න උඩින් අත පත ගන්න එපා ටිකක් හිතල කතා කරන්න (බ)
බොහොම සුළු රජයේ වැටුපක් ලබන, ධීවර සංස්ථාවේ ඉහල සේවකයෝ දෙතුන් දෙනාගේ වත්කම් බැලුවා නම්, ඔවුන් නොදන්නා මේවාගේ දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වේවි... (ම)
ගහක පොලයක් කඩපු එකත් උසාවි දාල හිරේ දාද්දි මාළු ටොන් තුනක පාඩු කරපු මිනිහ රස්සාවෙන් විතරක් අයින් කරනවා.... අැයි රටේ නීති මේවට අදාළ නැද්ද....(බ)
මේවා තමයි ජාතික අපරාධ කියන්නේ.(හේ)
උතුරෙන් විතරද පිට වෙන්න බැරි.(හේ)
මේ දේට සියළුම දෙනා වගකිව යුතුයි.(හේ)
මේ දේවල් වලට හිටපු ආණ්ඩු වග කියන්න ඕනේ.(හේ)
මේවාද ජනතාවට දෙන්නේ.(හේ)