මාතලේ මඩවල උල්පත ජල බුබුළට අතිරේක නළයක් යොදා පානීය ජලය සැපයීමට යතියි විරෝධය පළ කරමින් ගොවිසංවිධාන කිහිපයක් දිය බුබුළ අසලදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මඩවල උල්පත,රජ්ගම්මන,වදගොල්ල ,කැටවල ගොවි සංවිධානයන්හි හයසීයක් පමණ මේ උද්ඝෝෂණයට එක් වුහ.
දිය බුබුළෙන් අක්කර තුන්සීයක් පමණ කුඹුරු වගා කරන බවත් ,අතිරේක නළයක් යෙදීමෙන් ඔවුනට වාරි ජලය නැති වී යනු ඇතැයි ඔවුන් පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුරු වලට හානියක් නොවන විදියකට මේකෙන් බොන්න වතුර ටිකක් ගන්න පුලුවන්නම් මොන තරම් හොඳද ? (අ)
රටේ මුදල් නාස්ති වෙන්නේ නායකයින්ගේ වරදින් නොව නිලධාරීන්ගේ වරදිනි. (නි)
ගොවියන්ට වදදෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ. (නි)
අන්කල් ඔයාට දිගටම කලේ ඔලුවේ තියාගෙන ඉන්න වෙයි. කොහොමටත් කුඹුරු කරා කියල හාල් පිටරතින් ගෙන්නන එක නවතින්නේ නැහැනේ. ඊට වැඩ මිනිසුන්ගේ පානිය ජල අවශ්‍යතාව වැදගත්. මේ කාලේ වතුර ඉල්ලන අයට වෙන්නේ මොකද කියල දන්නවනේ ? (නදී)
කොහොමත් දැන් ගම්මාන ටික ඉවරයි. දැන් ඉන්න පරම්පරාවට ගම-රට ගැන කවියක්වත් ලියන්න සිතුවිල්ලක්වත් නොඑන්නේ ඒකයි. අපේ රට තියෙන්න ඕනෑ විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. අපේ ගම්මාන, පන්සල්, සංස්කෘතිය දැන් විකෘතියක් වෙලා ඉවරයි. (නි)
බිව්වොත් කන්න නැහැ, කෑවොත් බොන්න නැහැ! (නි)