දික්වැල්ල දන්දෙනිය ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ උත්සවයකට සහභාගී වූ යෞවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුමට මහතාට තවත් රාජකාරියක් පැවරිණි.
උත්සවයේ ස්තුති කතාව පැවරුණේ සායනයට පැමිණි දිලානි වීරකෝන් මහත්මියටයි.
දෙමාසයේ අතදරුවා සමග ස්තුති කතාව කිරීම ඇයට ප්‍රශ්නයක් විය.
ඇමති අලහප්පෙරුම ඊට විසඳුම දුන්නේය.
ඇය ස්තුති කතාව කර අවසන් කරන තුරු ඇගේ දරුවා උකුලට ගෙන නැළවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි ඇමති කෙනෙක්. ආඩම්බරයි ඔබ ගැන (නි)
හැමදේටම මිලක් ලැබේ අද කාලේ සමාඡයේ, ගොඩක් ඈයෝ කරන්නේ අද මේ ටිකමයි සමාඡයේ, මිලක් ගන්න සිතාගෙනේ කරොත් මෙලෙස ඉබාගතේ, මැදිහත් සිත් ඇත්තන්ගේ කතිරේ වදියි වෙනත් අතේ.... ගැලරිය පිනවන්න ගෙනා ලැවරිය ගුලි අපිට එපා, මහියංගණ පාට් අරන් ඇවරි වත්තේ එන්න එපා, බොරු සෝබන දාලා හෙම වැඩ නොකරත් ඉන්න එපා, එහෙම කළොත් ඔබේ කතිරේ කීයටවත් දෙන්න එපා. (නි)
අතදරුවෙක් රවටාගෙන අම්මා නැතුව මෙහෙම තියාගන්න පුලුවන් කියන එක ලොකු දෙයක් (නි)
ඩලස් මහත්තයා හොඳ ශිෂ්ටවත්, සදාචාරාත්මක මහත්තයෙක් (නි)
පව්. වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නෙම නැතුව ඇති දරුවාව ගන්න (නි)
මල් වට්ටියක් දෝතට අරගත්තා වගෙයි ලස්සන. අපේ රටේ කාන්තාවන්ට, දරුවන්ට නිසි රැකවරණය දෙන්න ඔබතුමාවත් පෙරට එන්න. (නි)
මොහු රටටත් ජාතියටත් ආදර්ශයක් නොවේද? (නි)
හැමෝම ඔහොම තමයි. (නි)
ඩා.. ඩා.. ඩා.. ඩා.. නාඩන් පුතේ ඩලස් මාමා අර ඉන්නේ පුතේ.(නදී)
ඇමතිතුමාත් පොඩි එකෙක් වගෙයි (නි)
අලහප්පෙරුම ගැන අපි හොදට දන්නවා, හොද මහත්තයෙක් . (නි)
ලංකවේ ඉන්න නිහතමාණී හොද ඇමතිවරයෙක්.(නදී)
මට නම් දේශපාලකයෝ කොයි කවුරුත් එක වගෙයි (නි)
නිහතමානිකම කියන්නේ මේකට ඇත්තටම ඔහු නිහතමානි ඇමතිවරයෙක්. (ස)
ප්‍රතිචාර බලාගෙන යනකොට සමහර ඒවා දැක්කහම හිනාත් යනවා (නි)
ඩලස් මහතා නම් හොදයි. ඒත් ඉන්නේ වැරදී පැත්තේ.(නදී)
රටට වටිනා ඇමති කෙනෙක්.(නදී)
හරිම ලස්සන දසුනක්. ඇමතිතුමා මුළු හදවතින්ම කරපු වැඩක් බව හොඳට පේනවා. දරුවන්ට හරිම ආදරේ කරන අවංක චරිතයක් බව අහල තියෙනවා.(ස)
ඔබ තුමා ඉතා හොඳ මහත්මයෙක්. හැබැයි, ඉඳ හිට ලොක්කගෙයි සගයින්ගෙයි ගුණ ගායනා කරන්න ගිහින් නම සවුත්තු කරගන්නවා. (නදී)
නුබේ අම්මා කොතන ගියා කතා කරල එන්න ගියා..! අම්ම කතා නිමවන තුරු, ඇමති අතේ නින්ද ගියා...!!(ස)
ලංකාවේ මිනිස්සුට ඇත්ත තේරෙද්දී වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. (නි)
යමෙක් ළමයෙක් වඩාගන්න එක පුදුමයක්ද? (නි)
පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ඔයවගේ තොත්ත බබාලා ටිකක්. වැඩි හරියක් හැසිරෙන්නෙත් දන්නේ නැති අය. ඇමතිතුමෝ බැරිද ඒ අයවත් නලවන්න.(නදී)
ප්‍රදීපා ධර්මදාසට මොනවා සිතේද මන්දා.(නදී)
හා හා බලාගෙනයි... නලවන්නේ අන් දරුවන් බලාගෙන හොඳේ! (නි)
බලන්නකෝ එයාගේ දරුවෙක් වගේ බලාගන්න හැටි විතරක්... (නි)
දැන් ඉතින් ඊළඟ චන්දෙදි මේ පින්තුරේ චන්ද පොස්ටරේට දාපුවම දකුණු පළාතේ අම්මල ටික උඩ පැන පැන චන්දෙ දෙයි.(නදී)
ඇමති තුමාගේ අම්මා තාත්තා හොද ගුණදර්ම පුරුදු කරලා තියෙනවා. ඇමතිතුමා උනාට ඒ මනුස්සකම් ඔහුතුල හැමදාම තිබුන. එක ගැන අපි හරිම සතුටුයි. (ස)
රටට අවශ්‍ය වන්නේ අවශ්‍ය තැනට නිසි ප්‍රතිකර්මයයි.(නදී)
මෙයා ඉතින් අපිව නලවන නෑලවිල්ලට බබාල නලවන එක වෑඩක්ද? අද ගෙදර ගිහින් මොන තත්වයක් ඈතිවෙයිද කියල හරියට හිතාගන්න බෑ.(නදී)
එතුමාගේ ජීවන රටාව අනුගමනය කරන කාටවත් වරදින්න බැහැ. අ තරම බොහොම සැහැල්ලු සහ චාම්.(ස)
ප්‍රදීපා අක්කා මොනවා හරි හිතයිද සර් .(නදී)
ඉස්සර ඩලස්ට වඩා දැන් ඩලස් වෙනස්. පින්තූරය ගැන නම් මට කියන්න දෙයක් නැහැ (නි)
පොඩි දරුවා ගැන කියලා දේශපාලකයන්ගේ වැරදි වලට බනින්න නම් එපා. අහිංසක කිරි කැටියා.... (නි)
ඒ වුනාට බිරිඳගේ අලුත් සින්දුවක් නිකුත් වුනේ නැත්තේ ඇයි.(නදී)
හැම කෙනෙක්ම අවසානයේ රැගෙන යන්නේ කල හොද දේවල් පමනයි.(නදී)
මම මේ කියන්නේ පොදුවේ හැම දේශපාලකයා ගැන මිසක් මේ මහත්තයා ගැන නෙමෙයි. පිරිත් නුල් අගලක් පමණ ගනකමට බැදගෙන,සුදු ඇදගෙන,දරුවෝ නලවලා,දරුවෝ ඉඹලා ලකුණු ටිකක් දාගෙන,අනික් පැත්තෙන් මර වැඩ,වංචාව,හොරකම,කොමිස් හොරචැඩ,දුෂණ කරනවා.අපි හුරේ දම දමා ඉන්නවා. (නි)
ඇමතිතුමාගේ ක්‍රියාව අගයකළ යුතුය (නි)
ඇමතිතුමා ගොඩාක් හොද කෙනෙක්. අම්මට තාත්තාටත් හරි ආදරෙයි (නි)
රස්තියාදුකාර, අවිනීත ඇමතියෝ ඉන්න රටේ ඩලස් මහත්තයා ගැන ආඩම්බරයි (නි)
චරිතවත්, දැහැමි දිවි පෙවතක් ගෙවන මෙතුමා රටටම ආදරශයක්.(නදී)
බලන්න මෙතනත් ඍජුව හා වක්‍රව ගුණ වයන්නෝ කීදෙනෙක් ඉන්නවද කියල.(ත)
ඇයි ඉතින් අත දරුවෙක්ව බලාගත්තයි කියලා ඇමතිතුමාගේ අගේ අඩුවෙනවද නැහැනේ.. මොක නැතත් මේ ප්‍රවෘත්තියේ නම නම් හරී ලස්සනයි. (නි)
අනිත් අයට මෙතුමාව බලලා හැදෙන්න බැරි ඇයි? (නි)