(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාධිතයකු බවට සනාථ විමේන් පසු 20 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ එච් 8 ගම්මානයේ තිදරු පියෙකී.
අදාල අය එච් 8 ගම්මානයේ වැවේ දිය නාමින් සිටියදි 22 දින දියේ ගිලි මරණයට පත්විමේන් පසු ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු පුත්තලම මුලික රෝහලට පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කර සිටියදී සිදුකල පි.සි.ආර් පරික්ෂණයකදි කොරෝනා ආසාධිතයකු ලෙස සනාථ වු බව කියයි.
පසුව දියේ ගිලි මරණයට පත්වු කොරෝනා ආසාධිතයකු ලෙස හදුනා ගත් අය රෝහල් රුගෙන ගිය හා ඔහු ඇසුරු කළ බව කියන පිරිසෙන් 20 ක පමන පිරිසක් මේ වන විට හදුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන විද්වතුන් පර්යේෂණ කළ යුතුයි. මේ වෛරසය රෝහලෙන් ආවද? නැත්නම් මැරෙන්න කලින් ඉඳන් තිබුණාද? කරන කරන හැම කෙනාටම වෛරසය තියෙනවනේ මේ විදිහට ගියාම...
වතුරෙ ගිලී මිය ගිය අයගේ සෙම පටල පරීක්ෂා කිරීමේදී නිව්මෝනියාවට සමාන බව කියනවනේ... ඉතින් එයාට 100%ක්ම කොරෝනාද?