කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළදාම අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දැමීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කොට ඇත .
අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළදාම පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා වෙළඳ සංගමයේ විශේෂ රැස්වීමක් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නාඩි වෙළදාමෙන් වෙළඳපළට හොඳක් සිදුවන බව ඇතැමෙක් පැවසුහ. එය විනාශකාරී දෙයක් බව මාධ්‍ය හුවා දක්වා ඇති බව පැවසුහ .
වෙළද සංගමයේ සභාපති යු .ආර්. දයානන්දසිරි මහතා ඇතුළු බහුතර වෙළෙඳුන් කිවේ මෙය නැවත ක්‍රියාත්මක නොවිය යුතු බවය .
එහෙත් නාඩි වෙළදාමේ නියුතු පිරිස පැවසුවේ 150 ක් පමණ පිරිසක් මේ වෙළදාමෙන් ජිවත්වන බවයි. මෙම වෙළදාම නිසා එළවළු ගොවියාට වැඩි මිලක් ලැබෙන බව ඔවුහු කීහ. එහෙත් ගොවීන් සහ එළවළු මිලදී ගැනීමට එන පිරිස් කීවේ නාඩි වෙළදාම නවතා දැමීය යුතු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැරෙව් කාරයින්ගෙන් කොහොමද මිනිසුන්ට හොඳක් වෙන්නේ. රජයෙන් පාලන මිලක් දුන්නම හරි ගොවියොත් රැකෙනවා වෙලන්දුන්ටත් හොඳයි බදු ගන්න අපිටත් හොඳයි (අ)
පාසල් නිල ඇඳුම් වවුචර, තීරු බදු රහිත වාහන බලපත් ආදියෙන් අරමුණු කරන්නෙත් මේ අතරමැදි සූරාකෑම වැළැක්වීමම තමයි (නි)
බැලූ බැල්මට නාඩි වෙළඳාම වැරදියි කියලා පෙනෙනවා. එය නැවැත්විය යුතුයි. නමුත් රුවන් බොරදියේ මාලු බාන්න හදන්න එපා. ඔයා කපාගන්නෙ ඔයාගෙම වළ. (නි)
හොඳ දෙයක්. අතරමැදි පිරිස කොහොමත් නිකන් ඉඳලා ප්‍රතිලාභ ගැනීම අනුමත කළ නොහැකියි. එයාලත් කෙළින්ම දායකවෙන්න කියන්න එයාලගේ දරු පවුල් වෙනුවෙන් (නි)