IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දඹුල්ලේ නාඩි කැඩේ

කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළදාම අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දැමීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කොට ඇත .

අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළදාම පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා වෙළඳ සංගමයේ විශේෂ රැස්වීමක්  මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ගාමිණි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

නාඩි වෙළදාමෙන් වෙළඳපළට හොඳක් සිදුවන බව ඇතැමෙක් පැවසුහ. එය විනාශකාරී දෙයක් බව මාධ්‍ය හුවා දක්වා ඇති බව පැවසුහ .

වෙළද සංගමයේ සභාපති යු .ආර්. දයානන්දසිරි මහතා ඇතුළු බහුතර වෙළෙඳුන් කිවේ මෙය නැවත ක්‍රියාත්මක නොවිය යුතු බවය .

එහෙත් නාඩි වෙළදාමේ නියුතු පිරිස පැවසුවේ 150 ක් පමණ පිරිසක් මේ වෙළදාමෙන් ජිවත්වන බවයි. මෙම වෙළදාම නිසා එළවළු ගොවියාට වැඩි මිලක් ලැබෙන බව ඔවුහු කීහ. එහෙත් ගොවීන්  සහ එළවළු මිලදී ගැනීමට එන පිරිස් කීවේ  නාඩි  වෙළදාම නවතා  දැමීය යුතු බවයි.

dabulla_151218(1) dabulla_151218(2) dabulla_151218



අදහස් (0)

දඹුල්ලේ නාඩි කැඩේ

සේපාල Friday, 18 December 2015 10:31 AM

තැරෙව් කාරයින්ගෙන් කොහොමද මිනිසුන්ට හොඳක් වෙන්නේ. රජයෙන් පාලන මිලක් දුන්නම හරි ගොවියොත් රැකෙනවා වෙලන්දුන්ටත් හොඳයි බදු ගන්න අපිටත් හොඳයි (අ)

:       0       0

රුවන් Saturday, 19 December 2015 02:05 AM

පාසල් නිල ඇඳුම් වවුචර, තීරු බදු රහිත වාහන බලපත් ආදියෙන් අරමුණු කරන්නෙත් මේ අතරමැදි සූරාකෑම වැළැක්වීමම තමයි (නි)

:       0       0

ජයරත්න Saturday, 19 December 2015 05:29 AM

බැලූ බැල්මට නාඩි වෙළඳාම වැරදියි කියලා පෙනෙනවා. එය නැවැත්විය යුතුයි. නමුත් රුවන් බොරදියේ මාලු බාන්න හදන්න එපා. ඔයා කපාගන්නෙ ඔයාගෙම වළ. (නි)

:       0       0

මහානාම - කඳාන Friday, 18 December 2015 02:11 PM

හොඳ දෙයක්. අතරමැදි පිරිස කොහොමත් නිකන් ඉඳලා ප්‍රතිලාභ ගැනීම අනුමත කළ නොහැකියි. එයාලත් කෙළින්ම දායකවෙන්න කියන්න එයාලගේ දරු පවුල් වෙනුවෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site