මැතිවරණ නීති උල්ලංගනය කරමින් නාමයෝජනා භාරදීමෙන් පසු මාතලේ සිට රථ පෙළපාලියකින් පැමිණි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ දඹුල්ල එ ජා ප ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා දඹුල්ල නගරයේදී පිළිගැනිම සිදුවිණි .
නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව වටේ රතිඤ්ඤා පුපුරවා හැරි අතර ජනක බණ්ඩාර පාර්ශවය එක තැන සිට සටන් පාඨ කියන්නට විය .
එජාප කණ්ඩායම වාහන ගමනාගමනයට බාධා වන අයුරින් නගරයේ පෙළපාලි ගිය අතර ඇතැම් පිරිස් රජයේ වාහනද මේ අවස්ථාවට යොදවාගෙන තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකන්නි පරිසර දුෂකයන්. බලපල්ලා කඩදාසි වලින් පිරි පරිසරය. මේවා කර කර සුද්දට බැනපල්ලා. අපි තවම ලෝකෙට නය වෙවී හිඟන ජාතියක් බවට 1948 ඉඳලම පත් උනේ මේ නිසා (නදී)
ඇයි දෙයියනේ මැකෝ මොකද කරන්නේ. කරන්න බැයිනම් කියන්න එපා.. (ර)
මම හිතුවා යහපාලනය එදා කියූ පරිදි මින්පසු ඡන්දයකදී අයහපත් දෙයක් දැකීම කළුනික දකිනවාටත් වඩා අමාරු වේවි කියලා. නමුත් පුදනකොටම කාපි යකා වගේ වැඩේ වෙනවා නේද? (නි)
මේක කරුමයක්. මේ අයට විරුද්දව පියවර ගන්නේ නැද්ද ? (නදී)
මනාප ජන්ද ක්‍රමය නැති කලත් මේ දේශපාලන තත්ත්වය නැති කරන්න බැහැ (ම)
විසදුම ජනතා විමුක්ති පෙරමුණ (ම)
මේ වගේ අමන මිනිසුන් ඉන්නරටක මොන ව්‍යවස්ථා සංශෝධන ගෙනාවත් රටට සෙතක් නැත පේනවනේ ජනතාවට සේවය කරන්න පොරකන විදිහ . මෙයා නේද පහුගිය කාලේ ඇඩුවේ ? (බ)