පසුගිය ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරලගංවිල ඡන්ද කාර්යාල දෙකකට වෙඩි තබා පිරිසකටද තුවාල කර දේපල හානි කළැයි සැකපිට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් තාරක හීනටිගල මහතා නියෝග කළේය.
පොලිසියට බාරවූ තවත් සිව් දෙනෙක්ටද එසේ ඇප නියම විය. ඔවුන්ට බදාදා (16) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමටද නියෝග කැරිණි. ඒ අතර හිමිනමක් ද වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මීට පොලිසිය බාරවිය.
පසුගිය ජනවාරි 3 වැනිදා මෙම සිද්ධිය ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd