දිඹුලාගල කුඩා වැව වෙල්යායට 2012 වර්ෂයේදී පතිතවූ උල්කාපාත කොටස් පිළිබඳව රුසියාවේදී කළ නවතම පරීක්ෂණ මගින් කෙරුණු අනාවරණ හරහා ශ්‍රී ලංකාව කෙරෙහි ලොව පුරා විද්‍යාඥයින්ගේ අවධානය යොමුව ඇතැයි නාසා අයතනයේ සිටි කීර්තිමත් මහාචාර්යවරයකු වූ රිචඩ් බිං හූවර් පවසා ඇතැයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
පොළොන්නරුව දිඹුලාගල උල්කාපාතය තුළ වූ ‘ඩයටම‘ ජීවී කොටස් වෙන්කොට ගෙන එම ඩයටම තුළ අන්තර්ගතවූ විකිරණශීලීත්ව පරමාණු පිළිබඳව කරන ලද හැදෑරීමේදී එහි යුරේනියම්, තෝරියම්, ටයිටේනියම් වැනි විරල ලෝහ හඳුනාගැනීමට හැකිවී ඇතැයි කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
මීට පෙර රුසියා ජාතික එලේනා පිකුටා, මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ, මහාචාර්ය රිචඩ් බිං හූවර් සම තමන්ද පොළොන්නරුව උල්කාපාත පිළිබඳ කළ පරීක්ෂණවලින් එහි නිර්වායු ස්වසනය කරන නවතම බැක්ටීරියා ප්‍රභේද දෙකක් හඳුනාගැනීමට හැකිවූ බවද වික්‍රමරත්න මහතා කීය.
තවද නව පරීක්ෂණවලින් මේවා තුළ පොසිලගතවූ සුන්‍යෂ්ටික ජීවී ප්‍රභේදයක්ද හඳුනාගෙන ඇතැයි ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිඹුලාගල උල්කාව විද්‍යා නිධානයක්
Suresh Kumara Sunday, 05 December 2021 08:53 AM
මම ගාවත් තියෙනවා.. අපේ වත්තේ තිබිලා හම්බ වුණේ..