දිඹුලාගල දළුකාන ආදිවාසීහු දින දෙකක් කොළමඩුව නටා ගමේ අපල උපද්‍රව දුරු කිරීම සඳහා දෙවියන්ට පුද පූජා කළහ.
දළුකාන ආදිවාසී නායක හාතියැල ඇත්තන්ගේ අමරසිංහ කොළමඩුව ශාන්ති කර්මයේ ප්‍රධානියා විය.
ගස්, ගල්, ගිරු, සඳු, ජලය හා භූමිය දේවත්වයෙන් සැළකූ ආදිවාසීන් ස්වභාව ධර්මයට ගරු කිරීම සඳහා කොළමඩුව නටන බවත්, ඊතලවලින් කිරි ගස්වලට විද භාරහාර ඔප්පු කරන බවත් අමරසිංහ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ ජීවිත හරි සැහැල්ලුවගේ මට නම් පෙන්නේ, පුරුදු පරිසරය, සිරිත්, විරිත් වෙනස් උනොත් ජීවත්වෙන්න අමාරු වේවි.(නදී)
කොහොම හරි සෙතක් ශාන්තියක් වනවා නම් හොදයි මේ ලංකාවට.(නදී)
කොහොමද මෙයලටත් නයිට් රේස් , කැසිනෝ එහෙම ලාවට පුරුදු කරලා ගත්තා නම්... (නි)
මහා දෙවියාම බිල්ලට කැපවීමෙන් විශ්වය බිහිවූ නිසා ස්වභාව ධර්මය දේවත්වයෙන් සැලකීම උතුම් චින්තනයක් උවත් මිනිසාත් එහි නිරායාසයෙන්ම කොටස්කරුවකු වන වග නොසලකා හැරීම අඩුපාඩුවක්. දේවත්වයට ඔබින චින්තනයක් ඊට ඔබින ජීවන හැසිරීම් රටාවක් හා සංකලනයෙනුයි විශ්වය ඉදිරියට ගලා යන පදනම හෙවත් ස්වභාවික වරණය සැකසෙන්නේ.(නදී)
ආදී වාසීහු අද දක්වාම කොලමඩු, ගම්මඩු, නටා පුද පුජාවන් පවත්වා ආරක්ෂක දෙවි දේවතාවුන්ට කන්නලව් කලේ ලෙඩ රෝග දුරුකර,බත බුලත වගාවන් සතා,සර්පයාගෙන් පවා ආරක්ෂා කරගන්නයි .ගැමියන්ගේ අසරණ භාවයම ඔප්පු වෙනවා ඡයාරූප වලින් ,දුක් ගැනවිලි දෙවියන්ට මිස කාට කියන්නද කියලා.(නදී)
දෙවියෝ පිහිට වෙනවද නොවෙනවද කියන දේ කියන්න නොතේරුණත් සංස්කෘතික අංගයක් වශයෙන් මේ පිළිවෙත් තවමත් ආරක්ෂා වී තිබීම අගය කල යුතුය..
අපේ වටිනා සංස්කෘතික අංග ආරක්ෂා කරන මේ අහිංසක, අසරණ ආදී වාසි ප්‍රජාවට සියලු දෙවියන්ගේ ඇල්ම සහ බැල්ම නොඅඩුව ලැබේවා.(නදී)