දේශිය ලොකු ලුනු කිලෝවක් සඳහා රු 100 ක සහතික මිලක් ලබාදෙන්නැයි දඹුල්ල හා අවට ගොවින් දින දෙකක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතා වක් පැවැත්වුහ.
මේ දිනවල දඹුල්ල ආර්ථීක මධයස්ථානයේ දේශිය ලුනු කිලෝව රුපියල් 45 සිට රුපියල් 76 දක්වා අලෙවි වෙයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම විරෝධතාවය සංවිධානය කළේය. දඹුල්ල ගම්වුදාව පිටියට රැස්වූ ගොවින් විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් පාගමනින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දක්වා පැමිණියහ. ගොවිහු නුවර යාපනය ඒ 9 මාර්ගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටින් අවහිර කැර පැයකින් පමණ විසිර ගියහ.
![DSC09037[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC090371.png)
![DSC09046[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC090461.png)
![DSC09019[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC090191.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුනු 100 ට කන්න? ඔයාලම කන්න අපිට ඕනෑ නැහැ! (නි)
ඉතිහාසයේ කිසි දිනෙක රුපියල් සීයක් ලැබුනේ නැහැ ලූනු කිලෝවකට. රුපියල් 75 හෝ 80 යනු ඉතා හොඳ මිලක් (නි)
මෙයාල මිල වැඩිකරන්න කියල විරෝධ පානවා. දුප්පත් මහජනයා කාටද කියන්නේ???? සමතුලිත තාවයක් ඇති විය යුතුයි. මේ අය වැරදිය කියා අපි කියන්නේ නැහැ. දෙපැත්තටම සාධාරණයක් ඉටුවෙන්න ඕනනේ.(රේ)