දඹුල්ලේ මුස්ලිම් පල්ලිය මුල් කරගෙන රටේ ප්‍රශ්න ඇති නොකරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව දඹුල්ල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය ඉල්ලීමක් කරයි. දමුල්ලේ සිංහල හා මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන බවත් සියලු දෙනාම රට ගැන සිතා ක්‍රියා කළ යුතු බවත් භාරකාර මණ්ඩල සභික නීතීඥ බුහාර් ඩීන් අමානුල්ලා මහතා පවසයි. විවිධ අය මේ සිද්ධිය ගැන නොයෙකුත් ප්‍රකාශ කරන බවත්, කළ යුතු එකම දේ හෙට පල්ලියට ගොස් යාඥා කර සාමකාමීව විසිර යාම බවත් ඔහු අවධාරණය කරයි. ‘කිසිම කලබලයක් කරන්න එපා. මේ ප්‍රශ්නය ඇතිවූ දවසේ සිටම දඹුල්ලේ සිංහල මුස්ලිම් සමගිය ඉතාම හොඳින් පවතිනවා. ‘ භාරකාර මණ්ඩලයේ එස් වයි මොහොමඩ් අජ්ජුවාඩ් මහතා පැවසූයේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවයි. ‘රාජ්‍ය නොවන සංවිධාන හා ඇතැම් දේශපාලනඥයන් මේ ප්‍රශ්නය අල්ලාගෙන විවිධ ප්‍රකාශ කරනවා. කරුනාකර එය නවත්වන්න. දඹුල්ලේ අපි සාමයෙන් සහජීවනයෙන් සිටින හැටි බලන්න. අපි නීති ගරුකයි. ජනපතිතුමා අපට සාධාරණ විසඳුමක් දේවි. යුද්ධයක් ඇති කරන තැනට මේ සිද්ධිය තල්ලු කරන්න එපා.‘
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කරන වැඩ වලින් නැති ප්‍රශ්න ඇති වෙනවානේද? මීට වඩා රටේ දැවෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කලොත් හොඳ නැද්ද ?
අන්න ඒ වගේ ඉමු. අපිත් කැමතියි
අපි අවුරුදු 30ක් යුද්දයකින් බැට කෑවා.නැවත එවැනි දෙයක් වුණොත් ඒකේ ප්‍රතිඵල විදින්න වෙන්නේ අපිට නෙමෙයි.අපේ දරුවන්ට.ඒ නිසා මේ කරන දේවල් ගැන දෙවරක් සිතිය යුතුයි.
ලංකාවේ අද ලක්ෂ ගණන් සිංහල පවුල් කොච්චර බැන්නත් ඔය සෞදි , ඩුබායි,කටාර් ඇතුළු බොහෝ මුස්ලිම් රට වලට ගිහින් සල්ලි හම්බ කරනවා. ඉස්සර රජ කාලේ ඉදන්ම මුස්ලිම් ජනතාව සිංහල ජාතියත් සමග තමයි හිටියේ.හොදම දේ ජිනිව වල ලංකාවට සහාය පල කලේ කව්ද ඔක්කොම මුස්ලිම් රටවල්. අප රට ලෝකයා ඉදිරියේ දණ ගස්වන්නට මාන බලන මේ ලෝකයේ අපේ හැසිරීම ඔවුන්ට තවත් රුකුලක් වෙයි. අපි අපෙන් පසුව එන තුන්වන පරම්පරාවට මේ හැසිරීම වැරදි ආදර්ශයක් වේ.මෙවැනි ආදර්ශ නිසා ලංකා ජාතියේ අනාගතය අදුරු විය හැක. ලංකිකයිනි අපි සැවොම මේ ලක් දෙරණේ අපේ හුස්ම පොද මුදා හරින තුරු වැඩු මවටත් වැඩුනු රටටත් හැදුනු ජාතියටත් වරදක් නොකර සිටිමු .
ඒ කියනේ මේ අයට යුද්ඩ කරන්ඩත් අදහසක් තියෙනව කියන එකද?
පූජකතුමනි, ඔබගේ ප්‍රකාශය ඉතාමත් වටිනවා
සිරාජ් රජ කාලේ මුස්ලිම් ජනතාව හිටියේ කොයි ලංකාවේද?
මේ සිද්ධිය බැලුවම අපට පෙනෙන්න තියෙන වැදගත්ම දේ තමයි සිංහල බෞද්ධ අය තමන් වෙනුවෙන් කතා කලොත් එක ජාතිවාදී ක්‍රියාවක් විදියට හංවඩු ගැහීම... දැන් මේ නිකුත් කරපු ප්‍රකාශයේ කොතනකවත් මුස්ලිම් අය මේ පල්ලිය හැදීම නැවත්වීමට විරුද්දව කරන උද්ගෝෂණ ප්‍රකාශ හෙලා දැකල නැනේ... එත් ඒගොල්ලෝ නිදොස් වෙලා නිකන්ම.... හොඳට බලන්න.. සිංහල අය එහෙම ප්‍රකාශයක් නිකුත් කලොත්, උද්ගෝෂණය කලොත් එක හෙළා දකින්න ඉදිරිපත්වෙන්නේ සිංහල දේශපලුවෙක්, නැත්තන් කඩේ යන හාමුදුරු නමක්.දැන් මුස්ලිම් දේශපාලකයෝ ඔක්කොම එකට එකතු වෙලා මේකට විරුද්දව කතා කරනවා.. එත් එක සිංහල බෞද්ධ දේශපාලකයෙක් තම ප්‍රකාශයක් නිකුත් කළාද නැනේ... දැන් මුස්ලිම් අය කියන දේ බලන්න.. ජිනිව වලදී ලංකාවට උදවු කරපු එක පෙන්නනවා මුස්ලිම් රටවල්.. අපි තේ යවන එක පෙන්නවා ඒ රටවල් වලට. අපේ අය ශ්‍රමිකයන් විදියට යන එක පෙන්වනවා .... එතකොට ඒ ගොල්ලෝ ඒවා කරලා තියෙන්නේ හිත යටින් තව එකක් තියා ගෙන.. අනික.. අපි මේක දකින්න ඕනේ එක ප්‍රශ්නයේ කෑලි දෙකක විදිහට නෙවෙයි... අපි රාජ්‍යතාන්ත්‍රිකව තව රටවල් එක්ක කරන ගනු දෙනු පෙන්නලා අපේ රටේ ඉන්න මුස්ලිම් අය අපේ රටට අභියෝග කරනවා කියන්නේ..... ඒ අය ඉන්නේ අපේ රටත් එක්ක නෙවෙයි කියන එක... මන් කියන්නේ හැමෝම මේ රටේ ජීවත් වෙන්න ඕනේ.. එත් සිංහල ජාතියට කෙනෙහිලිකම් කරලා එකට විරුද්දව කතා කරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිංහලයෝ කතා කරන එක ජාතිවාදය විදියටත්.. සුළු ජාතීන්ට වෙන අසාධාරනකම් වලදී කතා කරන එක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියලත් අර්ථ දක්වන එක දෙබිඩි පිළිවෙතක් කියලයි මට නම් හිතෙන්නේ...
ඇත්තටම ඉතාමත් ආදර්ශමත් කතාවක්. මේ අවස්ථාවේ බොර දියේ මාළු බාන්න සිංහල සහ මුස්ලිම් අන්තවාදීන් නොයෙක් උත්සාහ දරනවා, අපි සැවොම හැම අම්ම කෙනෙක්ම එක හා සමානයි කියල හිතනවානම් මේ ලෝකය කොච්චර ලස්සනද