දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා අද (07) දඹුල්ල මහ නගර සභා රැස්වීමට පැමිණි මාධ්‍යවේදින් එළියට දැමීය.ඔවුන් නිවැරදි වාර්තා ඉදිරිපත් නොකරතියි කියමින් එළියට යන්නැයි රැස්විමේදී නිවේදනය කළේය.
එසේ කළේ තමාගේ බලතල අනුව යැයි ද පුරපති කීවේය.රැස්වීම වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීහු එළියට ගියහ.ඔහු සමඟ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න,නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ,විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් ද ඔවුන් සමඟ එළියට බැස්සාහ.
රැස්වීම පටන්ගෙන මිනිත්තු අටකින් පුරපති කළ නිවේදනය තොරතුරු දැන ගැනීමේ අයිතිය පැහැර ගැනීමක් බවත් මහජනයාගේ මුදලින් යැපෙන නගර සභාවේ කටයුතු ද දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇති බවත් එම අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීන් දොරට දැමීම අනුමත කළ නොහැකි බවත් ඔවුහු කීහ.
මෙම නගර සභාවේ පාලනය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුගේ සාර්ථකත්වය රැදිලා තියෙන්නේ ඒ සදහා තමන්ට අනුබල දෙන හා තමන්ව විවේචනය කරන පිරිසක් සමග කටයුතු කිරීමෙන් පමණයි.නැතුව එකාදිපතිත්වයක් තුල තමන්ගේ පැවැත්ම කෙටියි කියලයි මගෙනම් හැගීම.මහජනතාවට තොරතුරු සපයන මාධ්‍යට වසන් කරන්න හදන්නේ තමන්ගේ පැවැත්මේ හීනතාවය මිසක් සාර්ථක භාවය නෙමෙයි.(අ)
මාධ්‍යවේදීන්ට සැළකූ ආකාරය නම් අනුමත කරන්න බැහැ (නි)
මාධ්‍යවේදීන්ගේ අගයක් නොදන්නා අය ඉතින් ඔහොම තමයි කතාකරන්නේ (නි)
එක ඉතින් පුදුම වෙන්න දෙයක් නම් නෙවෙයි මොකද රටේ පවතින්නේ ඒකාධිපති පාලනයක් බව දන්නේ නැද්ද.(හේ)
සමහරු කැමති වේවි මේක මාධ්‍ය කරුවන් කියල කොට්ටාශයක් නැතිම රටක් වුණා නම්. (බ)
මම නම් කියන්නේ මාධ්‍යවේදීන්ටත් එකතුවෙලා පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. මේ අය රිබන් කපන්න, තොරණ් විවෘත කරන්න යනකොට ඒ උත්සව වර්ජනය කළා නම් හරි. කියනකොට එන්නයි එළවනකොට යන්නයි නෙමෙයි මාධ්‍යවේදීන් ඉන්නේ (නි)
මාධ්‍යවේදීන් නැත්නම් අද අපිට කිසිම සත්‍යය තොරතුරක් දැනගන්න ලැබෙන්නේ නැහැ (නි)
මාධ්‍යවේදීන්ට මෙහෙම සළකන ආකාරය කෙසේවත් අනුමත කරන්න බැහැ (නි)
නිවැරදි වාර්තා ඉදිරිපත් නොකරනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන වලට පැමිණිලි කරන්න පුලුවන්නේ ඉතින් (නි)
අනේ මෙහෙම ලංකාවක්. අනේ මෙහෙම පුරපතිවරු. මිනිසුනි ලැබේද අපිට සැනසීමක් (නදී)
ඕක සාමානය දෙයක් තව උනේ නැහැ. තව මාස කිහිපයකින් සියල්ල සිදු වී හමාරයි. අපි නටමු, ගී කියමු (නදී)
මාධ්‍යවේදින්ද මෙයාද එලියට යන්නේ කියලා ඡන්දෙදි දඹුලු ජනතාව තීරණය කරාවි. හැබැයි මෙයාගේ වාහන කියක් තියනවද කියලා හොයන්න එපා. බොරළු වලවල් ,කොන්තරාත් එහෙම කොහොමටවත් සොයන්න එපා. ආ අමතක උනා ඉඩ කඩම් (නදී)
මෙවැනි අයට මහජන නියෝජිතයන් කියා පැවසිය හැකිද? (නි)