ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ලොකු ලුනු ගෙන්වා ඇතැයි කියමින් දඹුලු ලොකු ලූනූ ගොවියෝ හිටි ගමන් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ උද්ඝෝෂණක් ඇරැඹුහ.
තම ලොකු ලුනු තොග පාරට හලමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නියැලී සිටිති. ලොකු ලුනු කිලෝව තොග ගණණේ රුපියල් 40 ටවත් විකුණා ගත නොහැකි බව ගොවීහු කියති.
කිලෝව සිල්ලර මිල රුපියල් 90-95 කි. ගොවියෝ තම ලුනු ලොරි වලින් හා ට්‍රැක්ටර වලින් බිමට දමා පාරේ අතුරමින් සිටිති.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුලු ගොවියෝ මහ පාරට ලුනු දමති
සුනෙත් Sunday, 23 November 2014 11:17 AM
ඇසළ, මෛත්‍රී මහත්තය රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනපුවහම පාරිබෝගික අපිට කිලෝ එක ගන්න වෙන්නේ 300 ටද? (නදී)
දර්ශණ Sunday, 23 November 2014 05:57 AM
පුලුවන්නම් මහින්ද රාජපක්ෂව අාපහු ජනාදිපති කරන්න. මොකද කිසිම ඇමති කෙනෙකුට බැහැ එයාලට ඕනේ විදිහට වැඩ කරන්න. ඇමති වරු කියන්නේ නිකම් පඹයෝ විතරයි (නදී)
අශෝක රළපනාව Sunday, 23 November 2014 06:26 AM
අනේ දෙවියනේ ගොවි පුතාව රජ කරවලා දෙන්න (නදී)
සිතුම් Sunday, 23 November 2014 06:43 AM
අපේ මෛත්‍රී මහත්තයා ගොවි මහතෙක්ගේ පුතෙක්. හැමෝම ඔහුව බලයට පත් කරන්න (නදී)
ඉන්දු අම්බලන්ගොඩ Monday, 24 November 2014 04:56 PM
තොග මිල රුපියල් 40 වඩා අඩුයි. කිලෝවක සිල්ලර මිල රුපියල් 90-95යි. අතරමැදියාගෙ සාධාරණකම පෙනෙනවා නේද? අහිංසක ගොවියාට සහ පාරිභෝගිකයාට අත්වන ඉරණම තේරුම් ගන්න. (නි)
ඉසුරන්දි දෝහා Sunday, 23 November 2014 06:57 AM
දැන් මහින්ද මහත්තයත් දෙපාරක්ම බලේ හිටියනේ. සිරිසේන මහත්තයටත් දීල බලන්න වෙනසකටත් එක්ක. (නදී)
සමන් පැරිස් Sunday, 23 November 2014 06:57 AM
දේශපාලකයින්ගේ උප්පරවැට්ටියක් මේක. මම දන්නවා දඹුල්ලේ ගොවියන්ගේ තරම දඹුල්ලේ හිටපු කෙනෙක් හැටියට. (නදී)
ඇසළ Sunday, 23 November 2014 07:00 AM
අපේ මෛත්‍රී මහත්තයා රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න.(නදී)
සමන් පැරිස් Sunday, 23 November 2014 08:36 AM
"අපේ මෛත්‍රී මහත්තයා රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න" අනේ එහෙනම් මෛත්‍රී මහත්තයා රජවෙන්න එපා. අපේ ගෙවල්වල ඉන්න අයට ළුණු ටිකක් තෙල් දාගෙන වේලක් පිරිමහගන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. (නදී)