කෑමට නුසුදුසු නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කියට දමන ලොකු ලූනු සෝදා පදවිය වැනි පළාත්වලට යවන සිද්ධියක් සොයා ගැනීමට දඹුල්ල මහ නගර සභා විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා අද සමත් විය.
ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමයේ ඔත්තුවක් අනුව එහි ගිය විපක්ෂ නායක වැඩේ අතටම අල්ලාගෙන නගර සභා සෞඛ්‍ය පරීක්ෂක ජී.අත්තනායක මහතා කැඳවීය. ලොරියකට පටවා තිබූ කුණු ලූනු යළි කුණු බක්කියට දමන ලෙස ඔහු ලොරියේ සිටි අයට දන්වා කිසිම රාජකාරියක් නොකර පිටවී යන්නට ගියේය. එහි පැමිණි එසැණ මාධ්‍යවේදියා ඔහුගෙන් ඒ බව ප්‍රශ්න කළේය. සෞඛ්‍ය පරීක්ෂක පැවසූයේ වෙනත් රාජකාරියකට යායුතු හෙයින් එසේ කී බවයි. පසුව ඔහු දුරකථනයෙන් සඳහන් කළේ එම පිරිසට නඩු පවරන බවයි. කරන දෙයක් තමා බේරා කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කිවලට දමන කුණු ලූනු ආදිය රැගෙන යන පිරිස් ගැන මීට පෙරද බලධරයන්ට පැමිණිලි කළ නමුත් වැඩක් නොවූ බව කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ලොකු වැඩක් නෙමේ අාස්චර්යට යන ගමනට සහයෝගය දීමක් හැටියට කුණු ටිකකුත් අපි හැමෝටම කන්ඩ වෙනවා. (නදී)
අනේ ඔය අධිවේගී පාරට දාල කෙලින්ම අර දියවන්නා හෝටලේ ගාව බස්සවන්නකෝ. එහෙ තමා ජරාව කන්න කැමති අය ඉන්නේ. (නදී)
කවුද මේ අරන් යන මිනිස්සු ? පරීක්ෂක එයාලට බය ඇයි ? එයාව ගෙදර යවන්නයි ඕනේ ඉස්සෙල්ලම. මිනිස්සු වකුගඩු රෝගීන් වෙන්නේ මේකයි (නදී)
කුණු ඉන්ස්පැක්ටර් කියන නම හරියටම ගැලපෙනවා. (නදී)
අපි කන තරමක් කන්නේ කුණු කරන තරමක් කරන්නේ බලු වැඩ. මේ රට මෙතනින් ගොඩ ගන්න පුළුවන් කවදාද කාටද ? (නදී)
ගොවියා දුක් මහන්සිවී මේවා නිපදවන්නේ කුණුගොඩට දමන්න නොවේ. (නි)
මේ ඉන්ස්පෙක්ටර් ඉස්සර වෙලා කුනු ගොඩට දාන්න ඕනා. (නදී)
වැඩේ අයිතිකාරයා "කුනු පරීක්ෂකම" වෙන්න ඇති. (නදී)
අසරණ මිනිස්සු කන බොන දෙයට මෙහෙම අපරාධ කරන අයට හොදක් වෙන්නේ නැහැ. මොකද මේවා පොලවල් වලින් ගන්නේ ධනවතුන් නෙමෙයි. ආන්ඩුවෙ පඩි ගන්න වේල යන්තම් පිරිමහ ගන්න දුක් විදින අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අපි මේවා සල්ලි වලට අරන් ගිහින් දරුවන්ට උයලා කන්න දෙන්නේ හොදයි කියලා හිතලා. (නදී)
පසුගිය දවසක දේශපාලකයෙක් ප්‍රසිද්ධියේ කිව්වානේ මාද්‍ය කුණු අවුස්සනවයි කියලා. ඔව් කුණු අවුස්සනවා තමයි. එහෙම නැත්නම් මෙවැනි ක්‍රියා රටට හෙළි වෙන්නේ නැහැ. මේ පිලිබදව,අපේ ලංකාදීප මාද්‍ය සොහොයුරාට, අපේ ප්‍රණාමය. (නදී)
දෙන්න පුළුවන් උපරිම දඩුවම් මෙයට සම්බන්ධ හැමෝටම දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සල්ලි දීලා බඩු ගන්න මිනිස්සුන්ට ජරාව කවන්න කාටවත් මොනම හේතුවක් නිසාවත් අවසර නැහැ. කවුද කැමති අතේ තියෙන පිච්චිය දීලා ජරාව ගෙනත් කන්න. දරුවන්ට දෙන්න. මෙය අල්ලා දුන් අයට ස්තුතියි. කරපු අයට නිසි දඩුවම් නොපමාව ලබා දෙන්න. නැත්නම් රට හදන්න බැහැ මින් ඉදිරියටත්. (නදී)
රාජකාරියකට නෙමේ "ජරා කාරියකටයි" හදිසියේම යන්න ඇත්තේ. (නදී)
අනුන් ගැන හිතක් පපුවක් නැති මිනිස්සු. තමන්ගෙ අතට කියක් හරි එනවා නම් අනික් මිනිස්සුන්ට වහ හරි කවයි. මේවාට ඇති නිති තදින් ක්‍රියාත්මක කරන්න. නැවත මෙවැනි දේ රටේ ඇති නොවෙන්න. කවුද කැමති කුනු වෙච්ච දහ ජරාව කන්න? (නදී)
රංගන මහත්තයාගේ කතාව ඇත්ත. නීතියක් නැති රටේ අපි වගේ දුප්පත් මිනිස්සු කොච්චර අසරණ වෙලාද? (නදී)
වැඩ තහනම් කරන්න ඉක්මනින්. ඔය වගේ මිනිස්සු හිටියොත් මුළු රටම ලෙඩ වලින් පීඩාවිඳිනවා (නි)
මේවාට මතක හිටින , අනික් අයටත් ආදර්ශයක් වෙන දඩුවම් ලබා දෙන්න". සමාජයට කුණූ වෙච්ච, නරක් වෙච්ච දේවල් කැවීම බරපතල වරදක්. අනික නිකං දෙනවත් නෙමෙයි. මිනිස්සු සල්ලිත් දීලයි මේ කුනු කන්න ගෙනියන්නේ. (නදී)
මේවා මොනවාද ඉස්සර නුවර මාර්කට් එකේ කුණු ගොහාගොඩ කුණු ගොඩට දැම්මට පස්සේ හවසට කුණු ගොඩෙන් ගත්තු එළවලු කටුගස්තොට පාලම ලග වික්කේ (නදී)
මේවා මෙහෙම කරගෙන යන්න දෙන්න එපා. එහෙම උනොත් ලංකාව හැමදාම ඔතනම තමා. මේවාට තද නිති ගේන්න. හරියට ක්‍රියාත්මක කරන්න. පිට රටක එහෙම ඔහොම දෙයක් කලා නම් ඒ මනුස්සයා සදහටම ඉවරයි. මොකද ගහන දඩය ගෙවලා ඉවර කරන්න බැහැ මේ ආත්මෙදි. ඒ නිසාම ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැහැ. (නදී)
මේවා කෙළවරක සිටම නිවැරදි කිරීමට පටන්ගත යුතුයි (නි)
මෙම කුණු වලලා දැමිය යුත්තේ දඹුල්ල මහනගර සභාවයි. අනිත් කාරණය ලුණු පිරිසිදුකර විකිණීමට ගෙන ඒම වෙළෙන්දන්ගේ වගකීමක්. (නදී)
හැම වැරැද්දම එකපාර හදන්න බැහැ. අල්ලා ගත්ත වැරැද්ද නිවරැදි කරන්න. මේවා නැවත මේ ලක් පොලොවේ සිදු නොවීමට වගබලා ගත යුතුයි. මෙය අතිශය බරපතල වැරැද්දක් මුළු සමාජයටම කළ. (නදී)
ලංකාදීප කාංචන කුමාර ආරියදාස මහතා කරන සේවය අපි අගය කරනවා. දෙන්න එපා හොරුන්ට ජරා වැඩ කරන්න. (නදී)
ඇයි නම් දාන්නේ නැත්තේ ? ඒකයි මේවා නවත්තන්න බැරි..මෙහෙම හංගන්නේ ලංකාවේ විතරයි ? (නදී)