දඹුලු ලොකු ලුණු ගොවීන්ගේ උද්ඝෝෂණය පැයකින් අවසන් විය. විධිමත් වැඩපිළිවෙලක් යටතේ ලොකු ලූණු කිලෝව රුපියල් 90 ගණනේ ගන්නා ලෙසට මහින්ද රාජපක්ෂ ජනපති තමාට උපදෙස් දුන්නැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මැද එහි ආ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොවීන්ට කීය. ඔහු එහි පැමිණීමට මඳ වේලාවකට පෙර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගොවි උද්ඝෝෂණය මැදින් ගමන් කළේ ගොවීනට ආචාර කරමිනි. ආර්ථික සංවරධන අමාත්‍යංශය හා වෙළෙඳ අමාත්‍යංශය හෙට සිට ලොකු ලුණු රුපියල් 90 ගණනේ මිලට ගන්නා බව ඇමැති තෙන්නකෝන් මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මිනිසුනේ ඉල්ලීම් දිනා ගන්න උද්ඝෝෂණ කරන්න හොඳම වෙලාව. විනාඩි ගණනින් විසඳුම්. (ස)
ඇමති තුමාට මොකද වුණේ රට ගිහිල්ලද?(හේ)
කළක් මේකේ සම්පුර්ණ වගකීම් බාරගන්න ඕනි වෙළද ඇමති !(හේ)
ඔය පැලැස්තර හරියන්නේ නැහැ. රජය ප්‍රතිපත්තියක් ඇතිව වැඩකළ යුතුයි. මොලේ ඇති අමතිලා ටිකක් පත්කරන්න. (හේ)
වෙළඳ ඇමතිට වෙන වැඩනේ. (ස)
කතිරයට තියෙන බලය කොහොමද කියතොත් ..කුණු ලුණු ප්‍රශ්න වලටත් රටේ විධායකය මැදිහත් වෙනවා...(හේ)
මට නිකන් දෙමල චිත්‍රපටයක් බලනවා වගේ.(හේ)
කට්ටිය කියන කතා ඇත්ත කියල මේකෙනුත් පේනව. ඕන ප්‍රශ්නයක් කුරුවල් වෙනකම් යන්න දීල, ඊට පස්සේ මැදිහත් වෙනවා විසදන්න. කොහෙද අදාල ඇමති තුමාට එතනෝල් ගැන හොයල බලන්න තියෙනවනේ. (අ)
මහින්ද චින්තන කියන්නේ උද්ගෝෂණ කරහම උත්තර සැපයීම ද? මේවා හොඳ කොන්ඩේ. බැදපු චීන්නුන්ට. ආර්ථික ප්‍රතිපත්තියක් නැතුව කොහොමද ආයෝජන දිරිමත් කරන්නේ. (අ)
ඡන්ද කාලේ නිසා ගොවියන්ට පොරොන්දුවක් හරි ලැබුනා නැතිනම් ගොවි නිෂ්පාදනවලින් බාගයක් කැලේටයි එළවලු මාෆියාවටය් යනවා, නිසි ආර්ථික කළමනාකරණයක් නැතිකම.(හේ)
ඇත්තටම අපේ ඇමතිවරුන් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තීරණ ගන්න දන්නේ නැද්ද? ශක්තියක් නැද්ද? අනේ මෙහෙම බලනකොට ඇමතිවරු මොකටද?අපේ රටට ජනාධිපතිවරයෙක් විතරක් හිටියහම මදිද? (ස)
කෝ අර සෝබන ජොන්ස්ටන් ඇමති මේ වගේවත් ප්‍රශනයක් විසදන්න බැරි බොරු බයිලා කාරයෝ එතුමා මහින්දට කඩේ යාමට නම අතිදක්ෂයෙක්. (ස)
මේ විකාර ජනාධිපති ක්‍රමය නැතිකරත යුතුයි. කියන එ්කට හොදම උදාහරණයක් මේක, ජනාධිපතිතුමාගේ කරුණාව නැතුව එළවලු ටිකක් හරි මිලට විකුනාගන්නවත් බැහැ, ඇමතිවරයා නිකන්ම නිකන් ජනාධිපතිවරයාගේ පණිවිඩ කාරයෙක්. මේ ක්‍රමය තිබුනොත් හෙට අනිද්දා රෑව්ල කපාගන්නත් ජනාධිපතිවරයාගෙන් අවසර ගන්න සිද්දවෙයි. (ස)
ඡන්ද ගුණ්ඩු කියන්නේ මේවට තමයි.
අඩන්නම ඕන කිරි එරෙන්න නේද? මොකද මේවා හිතල බලලා කලින් කරන්න බැරි ? අැමතිලට දැන් තද ආරක්ෂාවක් නොමැතිව ජනතාව අතරට එන්නත් බැරි තරමටම මේ අය ජනතාවට දැනෙන්න සේවය කරලා නේද? ඔහොමයන් ජයම වේවා!... කාටද? ජනා දනී . (ස)
රටට ගිය කලක් !! අපි වවමු රට නගමු බොරු සංකල්ප විතරයි.(හේ)
කෝ වෙළඳ ඇමති හැංගිලාද (හේ)
අර පාරවල් බෝක්කු ගානේ ගහන බෝර්ඩ් වලට වියදම් කරන සල්ලි වලින් දුප්පත් කී දෙනෙක්ට ගෙවල් හදල දෙන්න පුලුවන්ද? (ස)
ජනවාරි 8න් පස්සේ ගොවිමහතුන්ට හොද කළක් යනවා රටට ඔබින අපේ සහ ඔබේ ජන්ධිපති කෙනෙක් බිහිවෙනවා.(හේ)
හැම දේකටම ජනපති. ඇයි ඇමතිලා පොල් ගානවාද ? (ස)
දැන් ඉල්ලන දේවල් ඉක්මනින්ම ලබාදෙනවා. (ස)
ඔය දේවල් වලට දැන් ජනාධිපති ඇයි මැදිහත්වන්නේ, ඇමතිවරු ඉන්නවනේ, අපේ ඊ ටී එෆ් ඵක හොරා කන්න ගිහිල්ලා ඵ්ක වෙනුවෙන් සටන් කරලා අහින්සක කොල්ලො මැරුනා, වැලිවෙිරියේ බොන්න වතුර ඉල්ලලා ඵ්කට මිනිසුන්ට වෙඩි තියලා මැරැවා. ඵ්වා වෙන්න කලින් ජනාධිපති මැදිහත්උනාද? මිනීමැරුනට පස්සෙවත් මැදිහත්උනාද? නෑ. දැන් මේ ජනාධිපතිවරනේ ඵනකොට තමයි ඔය වගේ ඵ්වටත් මැදිහත් වෙන්නේ. මිනිස්සු ඵ්වට රැවටෙන්නේ නෑ. (ස)
රු 90 නෙමෙයි රු180 ගානේ වුනත් දැන් ගන්නවා ඡන්දේ ළඟයිනේ. මාස 6 කට කලින් ඔය උද්ඝෝෂණය තිබ්බානම් රු 90 ට ගන්නවා තියා ඔය පැත්ත පළාතෙවත් එන්නේ නෑ.(හේ)