සිවුරු දරාගෙන බුද්ධ ශාසනයේ භික්‍ෂුව යැයි සමාජයට හඟවමින් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ගෙන යන භූමිකාව වසර 2500ක් රැකගෙන එන ථේරවාදී සංඝ සමාජයට කැළලක් බවත්, වහා මෙවැන්නක් සංඝ සමාජයෙන් ඈත් කර විය යුතු බවත් පසුගියදා හෝමාගම උසාවී භූමියේදී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසති.
මෙම සිවුරු දරා ගත් අය නීතියේ ආධිපත්‍යයට, මුළු මහත් රාජ්‍ය සේවයට හා අගමැතිට, ජනාධිපතිට, හෑල්ලූ කරමින් කළ ආන්දෝලනය මුළු මහත් සමාජයම පිළිකුලෙන් හෙළා දැකිය යුතු බවද උන්වහන්සේ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ වැනි කෙනෙක්ගෙන් ලැබෙන උපදෙස් කව්රුත් පිළිගන්නේ නැහැ එහෙත් හාමුදුරුවන්නේ ඔබවහන්සේ කිසි දවසක ශාසනය වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යමක් කරලා තියේනම් කියන්න මේකෙන් අපේ ස්වාමීන් වහන්සේල කරපු ක්‍රියාව අනුමත කරනවා කියන්නේ නැහැ එහෙත් ඔබ වහන්සේ මෙවැන්නක් කියන්න කලින් හිතල බලන්න (බ)
අපේ හාමුදුරුවනේ, ඔය වගේ බුද්ධ ශාසනයට වින කරන ඇත්තන්ට ඇඟිල්ල දික්කරලා මදි. මඩු වලිගෙන්ම තලන්න ඕනා. (බ)
සිංහලය සහ බෞද්ධාගම එකට බැදිලා තියෙන්නේ. බෞද්ධාගම නැති වුණ තැන සිංහලය ද නොමැත. සිංහලය පෙන්න බුද්ධාගම නැති කරන්න යනවා. මේ වැඩ නිසා වෙන්නේ භික්ෂුවට තියන ගෞරවය නැති වෙන එක. හෝමාගම සිද්ධිය පිළිකුලින් හෙළා දකිනවා. මහේස්ත්‍රාත් තුමා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන බොහොම හොදයි (බ)
ඔබවහන්සේ හරියටම හරි. සිවුර දරාගෙන කළයුත්තේ කෙලෙසුන් දුරු කිරීමට ප්‍රතිපදා පිරීමයි (ම)
තමන් වහන්සේ මොනවද රටට කරල තියෙන්නේ..ගලබොඩ හාමුදුරුවෝ නම් ජාතිය ආගම ගැන හරි කතා කරනවා,, (බ)
අමිල හාමුදුරුවනේ ඔබ වහන්සේ කවුද කියන්න අපි දන්නවා (බ)
ඥානසාර හිමියන් සිරගතවුණේ මේ බේරාගත් රණවිරුවන් සිරගත කිරීම නිසා ඇතිවූ ආවේගය මත උසාවියේ විරෝධය පළකිරීම නිසාය. සිංහලයාට බොදු අයිතියට සිදුවෙන විනාශයට විරුද්ධව කතා කිරීම නිසාය. ඉතින් ලැජ්ජා වියයුත්තේ කවුද? (නි)
එතකොට ඔබ වහන්සේ සිවුරකුත් දාගෙන කොළඹ මැද්දේ ඒකාලයේ හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව නටපු හැටි සිල්වත් ක්‍රියාවක්ද. (බ)
හාමුදුරුවනේ, මම මොකුත් ලියන්න යන්නේ නැහැ. මොනවාහරි ලිවුවොත් අපිට පව් පිරෙනවා. (නි)
නිකන් බොරුවට කෑගහලා වැඩක් නැහැ මිනිසුනේ (නි)
අමිල හාමුදුරුවන්ගේ කතාවට සමහරුන්ට ගොඩක් රිදිලා. ඕකට තමා කියන්නේ ඇත්ත තිත්තයි කියා. (නි)
දඩබ්බර ගති භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ. (නි)
මේ ස්වාමීන් වහන්සේ රාජපක්ෂ රෙජීමය එලවා දැමීමට විශාල මෙහෙයක් කළා. එයට උන් වහන්සේට ස්තුතියි. ඥානසාර ස්වාමීන් වහන්සේ හිරගෙට ගියේ කුලියට මිනී මරපු යයි සැක කරන සොල්දාදුවන් පිරිසක් සිරගත කිරීම පිළිබඳව උසාවියට අපහාස වන විදියට කතා කරපු නිසයි. අනික හැම සොල්දාදුවෙක්ම වීරයෙක් නොවෙයි. (බ)
බුද්ධ ශාසනය එපා කරවනවා අපිට (බ)
එක්තරා රුපවාහිනී සාකච්ඡාවකදී බුදුන් වහන්සේ ගේ පිරිනිවන් පෑම ට ඔබවහන්සේ යෙදු වචනය අගෞරවනිය එකකි.එය මාහට කිසිදා අමතක නොවේ. (බ)
අමිල හිමි හරි. හාමුදුරු කෙනෙක් සංවර වෙන්න ඕන. ඥානසාර හිමි කරන්නේ මහින්දට කඩේ යන එක. මම බෞද්ධයෙක්. මට ලැජ්ජියි අපිත් එක්ක වැඩ කරන අන්‍ය භක්තිකයෝ කියන කතා වලට. අපි ආණ්ඩුවට කියන්නේ කතිකාවත ගෙනෙල්ල මේ වගේ අයගේ හැසිරීම පාලනය කරන්න කියලා. නැතිනම් බුද්ධාගම නැති කරන්නේ වෙන කවුරුත් නෙමෙයි අපිමයි (බ)
ඉස්සර තදබල දේශපාලන උණක් තිබුනා. දැන් අනුන්ට මෙහෙම කියනවා. තමුන් කළදේවල් මතක නැති හැටි? (නි)
මේවා දිහා අපේ ශික්ෂාකාමී හාමුදුරුවරු පහන් සංවේගයෙන් යුතුව පන්සල් වලට වෙලා සංවේගයෙන් යුතුව බලාගෙන සිටිනවා. (නි)
විජිත මහත්තයෝ එතකොට මෙයා කාටද කඩේ යන්නේ (කෞ)
හාමුදුරුවෝ කියන දෙය සම්පූර්ණ ඇත්ත. විනයගරුක ශික්ෂාකාමි සඟ රත්නයක් ගැන කතාකළ කාලය අවසන්වෙලා. පටු ජාතිවාදයෙන් මිනිස්සු මුලාකරන සමහරු නීතියත් අතට ගන්න යනවා. වෛරය වපුරනවා. දැන්මම ජනතාව අවදි වුණේ නැත්නම් විශාල විනාශයක් වෙයි (නි)
බුද්ධ චීවරය දරාගෙන අපේ රට වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් ජීවිත කැපකළ සඟ පීතෘවරු මේ ශාසනයේ ඉඳලා තිබෙනවා. හැබැයි හෝමාගම වගේ වාග් ප්‍රහාරයන් භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
රට හිනස්සන්නේ නැතුව කරුණාකරලා, අපේ භික්ෂුන් වහන්සේලා සමගිව, එක අරමුණකට ආවා නම් නේද වටින්නේ? දේශපාලන පක්ෂවලට නොබෙදී, ඕනෑම දේශපාලකයෙකුට අවවාද දෙන්න ඕනෑ නේද? (නි)
නමුත් ගොඩක් අය කියන්නේ බණ නම් නොවෙයි බයිලා. (නි)
තමන් පසුගිය කාලයේ කළ දේවල් තියාගෙනද මේ අනුන්ට හොඳින් හැසිරෙන්න කියන්නේ? (නි)
අපි මේ ප්‍රකාශයට විරුද්ධයි (නි)
විජිත මහත්තය හොඳ සිහියෙන් රට වටේ ගොස් විපරම් කර බැලුවා නම් පෙනේවි සිංහල බෞද්ධ අයිතියට වෙලා තියෙන දෙය. (කෞ)
මේ අය ඇත්තටම බුද්ධ ශාසනය විනාශ කරන්න තමයි හදන්නේ හාමුදුරුවනේ (නි)
දේශපාලනය නිසා රටේ මිනිස්සු මරාගන්න හදනවා. මේ රටේ මිනිස්සු තවමත් වනාචාරියි. සාමයෙන් සමාදානයෙන් ඉන්න කැමැත්තක් නැහැ. අනුන්ගේ මතවාද ඉවසලා පුරුද්දක් නැහැ. නීතියට ගරුකරන ශිෂ්ට සම්පන්න සමාජයකට අවවාද අනුශාසනා දෙනවා වෙනුවට ගහමරාගන්න ගියාම ලෝකය සිතන්නේ හාමුදුරුවන් කියන්නේ භයානක අය කියලා. මේ නිසා බුද්ධාගම ගැන තිබෙන ගෞරවය මිනිසුන්ගෙන් නැතිවෙනවා (නි)
ඔබවහන්සේලාගෙන් ශාසනයට රටට වෙලා තිබෙන සේවය මොකක්ද? අපිට ඒ ගැනත් කියන්න (නි)
කතාව ඇත්ත. කරන දේ හොඳයි. නමුත් සිවුරට ගැළපෙන්නේ නැහැ (නි)
දඹර අමිල හිමි කියන්නේ දේශපාලනය කරන කෙනෙක්නේ. තමන් හොඳින් ඉඳලා අනෙක් කෙනෙකුට හැසිරෙන හැටි කියන්න (නි)
මොනවා කිවුවත් හරි දේ තෝරාබේරා ගත හැකි තරමට අද ජනතාව බුද්ධිමත් (නි)
විජිත , දැන් ලැජ්ජාව හින්ද කට වහන් ඉන්නවා වගේ , තව ටික කාලෙකින් බය හින්ද සිංහලයට කට වහන් ඉන්ඩ වෙයි.(කෞ)
මේ කවුරු කවුරුත් ගැන අපිට තේරුනේ ගොඩක් කලින්. (නි)
අර හසලක රණවිරු සීමාමාලකය එතනින් ඉවත් කරන්න ඕනෑ කියලා කෑ ගැහුවෙ කවුද කියලා මට මතක්වුණා. ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.... (නි)
මේ වෙන දේවල් වල හැටියට මතුපිටින් පෙනෙන දේ ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. මේ සිද්ධීන් වලට හේතු සොයලා බලලා ඒවාට විසඳුමක් කවුරුත් එකතුවෙලා සොයන්න ඕනෑ. බුද්ධ පුත්‍රයින් හෝ නීතිය මෙහෙයවන්නන් හෝ ආවේගශීලි වුණොත් නිකම්ම පාතාල ගණයට වැටේවි. (නි)
එක ඇඟිල්ලක් ඉදිරියට දිගුකරද්දී තවත් ඇඟිලි හතරක් යොමුවෙලා තියෙන්නේ තමන්ගේම පැත්තට (නි)
ඥානසාර හාමුදුරුවෝ රණවිරුවෝ නිසා මෙහෙම හැසිරුණා කියන එක කිසිසේත් අනුමත කළනොහැක. සාමාන්‍ය රණවිරුවෙකුට මෙහෙම හැසිරුණා නම් සරත් ෆොන්සේකා වෙනුවෙන් කොච්චර දේවල් කරන්න තිබුණද? (නි)
අපි ඉන්නවා හාමුදුරුවනේ ඔබ වහන්සේ එක්ක (නි)
හාමුදුරුවරු දේශපාලනයට ඈදාගත් අය මේවට වගකියන්න ඕනෑ. (නි)
දැන්නම් අපිට හොඳටම ඇති වෙලා තියෙන්නේ මේ හාමුදුරුවොත් එක්ක. අපි දැන් පන්සල් වලට දානය දෙන එකත් නැවැත්තුවා මේ පසුගිය කාලේ වැඩ හින්දා (නි).
මෝහයෙන් අවිද්‍යාවෙන් අන්ධවුණ මේ මන්දබුද්ධික සමාජය ගැන මහා සංවේගයකි උපදින්නේ. මේ උතුම් දර්ශනය පටු ලෞකික වින්දනයන් උදෙසා භාවිතා නොකරන්න. බෞද්ධ යැයි උදම් අනන ඔබ සැබෑ බෞද්ධදැයි හදවතට තට්‍ටු කර අසන්න. ධර්මය විකෘති නොකරන්න. (නි)
අවසර හාමුදුරුවනේ, 1815 ඔබ වහන්සේ හිටියා නම් ශ්‍රී සුමංගල හාමුදුරුවන්ටත් ඔබවහන්සේ මේ කතාවම කියනවාද? අපේ ලොකු හාමුදුරුවෝ නම් කිවුවේ රට වෙනුවෙන් කතාකරන එක බෞද්ධ භික්ෂුවගේ වගකීමක් හා යුතුකමක් කියලා. (නි)
සිවුරු ඇදගෙන සිටින සමහර උදවිය ගේ කතා විලාසය මහණ කෙනකුට කිසිසේත් වටින්නේ නැත. (බ)
යහපාලනේට කඩේ ගියා මදිවට තව කතා කරනවා. දැන් දෙන්නත් එපා සිංහලුනේ. (බ)
මෙයා මැරෙන තුරු උපවාසයක් පටන් ගත්ත නේද කලකට ඉස්සර. එ්ක භික්ෂු විනයට එකගද? (බ)