කැබිතිගොල්ලෑව හේරත්හල්ම්ල්ලෑව පුරාණ රජමහා විහාරයේ පුරසද සදකඩ පහණ කැබැලි වලට කඩා හිකුරක්ගොඩ කුමාරගම ළිදක දමා තිබියදි සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
දඹරන් කිලෝ තිස්පහක් මෙම සඳකඩ පහනේ ඇතැයි පැවති කටකතාවන් එය පැහැරගෙන ගිය පිරිසට එහි රත්තරන් මායමක්වත් සොයාගත නොහැකි වු බව පොලිසිය කියයි.
හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙක්,පොලිස් රථ වාහන කොස්තාපත්වරයකු,සිවිල් ආරක්ෂ බළකා සෙබළෙක් , සාමාන්‍ය වැසියෝ සිව් දෙනකු සැක පිට අත්අඩංගුවට ගනු ලැබිණි.
යුද හමුදා ඇදුම් ආම්පන්න තොගයක්ද සොයා ගෙන ඇත. සැකකරුවන්ගෙන් පස් දෙනකුම හිකුරක්ගොඩ පදිංචි කරුවෝය. තිත්තගෝනෑව හේරත් හල්මිල්ලෑවේ හා තම්මැන්නාවේ සිව් දෙනකුද එහි වෙති.
පුනරින් හමුදා කදවුරේ සෙබළුන් තිදෙනකු මාස තුනකට පෙර සොරකමේ සැලැස්ම සාකච්ඡා කැර ඇතැයි කියති.
පොලිස් පරීක්ෂක ආර් එන් අයි ජී රත්නායක මහතා පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කව්රුත් කැමතියි අර කට්ටියගේ ගිණුමට බැර කරන්න.(නදී)
අපේ මිනිස්සු අතර මතයක් තිබෙනවා කළුගල් උණු කරන බෙහෙත් තියෙනවා කියලා. මේ මතය නැති කරන්න ඕනෑ (නි)
අනේ මේත් බෞද්ධයෝද ? පරෙස්සමින් ඉන්න වෙයි. මේවට ගෙවන්න වෙන්නේ ඔයාලට විතරක් නෙවෙයි, පවුල් වල අයටත් එක්කමයි (නි)
මම හිතනවා විශ්ව විද්‍යාල සිසුන්ට වගේ රටේ හැමෝටම හමුදා පුහුණුව දිය යුතුයි කියා. මේ වගේ නිදන් හාරන වැඩ බොහොමයකම හමුදා පොලිස් අය ඉන්න බවක් තමයි වාර්තා වලින් පෙනෙන්නේ (නි)
ඇත්ත, අලින් ලවා පෑගවීම තමා හොද. පුරා වස්තුන් සොරකම් කර කඩා බිද දමන පැරණි උරුමයන් වන නටඹුන් විනාශ කරන අයට එවන් දඩුවමක් තමා සුදුසු.(නදී)
චන්දී, පුරාණ දේට අදාළ වැරදිවලට පුරාණ ක්‍රමයේ දඬුවමක් නේද හොඳ? දයා අලහකෝන්ගේ ක්‍රමය නම් නරක නැහැ. හැබැයි අපි මොනවා කිව්වත් මේ මහා 'බෞද්ධ" රටේ එහෙම පවු වැඩ කෙරෙන්නේ නැහැ. (නි)
මෙතන තියෙන්නේ නිකන් ගල් කෑලි ටිකක්නේ. සඳකඩ පහනක කොටස් ලෙස පෙනෙන කිසිවක් මෙහි නැහැ. ඔරිජිනල් එක ලොක්කගේ ගෙදර වෙන්න ඇති.(නදී)
මේවාට කව්රුත් ගිනි තියා ගන්නේ නැද්ද ? (අ)
මෙවන් මිනිසුන් රටට බරකි (නි)
ආයේ නොකරන්න රජ කාළේ දඩූවම් දිය යූතූයි. (අ)
මේක පිටුපස ඉන්න මොලකරයොත් ඇල්ලුවා නම් තමයි වැඩේ ඉතාමත්ම හොඳ. (නි)
අපේ පුරාවස්තු නීති ඉතාම පැරණියි මං හිතන්නේ. ජාතික වස්තුන් සොරකම් කිරීමට මරණීය දණ්ඩනය පැනවිය හැකි පරිදි නීතිය සංශෝධනය කළයුතුයි. එල්ලා මැරීමට දුක හිතෙනවා නම් අලින් ලවා පෑගවීම වැනි පුරාණ ක්‍රමයක් පුරාවස්තු වැරදිවලට යොදාගත හැකියි. (නි)
ප්‍රසිද්ධියේ උල තියන්න ඕනෑ අපේ රටේ ජාතික වස්තු මේ වගේ විනාස කරන අයව (නි)
උපාලි, අලින් ලවා පෑගවීමත් දුක වැඩි නම් හිටුවා පස් ගැසීමත් හොදයි නේද? (නි)
හොයා ගෙන ගියොත් ලොකු ලොක්කෙක් තමා උල තියන්න වෙන්නේ. (නි)
දයා අලහකෝන්,ඔබ යෝජනා කරන දඩුවම ඉතා කාලෝචිතයි. හේතුව හිටවා පස්ගසා තිබුනම අනාගත පරපුරටත් දැක ගන්න පුළුවන් පුරාවස්තු විනාශ කරන උදවියට දුන් දඩුවම. (නි)
ගල් කැලි ඇලෙව්වානම් හරිනේ.(නදී)
රජ කාලේ විදියට උල තියන්න ඕනෑ (නි)
උපාලි,මෙහෙම කරොත් නරකද, පැට්‍රල් දාල එයාලට ගිනිපෙට්ටිය දෙමු ගිනිතියා ගන්න කියලා.(නදී)
ජෙප්, ඔබ අදහස් කල හැටි වැරදියි. හිටුවා පස් ගැසීම කියන්නේ පොලොවේ වලක් හාරලා වැරදි කල අය වලට දමලා බෙල්ල ලගට එනතුරු පස් දානාවා. එවිට ඔලුවේ කොටස පොලොවෙන් උඩ. ඊ ලගට හොදට හරක් බානක් දමලා හොද යකඩ නගුලකින් හිස ගැලවිලා යන්න හානවා.(නදී)
ගහටත් නැහැ බඩටත් නැහැ. දිගටම ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් වැඩි වෙනවා. මේව බය නැතුව කරන්නෙ පිටිපස්සෙ වෙන අය ඉන්න හින්දා (නි)
දැන් කාලේ සිදුවන දේවල් අනුව හොරා පෙනෙන්න හිටියත් සැක කරන්නේ පොලිසිය. හොරුන්ට, කුලියට මිනී මරන්නන්ට ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. (නි)
ජාතික උරුමයන් සහ අපේ පැරණි නටඹුන් විනාශ කරන්නේ රුපියල් සත හොයන්න. මේ වගේ ජාති ද්‍රෝහී මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. පුජනිය ස්ථානයක්වත් බේර ගන්න බැරි කාලයක්.මේවා කළේ කවුරු වුනත් අල්ලලා නිතිය ඉදිරියට ගෙන දී දඬුවම් කරන්න (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද මේ අමාරුව ? (නි)
සිංහල බෞද්ධ කියන අයම මේවා වනසද්දී කොහොමද අපේ ජාතිය රැකෙන්නේ? ආගම රැකෙන්නේ? (නි)
කළුගල් ඇතුලේ කොහෙන්ද මෝඩයිනේ රත්තරන්..???මෝඩකමට ජාතික වස්තු වනසනවා (අ)
රිස්වාන්, මෙහේ කවුරුත් නැහැ. ඔයාම ගිනිතියා ගන්න (නි)
අනාගත උරුමය විනාශ කරන මේ වගේ නරුමයන් ට මරණීය දඩුවම දෙන්න පුළුවන් විදියට නීති සැදිය යුතුය. මහජන මුදල් වලින් කන්න දිදී සිර දඩුවම් දෙනවට වැඩියඑවන් දෙයක් කිරීමට නීති හැදීම සමස්ත සමාජයට ම කෙරන සේවයකි. (නි)
උදාර රණවිරුවන්ගේ නමත් කනවා මේ අය.(නදී)
කැලා නීතියක් ක්‍රියාත්මක වන රටක අපරාද වැඩිවෙනවා මිසක කොහොම අඩුවෙන්නද? අහන්න ලැබෙන නිව්ස් වලින් සියට 99ක් ම රට පාලනය කරන දේශපාලකයන් හෝ පොලිසියේ, හමුදාවේ, රාජ්‍ය නිලධාරින්ගෙන් ඕක තමා දැන් ආස්චර්යට යන ගමනේ ප්‍රතිපලය.(නදී)
ඉස්සර නම් හමුදාවට, පොලිසියට බඳවාගන්න කලින් ඒ පුද්ගලයාගේ සම්පුර්ණ වගතුග හොයලා බලලා අරන් තියෙන්නේ. මේ කියන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ පුද්ගලයෙකු ගේ පවුලේ අයකුව උසාවියෙන් දඩුවම් කරලා තිබුනොත් ඒ පවුලේ අයකුට හමුදා පොලිස් සේවයට යන්න විදියක් නැහැ. පහු වෙනකොට දේශපාලන හිතවත්කම් පුද්ගලික ඇදුනුම්කම මත ගන්න විදියට කරුණු සිද්දවෙලා. අද හමුදාවේ නමත් කැත කරන අය හමුදාවේ ඉන්න හින්දා තමා මේ පුරාවස්තු කොල්ලයට වරින් වර ඒ අය හවුල් වෙන්නේ (නි)
රටේ උරුමය රැක ගන්න මොලයක් නැති මේ අය පව්කාරයෝ.(නදී)
අනේ මෝඩයෝ ටික , හමුදාවේ නමත් විනාශ කරනවා.(නදී)