ශ්රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ හා සංහිඳියාවේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බව ලන්ඩනය පදනම් කරගත් ලොව ප්‍රමුඛතම දෙමළ ඩයස්පෝරා සංවිධානයක් වන "ගෝලීය දෙමළ සංසදය"පවසයි.
පසුගියදා නිමාවට පත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 32 වැනි සැසිවාරයට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂහිද් රා අද් අල් හුසෙයින් කුමරු විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සාදරයෙන් පිළිගන්නා අතරම ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ගෝලීය දෙමළ සංසදය විසින් අද (06) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් වලින් ආරක්ෂක හමුදා ඉවත් කොට එකී ඉඩම් එහි සැබෑ හිමිකරුවන්ට ලබාදීම, දැනට රඳවා සිටින පිරිස් සඳහා නඩු පැවරීම හෝ නිදහස් කරලීම, උතුරු-නැගෙනහිර පළාත්වල හමුදා සීමා කිරීම, ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම, වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියා මාර්ග ගැනීම සිදුවෙමින් පවත්නා බව ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වාදී තිබේ.
සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයන් සිදුකෙරෙමින් පැවතීම පිළිබඳ ද තම ප්‍රසාදය හිමිවන බවත් ගෝලීය දෙමළ සංසදය සඳහන් කරයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් දිගු කාලීනව ශ්‍රී ලංකාවේ සාමය, සාධාරණත්වය හා දේශපාලන බලය බෙදාගැනීම සඳහා කරනු ලබන මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බවද ඔවුන් වැඩිදුරටත් තම නිවේදනයෙන් පෙන්වා දෙයි.
COMMENTS
පිරුබාහරන්ට අවුරුදු ගානක් නැහිගෙන යුද්ධ කරලත් ගන්න බැරිවුන දේවල් නිකන්ම බන්දේසියක තියලම දෙද්දී කාටද සන්තෝස නැත්තේ අප්පා. (බ)
ඔබට සතුටුයිද දැන්? (බ)
ජාතීන් අතර සංහිඳියාව ඉතා වැදගත් කාරණාවක්. (ර)
කවුද කියන්නේ මේ බන්දේසි වල තියලා රට දෙනවා කියලා? මහින්දගේ ගෝලයෝ නම් කියනවා. එතකොට මැන්ඩෙලා බන්දේසියක තියලා රට සුද්දන්ට දුන්නද දකුණු අප්‍රිකාවේ? මේ මෝඩ අදහස් හින්දා තමා අපි හැමදාම හිඟන්නෝ වගේ ඉන්නේ. කා කොටාගෙන මරාගන්නේ වැද්දෝ වගේ. සංහිඳියාව කියන්නේ කාටවත් රට පාවා දෙනවා කියන එක නෙමෙයි. හැමෝටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් එක රටක් හදන එකයි (නි)
සුසන්ත හරි. (නි)
මෙම ක්‍රියාමාර්ග වලට රට තුළ සිටින අපගේ බලවත් අප්‍රසාදය රජයට හිමිවෙලා තියෙන්නේ. (නි)
සුසන්ත, තේරුම් ගන්න බලන්න සටන් කරලා ලැබෙන විසඳුමයි දේශපාලන විසඳුමයි කෙතරම් වෙනස්ද කියා. මහින්ද යුද්ධය දිනුව කියා පම්පෝරි ගගහා හිටියා මිසක් ඔවුන්ව දේශපාලන විසඳුමකට කැන්ඳන් ඒම ඕනෑකමින් මඟහැරියා. මම ඉතා විශ්වාසයෙන් කියා සිටිනවා හරි දේශපාලන විසඳුමකින් මේ ප්‍රශ්නය නිරාකරණය වී ජාතිය එකමුතු වුණොත් ලොව ප්‍රබල රටක් ලෙස නැඟීසිටීමට පුළුවන් බව (නි)
අපි මෙම රජයට ඡන්දය දුන්නේ මේ වගේ දේවල් කරන්න නෙමෙයි. රටේ මුල්‍යමය හොරු ඇල්ලීම, බඩු මිල අඩුකිරීම, විදේශ ණය නොගෙන විදේශීය ආයෝජකයන්ගේ ප්‍රාග්ධනයෙන් රට සංවර්ධනය කිරීම ආදියට. නමුත් දැන් කරන දේ කලින් අප දන්නවා නම් ඡන්දය නොදෙන බව කිවයුතුයි. (නි)
කරුණාකරලා ටිකක් ඉවසන්න මහත්වරුනේ. අපි ටික ටික ඔක්කොම දෙනවා. එතෙක් මහත්වරුන්ගේ ඡන්දෙ විතරක් අපිට දෙන්න. (නි)
අනේ ඔව් දැන් ඒගොල්ලන්ට ඕන විදියටනේ රටේ වැඩ වෙන්නේ! (ම)