එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා බලා ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායම සහ එල්ටීටීඊ හිතවාදී ලෝක දෙමළ සංසදයේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ හමුවක් මේ සතියේදී ජිනීවා නුවරදී පැවැත්වෙන බව තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙම හමුවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා ද , ලෝක දෙමළ සංසදය නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුරේන් සුරන්දිරන් යන අය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි සඳහන්වේ.
දෙමළ ජාතික සන්ධානයේ පස් දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් ද ස්වාධීන කණ්ඩායමක් ලෙස අද(14) සිට ඇරඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙති.
එහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයට එරෙහි චෝදනා සම්බන්ධයෙන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් අදාල පාර්ශව වල සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බැව්ද වාර්තාවේ.ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඉකුත් දා උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගත් යෝජනාවේ පිටපතක් ද ඔවුන් රැගෙන ගොස් ඇතැයිද කියවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව ඇතිවෙනවට අපිත් කැමතියි (නි)
එල්.ටී.ටී යට ගැති ලෝක දෙමළ සංවිධානේ නියෝජිතයන්ට මහත්වරුන් යැයි කියලා කියනවානම් එ්ක රට බේරාගත් රණවිරැවන්ටත් කරන අගෞරයවක්. (බ)
දෙමල ජාතික සන්ධානය තුල කොටි හිතවාදීන් මෙන්ම කොටින්ට විරුද්ධවාදීන් ද සිටිනවා. කලයුත්තේ ඒ පක්ෂයේ හැමෝටම කොටි ලේබලය නොගසා ද්‍රවිඩ ජනතාවට වූ අසාධාරන ගැන සෙවීමට දේශීය යාන්ත්‍රනයක් සැකසීමයි (නදී)