ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් නොලබා කිසිදු ආණ්ඩුවක් සමග එකතුවන්නේ නැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපය සමග සාකච්ඡාවකදී පැවසීය.
පත්වන ආණ්ඩුවක් සමග එකතුවීමට අපේක්ෂා කරන බවට දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බවද ජාතික ගැටළුවට විසඳුමක් ලැබුණොත් එදිනට එම ආණ්ඩු සමග එකතුවනවාද නැද්ද යන්න පිළිබඳව සාකද්ධා කළ හැකි බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ මිනිසුන්ට නැති ප්‍රශ්න ඔලුවට දමා, ඔවුන් සිංහල සහ මුස්ලිම් මිනිස්සු සමඟ කොටවා බොර දියේ මාලු බාන්නන් නිසා රටේ නිතරම අවුල් ඇතිවේ (නි)
ජනවාරි 08 වෙනිදා සහය දුන්නේ බොක්කේ පෙඩරල් දඩ මස් තියාගෙනද (නදී)
දෙමල අයට ජාතික ගැටළු වලට කැපවී වැඩ කරන ජනතා නියෝජිතයින් ඉන්නවා . නමුත් අපේ සිංහල රැලට ජාතික හැගීමක් නැහැ . ජාතිය පාගා විජාතියට කත්' අදින අවිචාරවත් නියෝජිතයන් කොපමණ ඉන්නවද (බ)
සිංහලයින් 75% ඉන්න මෙරටේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට දෙමළ සහය සොයන්නේ කුමටද? ඒත් සිංහලය පවාදීමට කැමති සිංහලයෝත් කොපමණ ඉන්නවද? (නි)
දෙමළ සහාය සුම්මා?? ඔව් ඔව් ඒගොල්ලන්ට වැදු අම්මා (ඉන්දියාව) විතරයි අම්මා. හැදු අම්මා (ලංකාව) සුම්මා. (නි)
අහෝ චම්පික සහ රතන හිමියන් නිරුත්තර වී ඇති සේක. (නදී)
දැන් මොකද්ද තිබෙන ජාතික ගැටළුව? (නි)
අපොයි ඔව් මේනු බලය ලබාගන්න හෙළ උරුම ප්‍රතිපත්ති පාවල දුන්නේ කට්ටියක් කිසි හිරිකිතක් නැතුව. ඒ හාදය තමා අර බලය බලය කියල පොතකුත් ලිව්වේ. අන්තිමට ලැජ්ජා නැතුව බලය ලබාගන්න බල්ටියකුත් ගැහැව්වා (නදී)
අපි දන්නා වතුවල සේවය කරන දෙමළ ජනතාව අපි සමඟ සහයෝගයෙන් ඉන්නවා. මේ දේශපාලුවෝ තමයි ඔක්කොම ප්‍රශ්න ඇති කරන්නේ. (නි)
ඔබ පාර්ලිමේන්තුවේ තනියම ඉන්න. ඒක වඩා හොඳයි.(නදී)
ජාතික ගැටලුවලට විසදුම් ලැබුනත් මේ අය කිසිම දිනක සැහීමකට පත්වෙන්නේ නැති කොට්ටාශයක්. ජාතික ගැටළු කෙසේ වෙතත් ජාතික සමගිය වැඩි දියුණුකරන්න වැඩක් කරනවා නම් අපිත් එක පයින්ම කැමතියි මෙතුමන්ලට.(නදී)
දෙමළ වීම නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න තේරුම් ගන්න සිංහලවාදී ඇහින් බලා බැහැ. ජේවීපිය ඒ පිළිබඳව කරන විග්‍රහය ධනාත්මක හා ප්‍රායෝගික බව මට හැඟෙනවා.(නදී)
බමුනු ආරච්චි මෝඩ කථා කියන්න එපා. සිංහලයිනුත් ආවේ ඉන්දියාවෙන් තමා. අනෙක් අතට දෙමළ මිනිස්සුත් ලංකාවේ පුරවැසියන්. ඇයි ඒ අයගේ සහය ගත්තහම මොකද වෙන්නේ. (නදී)
මේ අයට තියෙන ලොකුම ප්‍රශ්න්ය 2006-09 කාලයේ වෙච්ච යුධ අපරාධ හා සුදුවෑන් ඝාතන. දෙමල මිනිස්සු දසදහස් ගානක් ඝාතනය වුනා නම් ඒවා සොයා බැලිය යුතුයි.(නදී)
ඇයි අපි හැමෝටම එකට ඉන්න බැරි? (නි)
ඔවුන් දෙමළ වීම නිසා මේ රටේ ඇතිව ඇති ප්‍රශ්නය කුමක්ද කියා මුලින්ම මේ අය පැහැදිලි කළයුතුයි. (නි)
සිංහල අපිට නැති එහෙත් දෙමල අයට පමණක් ඇති එක ප්‍රශ්නයක් කියන්න බලන්න. මේක සිංහල දෙමල දෙපැත්තේම දේශපාලකයෝ වවාගෙන කන බොරුවක්. ඒ අයට නැති එහෙත් සිංහල අපිට නම සුවිශේෂ ප්‍රශ්නයක් තියනවා. එ්ක තමයි අපේ සිංහලයෙකුට උතුරේ ඉඩමක් මිලදී ගෙන සාමයෙන් ඉන්න බැහැ. දෙමල ඕන කෙනෙකුට රටේ ඕන තැනක ඉන්න පුළුවන්. ඉතින් ජනවාර්ගික ප්‍රශ්න තියෙන්නේ සිංහල අපිට. මේ ටි එන් ඒ කට්ටියත් මේ යටගේ සහයෝගය ගන්න හදන සිංහල කියා ගන්නාවූ අයත් කරන්නේ ශ්‍රී ලංකාවම පරදේසිකයින්ට යලිත් පාවා දෙන්න.(නදී)