ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවගේ නව බලාපොරොත්තු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ.වේලායුදන් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂනායක සහ හිටපු තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධිට කියා ඇත.
විශෙෂෙයෙන් උතුරේ දෙමළ ජනතාවට නිදහසේ කටයුතු කිරීමට නව රජය අවස්ථාව සලසා ඇතැයි ඔහු පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වත් තේරෙන්නේ නැද්ද ඉන්දියාවත් දින සියයේ ක්‍රියාන්විතයට හවුල් වෙලා කියලා. .මේකෙන් පැහැදිලි වෙන්නේ එකමුතු රටක් ගොඩ නැගූ නායකත්වය පලවා දමා වෙනත් රටවල් වලට උවමනාවලට සරිලන පාලනයක් නිර්මාණය කිරීමකි. කලගුණ නොදත් මිනිසුනේ, දැන්වත් සිතන්න ඔබ කළේ ලොකු වැරද්දක් බව. අවදියෙන් සිටින්න මිතුරු වෙසින් එන සතුරන් ගැන. ඔවුන් එන්නේ අපට යහපතක් කිරීමට නොව ඔවුන්ගේ යටි අරමුණු ඉටුකර ගැනීමටයි. (නදී)
ශාන්ති- ඔබ සිංහලයෙක් කියල කව්ද කිව්වේ? අපි කවුරුත් මිනිස්සු. ජාතිය,කුලය ,ආගම නළලේ කොටා නැහැ. අපි වන්දනාමාන කරන්න ඕනේ දේශයට. අපි හැමෝම ශ්‍රීලාංකිකයෝ. අන්න එ්ක තේරුම් ගන්න. (නදී)
කවුරු කොහොම කිවුවත් සිංහලයා ගැන බලන්න කවුරුත් නැහැ. සියලු ජාතීන් ගැන බලන්න සිටි නායකයාත් ලෝකයට ඇවැසි පරිදි ගෙදර යැව්වා. අපි ගැන අපිම බලාගනිමු. (නි)
දුකෙන් වුණත් බලාගෙන ඉන්න වෙනවා. (නි)
මෙවැනි ප්‍රකාශ මගින් සිංහල ජනතාව බියක් හෝ සැකයක් ඇතිකරගත යුතු නැත.මේ වනවිට ශක්තිමත් ත්‍රිවිධ හමුදාවකුත්,පසුගිය යුධ ජය ලබාගැනීම සඳහා කැපවුණ සටන්බිමේ නායකයා සිරකරුවකු වශයෙන් නොමැතිව වඩාත් ශක්තිමත්ව රට වෙනුවෙන් පෙනිසිටීමත් තේරුම්ගත යුතුව ඇත.නිදහස යන්නෙන් අදහස් කරන්නේ සමහරවිට හොඳින් ජීවත්වීමේ අයිතිය වෙන්නට පුළුවන. එවැනි අයිතියක් රටේ කාටත් තිබුනානම් කැරලි සහ යුධ ඇතිවන්නේ නැත.එය ජාතියක ප්‍රශ්නයක් නොව රටේම ප්‍රශ්නයක් බව කවුරුත් තේරුම්ගත යුතු අතර එය තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා භාවිතා නොකළ යුතුය. (නි)
ලංකාවේ හැම පුරවැසියෙකුටම එක හා සමාන අයිතියක් තියෙනවා කියලා පිළිගන්නාතුරු මේ ප්‍රශ්නය අවසානයක් නැහැ. රටේ හොඳ කිවුවත් වැරදියි. වතුකරයේ දෙමළ ජනතාව ලංකාවේ කම්කරුවෝ විදියට ආවාට උතුරේ දෙමළ ජනතාව ලංකාවේම පිරිසක්. දැන් මේවා අමතක කරලා රට දියුණුවෙන ක්‍රමයක් ගැන හිතා බලමු. නැත්නම් ලෝකයේ වෙනත් රටවල් අඟහරු ලෝකයේ ජනාවාස හදාගෙන යනතුරුත් අපිට වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කර කර ඉන්නයි. (නි)
දෙමළ කියන්නෙත් අපි වගේම මිනිසුන් කොටසක්. ඔවුන්ටත් හැඟීම් දැනෙනවා. දෙවියනේ කියලා කාලා ඇඳලා ගොවිතැනක් බතක් කරගෙන නිදහසේ ජීවත්වෙන්න අයිතියක් තිබෙනවා. දැන් ඒ මිනිස්සු අතීතයෙන් පාඩමක් ඉගෙනගෙන තියෙන්නේ. මම හිතන්නේ නැහැ නැවත ආයුධ අතට ගනියි කියලා (නි)
හැබැයි ඉතින් නිදහසින් අයුතු ප්‍රයෝජන එහෙම නම් ගන්න එපා (නි)
අපි ඊළඟ මැතිවරණය තෙක් ඉවසා සිටිය යුතුයි (නි)
අපි ඔක්කොම මිනිස්සු නම් එකම හැන්දෙන් බෙදුවහම හරිනේ ඉතින්. (නි)
මනොජ්ගේ කියමනට අපි එකඟවෙනවා (නි)
ළිං මැඩියෝ වගේ කට්ටිය කොහොමහරි වීසා එකක් අරගෙන වෙන රටකට ගිහින් බලන්න සියලුම ආගම් සහ ජාති සමගියෙන් ජීවත්වන හැටි (නි)
අපේ අයට මේවා හොඳ පාඩම් (නි)
උතුරේ යුද්ධයට පෙර සිටි සිංහල පවුල් නැවත පදිංචි කරන්නේ කවදාද? (නි)
නෙත් හැර වැඩ කරන්න. ප්‍රශ්න යාපනයෙන් අවසන් වෙන්නේ නැහැ.වතුකරය ගැනත් හිතන්න. (නි)
සමහරු මොකුත් නොදන්නා තොත්ත බබාලා වගේ අදහස් දමනවා. අපි කියන්නෙත් හැමෝම සමානයි කියලා තමයි. ප්‍රශ්නය බෙදුම්වාදියොයි ඒවාට කත්අදින අපේම අයයි එහෙම නොසිතන එක. (නි)
දකුණේ අපි කුළල්කා ගනිද්දී ඔවුන්ගේ දිගුකාලීන අරමුණු වෙනුවෙන් එකාමෙන් දිගුකාලයක් හරි ඔවුන් ඉදිරියට යනවා.මෙය අපිට තේරෙනකොට ගොඩක් දුර එයාලා ගිහින්. (නි)
සහන්, දෙමළ මිනිස්සු ලෝකේ සෑම රටකම ඉන්නවා. නමුත් ලංකාවේ විතරක් තේසවලාමේ නීතිය දාලා ලංකාවේ වෙන ජාතියකට යාපනයේ ඉඩම් කෑල්ලක් ගන්න පුලුවන්ද? ඉස්සර යාපනයේ සිටි සිංහල මිනිස්සු අද කොහෙද ජීවත්වෙන්නේ? ජාතිවාදය අවුස්සන්නේ සිංහල අපි නෙමෙයි උතුරේ සමහර දේශපාළුවෝ. ප්‍රධාන ප්‍රශ්නය ලෝකයේ 65 කෝටියක් වන දෙමළ ජනතාවට රටක් නැහැ. ඉන්දියාවේ වුණත් තියෙන්නේ ප්‍රාන්තයක්. (නි)
ඔය ජාතිවාදී අදහස් ලියන අය කවදාවත් මහන්සිවෙලා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරලා කන අය නෙමෙයි. (නි)
පිටබැද්දර ජයා ඇතුළු අනෙක් මහත්වරු වෙත.අපිත් දන්නවා මහත්වරුනේ දෙමළ මිනිස්සු කියන්නෙත් අපි වගේ ජාතියක් කියලා. නමුත් ඒ ගොල්ලන්ගේ සමහර දේශපාලන නායකයන් ලදදෙයින් සතුටුවන්නෝ නොවෙයි.ඒක නිසා එක රටක් තුළ එකට ජීවත්වීමේ අගය ඔවුන් වටහා නොගන්නා තාක්කල් මේ ගැටලුව පවතීවි. (නි)
අපි හැමෝම එකඟයි. ඒත් උතුරේ වෙනම ඉඩම් නීතියක් තියෙන්නේ තේසවලාමේ කියලා. ඇයි ඒක දකුණට නැත්තේ.ඇයි උතුර ද්‍රවිඩ ජනතාවගේ නිජබිම් කියලා කියන්නේ? මේවාට කවුද කතාකරන්නේ? (නි)
නීලන්, ඔයා කියපු දේ හරියටම හරි. (නි)
අපේ රට එහි ඉපදුන සැමටම, සෑම ජාතියකටම නිදහසේ ජීවත්වෙන්න ඇතුවා මිස දකුණට සහ උතුරට දෙවිදිහකට සැළකියයුතු නැහැ. (නි)
දැන් උතුර නිදහසේ දකුණට ගුටි (නදී)
රජය විසදන්න හදන්නේ අවසානයක් නොදකින ප්‍රස්නයක්. (නදී)
සිංහල සහ දෙමල අන්තවාදීන්ට නොමිලේ විසා අරන් දෙන්න ඕනා වෙන රටකට ගිහින් සියලුම ජාතින්ට සහයෝගයෙන් ඉන්න හැටි බලල එන්න (නදී)
ප්‍රශ්ණ ඇතිකරලා තියෙන්නේ සිංහලයන්ට. උතුරට, නැගෙනහිරට සහ වතුකරයට පදිංචියට යන්න බැහැ. (නදී)
ඇයි මේ මිනිස්සු මෙච්චරටම, ආගමක් හෝ ජාතියක් මුල් කරගෙන කතාරන්නේ. ඒ අයත් ලංකාවේ මිනිස්සු. අපිට මේ ජිවිතේ සදාකල් නොවේ. ඉන්නකන් අනුන්ට වද නොවී සතුටින් හා සමගියෙන් ජිවත් වෙමුකෝ. (නදී)
රටේ දස දිසාවටම එකම නීතිය. මොනවාද පවතින සකච්ඡා (නදී)
දැන් රාජ්‍ය අමාත්‍යවරු තමිල්නාඩු උපදෙස් වලටද වැඩ කරන්න යන්නේ? ''විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවට නිදහසේ කටයුතු කිරීමට නව රජය අවස්ථාව සලසා ඇතැයි ඔහු පවසා තිබේ'' එතකොට කොටි පාලන කාලයේදී උතුරේ ජනතාවට නිදහස තිබුනද? එතකොට ඒකාලේ ගෝනි බිල්ලොද දන්නේ නෑ ළමයින් අල්ලන් ගිහින් යුද පුහුණව දීල යුද්දෙට යැව්වේ. (නදී)
අනේ වින්සන්ට්, ඕවා මොකක් තිබ්බත් ආයේ යුද්දයක් අවොත් මිනිස්සු මැරෙනවා. අපි බලවත් කියල නිකන් මොකද හලෝ ගින්නට අත දාලා බලන්න යන්නේ? (නදී)
පටන් ගත්ත විතරයි. තව දේවල් ඉදිරියට දින 100 ඇතුලත. අපි සිංහලයන්ට යන්න වෙන රටක් නැහැ. (නදී)
මේ තියෙන්නේ එක ජාතියකට ඇති ප්‍රශ්නයක් නොවන බව සිතන්න. ජාති විදිහට සීමා ප්‍රදේශ අවශ්‍ය නැහැ. හැම ජාතියකටම ඕන පලාතක ජීවත් විය හැකියි. අපි සිංහලයෝ අනෙක් ජාතීන්ට වෙනස් කම් නොකරන බව කවුරුත් දැන ගත යුතුය. අන් ජාතිකයොත් එය දැන ගත යුතුය. ඒ අය කොළඹ ඉඳගෙන දේවල් කර ගන්නවනේ. හැම දෙනාටම එක වාගේ පහසුකම් තිබිය යුතුය. අපිටත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංච් වෙලා වැඩ කටයුතු කරගන්නට පුළුවන් විය යුතුය. (නදී)
දැන් කට්ටිය වැඩ කරන්නේ ඉන්දියාවේ උවමනාවන් වලටද දන්නෑ. මේ වගේ ප්‍රකාශ ගොඩක් මේ ටිකේ දෙමල මැති ඇමති වරු කරනවා. (නදී)
සියලු ජාතින් නිදහසේ ඉන්නවා, නව පැතුම් තියෙනවා, කියල අහන්ටත් සතුටු වෙන්න ඕනා. සිංහල අයට වඩා යුද්ධයක් ඇති වෙනවට බය දෙමළ අය නේද? (නදී)
අපේ රට නැවත වතාවක් පැරදුනේ ජනවාරි අට. මහින්දගේ මිනිස්සුන්ගේ මොන වැරදි කතාකලත්, එතුමාගේ කාලේ තමයි රට එක්සත්ව තිබුනේ. මේ අායෙමත් ඊළමේ ළදරු අවදිය පටන්ගත්ත විතරයි. රටේ ඊළඟ පරම්පරාවටයි මේවා විඳවන්න වෙන්නේ. ලෝකේ ගොඩාක් ජාතීන් සමගියෙන් ඉන්නවා තමයි නමුත් දෙමල ජාතීන් පසුගිය අවරුදු 30 ක යුද සමයේදීවත් පාඩම් ඉගෙන ගත්තාද? ඔක්කොම එකතුවෙලා මහින්දව ගෙදර යැව්වේ දුෂන නිසා නෙමෙයි එතුමා ප්‍රභාව නැතිකරපු එකේ පලිය ගන්නයි. (නදී)
හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට (නි)
පැය 24 න් සිංහල කරනවයි කියපු බ බණඩාරනායක මහත්‍තයා, චෙල්‍වනායගම් එක්‍ක 50ට 50 ගිව්‍සුමකුත් හොර රහසේ අත්‍සන් කළා. ඒක දැන ගත්‍තෙත් දෙමළ අය එහෙ කියවන්‍න ගත්‍තට පස්‍සෙ. (නදී)
සහන්, අපේ පංච ඉන්ද්‍රියයන් අපිට සැමවිටම සත්‍ය ලබාදෙන්නේ නැහැ. අපේ සිතුම් පැතුම් හා සමග හරි දේ වැරදියටත් වැරදි දේ හරි විදිහටත් තේරුම් ගන්නවා. ඔබ කියන සියලු ආගම් හා සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන එක රටක් නම්කර පෙන්වන්න. ඔය හැම රටකම අළු යට ගිනි. සැඩ සුළගක් හැමූ දිනට ඒ ගිනි සුළග හා එක්ව කරන විනාසය සුළු පටු නොවෙයි. එය වැඩි ඈතකත් නොවෙයි (නදී)