ජාතික ගැටලුව ෆෙඩරල් විසඳුමක් ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳව එළැඹෙන පාර්ලිමේන්තුවේදි බලාගත හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසුවේය.
ජාතික ගැටළුව වෙනුවෙන් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටීම නිවැරදි බවත් මෙරට දෙමළ ජනතාව රටේ දෙවන ප්‍රජාවක් ලෙස ජිවත්වීම අකැමැති බව ඔහු කීවේය.
ලෝකයේ ජනවාර්ගික ගැටලු වලට විසඳුමක් ලෙස ෆෙඩරල් ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බන්ධන් මහත්තයෝ කව්ද එහෙම කිව්වේ ? ඔහොම හිතෙන්නේ හීන මානය නිසා (බ)
බහුතර ජනවර්ගය බෙදුණු කල වෙන වින (නදී)
දෙමල මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය උතුරේ තියෙන හමුදා පාලනය.. උතුරේ මිනිස්සුන්ට අයිති ඉඩම් අක්කර ගනනක් තවමත් අල්ලාගෙන ඉන්නවා. ඒවා ඔවුන්ට ආයෙත් ලබාදිය යුතුයි. එතකොට 2006-09 කාලයේ දමිල ජනතාවගේ මානව හිමිකම් කඩවීම්, සුදුවෑන් ඝාතන ගැන සෙවිය යුතුයි. මේවා නොකෙරෙන තාක් ඒ මිනිස්සුන්ට තමන් දෙවැනි පුරවැසියන් විදිහට දැනීම වලක්වන්න බෑ. (නදී)
කොහෙත්ම නොකළ යුතු දෙයක් මේ ෆෙඩරල් ක්‍රමය ලංකාව වගේ පොඩි රටකට අවශ්‍ය නැහැ. මේකෙන් වෙන්නේ රට බෙදෙනවා. (නදී)
මොකක්ද දැන් මේ කට්ටියට අමුතුවෙන් තිබෙන ජාතික ගැටලුව ...?ත්‍රස්තවාදයෙන් දමිළ ජනතාවවත් බේරලා දුන්නේ සිංහල ජන නායකයොනේ.යන්තම් කටේ කිරිසුවඳ ගිය ගමන් තමන්ගේ ඒකාධිපති නායකයාව රකින්න තුවක්කු උරුමවුණ දමිළ ළමයි දැන් ඔය අපුරුවට පාසල් යන්නේ (නි)
ලංකාවේ පුරවැසියන් සියලුම දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් බව අමතක නොකළ යුතුය. හැමෝටම ලංකාවේ සියලු ප්‍රදේශයකම සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්විය හැක. දෙමළ, සිංහල හෝ මුස්ලිම් අයට වෙන වෙනම ප්‍රදේශ බෙදා වෙන්කිරීම හෝ වෙන වෙන නීති සැකසීම හෝ නොකළ යුතුය. ෆෙඩරල් වැනි ක්‍රම , ජර්මනිය, ඉන්දියාව, ඇමෙරිකාව වැනි විශාල භුමි ප්‍රමාණයක් හා ජනගහණයක් වෙසෙන රටවලට ඔබින ක්‍රමයක් වුවද ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට නොගැළපේ (නි)
දෙමළ ජනතාව දෙවන පුරවැසියන් කියන හීනමානය තිබෙන නිසානේ වෙනම පාලනයක් ඉල්ලන්නේ. එහෙම නැතුව අපි කවුරුත් එකයි කියලා හිතුවොත් සිංහල අයත් දිනාගෙන ඕනෑම දුරක් යන්න පුළුවන්නේ. (නි)
මේවා ජාතිවාද කතා නොවෙයිද.(අ)
සියළුදෙනා සමඟ සමගියෙන් ජීවත්වීම අපේ ප්‍රාර්ථනයයි (නි)
මේ රටේ කිසිම අසිංහලයෙකු දෙවැනි ජනතාවක් ලෙස ජීවත්වෙනවා කියා මා සිතන්නේ නැහැ. (නි)
මේ ප්‍රශ්න ඉක්මනට විසඳුවොත් හොඳයි. (නි)
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔබලාගෙන් වුණ සෙතක් තිබේද? (නි)
මම නම් හිතන හැටියට අපි නිශ්ශබ්දව කාලයට ඉඩදී බලාසිටිමු (නි)