මේ වසරේ මුල් දෙමාසයේ දී නව ආයෝජන ව්යාවපෘති දහසයක් සදහා ගිවිසුම් අත්සන් කර ඇතැයි ශ්රීවලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
එම ව්‍යාපෘති වල වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 110 (රුපියල් කෝටි 1606) කට ආසන්න වන බවද මණ්ඩලය කියයි.
නව ඍජු රැකියා අවස්ථා 1250 ක් බිහි කිරීමට අපේක්ෂිත අදාළ ව්‍යාපෘති මගින් කුඩා ජල විදුලි බලාගාර නිෂ්පාදන අංශයේ හා සංචාරක ක්ෂේත්‍රය සදහා නව හෝටල් ව්‍යාපෘති ඉදිකිරීමල ආදී වෙනත් ආයෝජන ව්යාරපෘති ඇරඹීමට නියමිතය.
ජල විදුලි ව්‍යාපෘති රත්නපුර, හල්දුම්මුල්ල, මාතලේ සහ හාලිඇළ ප්‍රදේශවල ඉදිකිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල්, අනේ දන්න දෙයක් කියන්න. රටේ අපයෝජන වැඩිවෙලා තමයි. පාතාලේ මිනිමැරුම් වැඩිවෙලා නැද්ද? නිකන් බයිලා එපා. පෞද්ගලික අංශයේ කිසිම රැකියා වැඩිවීමක් නැහැ. එදා තත්වෙම තමයි. කෝටි 1600ක් ආයොජන 16 ක් වුණා කියන්නේ සාපේක්ෂව එක ආයොජනයක වටිනාකම කෝටි 100යි. කෝටි 100ක ආයොජනයක් කියන්නේ හරිම පොඩි ව්‍යාපෘතියක්. අනික රැකියා 2100 ක් දෙන ආයොජන 16 කියන එකෙන්ම තේරෙන්නේ නැද්ද මේවායේ තරම...? (නි)
ආයෝජන කෙසේ වෙතත් පසුගිය මාස 15 දී අපයෝජනවල වැඩිවීමක් නම් අපි අත්විඳිනවා. (බ)
අරුණ මෝඩ කතා කියන්න එපා . දැනේ පෞද්ගලික අංශයේ රැකියා වැඩිවිමක් සිදුවේගන යනවා (බ)
කෝටි 2200 විතර අරගෙන සමහර ආයෝජකයෝ අාපහු ගියා නේද? (බ)
මේ ගොඩේ අර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් තියනවද? (නි)
මොක කිව්වත් රාජපක්ස කාලේ වගේම තාම නීතියක් නැහැ (බ)