මෙවර තායිලන්තයේ පැවැත්වෙන 11 වැනි ලෝක හසල් චෙස් තරගාවලියේ නිල ක්‍රීඩකයකු ලෙස ලංකාවේ පළමු හා එකම පාසල් ෆිඩේ මාස්ටර් මෙන්ම ලංකාවේ ලාබාලම ෆිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන් පියුමන්ත ලෝක පාසල් චෙස් සම්මේලනය මගින් තෝරා ගනු ලැබ සිටියි.
ගිය වසරේ 2014 තායිවානයේ පැවැති 10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ දි වයස 13 න් පහළ බාලක අංශයේ රන් පදක්කම දිනා ගැනිම සහ එම වසරේම 2014 බ්‍රසීලයේ පැවැති 10 වැනි ලෝක පාසල් චෙස් තරඟාවලියේ දි වයස 13 න් පහළ බාලක අංශයෙන් ලෝකයෙන් ම පස්වැනියා වෙමින් ලෝකයේ හොඳම දස දෙනාට හිමි පදක්කම දිනා ගැනිමත් සමඟම සසිත් මෙවර පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරඟාවලියේ නිල ක්‍රිඩකයෙකු ලෙස එම සම්මේලනය මගින් තෝරාගෙන තිබේ.
ලෝක පාසල් චෙස් තරඟාවලියේ නිල ක්‍රිඩකයෙකු ලෙස ලෝක පාසල් චෙස් සම්මේලනය මගින් මේ ක්‍රිඩකයා තෝරාගැනිමත් සමඟම ඔහුව මෙවර පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරඟාවලියට යන ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමට තේරිම් තරගාවලියකින් තොරව එම කණ්ඩායමට ඇතුලත් කර ගැනිමට ශ්‍රි ලංකා පාසල් චෙස් සංගමය පියවර ගෙන ඇත. ඒ සසිත්ට කරනු ලබන ගෞරවයක් ලෙසය.
මේ වන විට ජාතික හා ජාත්‍යන්තර චෙස් තරගාවලි රැසකටම සහභාගි වි ඇති සසිත් දිනාගෙන ඇති රන් රිදී හා ලෝකඩ පදක්කම් සංඛ්‍යාව ඉහළය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. ඉදිරියටම යන්න. (ස)
සුබ පැතුම්! (නි)
සුභ පැතුම් පුතා.....! අපේ රටට, පාසලට දම්සෝවටත් ආඩම්බරයක්. (නි)
සුබ පැතුම්!! ජය දම්සෝ..!!! (නි)
නියමයි (බ)
නියමයි මල්ලියා (බ)