මෙවර තායිලන්තයේ පැවැත්වෙන 11 වැනි ලෝක හසල් චෙස් තරගාවලියේ නිල ක්‍රීඩකයකු ලෙස ලංකාවේ පළමු හා එකම පාසල් ෆිඩේ මාස්ටර් මෙන්ම ලංකාවේ ලාබාලම ෆිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන් පියුමන්ත ලෝක පාසල් චෙස් සම්මේලනය මගින් තෝරා ගනු ලැබ සිටියි.
ගිය වසරේ 2014 තායිවානයේ පැවැති 10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ දි වයස 13 න් පහළ බාලක අංශයේ රන් පදක්කම දිනා ගැනිම සහ එම වසරේම 2014 බ්‍රසීලයේ පැවැති 10 වැනි ලෝක පාසල් චෙස් තරඟාවලියේ දි වයස 13 න් පහළ බාලක අංශයෙන් ලෝකයෙන් ම පස්වැනියා වෙමින් ලෝකයේ හොඳම දස දෙනාට හිමි පදක්කම දිනා ගැනිමත් සමඟම සසිත් මෙවර පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරඟාවලියේ නිල ක්‍රිඩකයෙකු ලෙස එම සම්මේලනය මගින් තෝරාගෙන තිබේ.
ලෝක පාසල් චෙස් තරඟාවලියේ නිල ක්‍රිඩකයෙකු ලෙස ලෝක පාසල් චෙස් සම්මේලනය මගින් මේ ක්‍රිඩකයා තෝරාගැනිමත් සමඟම ඔහුව මෙවර පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරඟාවලියට යන ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමට තේරිම් තරගාවලියකින් තොරව එම කණ්ඩායමට ඇතුලත් කර ගැනිමට ශ්‍රි ලංකා පාසල් චෙස් සංගමය පියවර ගෙන ඇත. ඒ සසිත්ට කරනු ලබන ගෞරවයක් ලෙසය.
මේ වන විට ජාතික හා ජාත්‍යන්තර චෙස් තරගාවලි රැසකටම සහභාගි වි ඇති සසිත් දිනාගෙන ඇති රන් රිදී හා ලෝකඩ පදක්කම් සංඛ්‍යාව ඉහළය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දම්සෝ ෆිඩේ මාස්ටර් ජගත් චෙස් තරගෙට
අසේල Tuesday, 21 April 2015 03:06 AM
ඉතා හොඳයි. ඉදිරියටම යන්න. (ස)
අසංග Monday, 20 April 2015 01:15 PM
සුබ පැතුම්! (නි)
නිපුල් Monday, 20 April 2015 03:48 PM
සුභ පැතුම් පුතා.....! අපේ රටට, පාසලට දම්සෝවටත් ආඩම්බරයක්. (නි)
සේතන් Monday, 20 April 2015 05:07 PM
සුබ පැතුම්!! ජය දම්සෝ..!!! (නි)
මාලි Monday, 20 April 2015 09:34 AM
නියමයි (බ)
ධම්ම අශෝක Monday, 20 April 2015 11:11 AM
නියමයි මල්ලියා (බ)