දුම්වැටි පෙට්ටියේ රූපමය අවවාදය සියයට අසුවකින් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ නඩු තීන්දුව හෙට (12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර දුම් බීමෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් උත්සාහය අගයමින් ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව සත්‍යග්‍රහයක් පැවැත්වීය.
ඇමැතිවරයා ද නගරාධිපති ජනක රණවක මහතා ද ඊට එක් වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්ටියෙ ඇඳ තිබෙන ඒවා බලන්න සිගරට් පෙට්ටි ගණන් ගන්න ඕනෑනේ. කවුද ඉතින් ඔය පෙට්ටි ගණන් ගන්නෙ? (නි)
ඔබතුමාට ඕක නවත්තන්න අවංකව උවමනාවක් තියෙනවා නම් සමාගම වහන්න බැරි මොකද 2/3 තියෙන ආණ්ඩුවක් නේද මේ. (ස)
මෙම ක්‍රමය ලෝකයේ පළවැනි වරට ක්‍රියාත්මක කළේ ඕස්ට්‍රේලියාව.දුම්කොළ සමාගම් ඩොලර් මිලියන ගානක් වියදම් කරලා නඩු කිව්වා මෙයට විරුද්ධව.එහෙත් වැඩක් වුණේ නැහැ. (නි)
මේක ඉතා හොඳ වැඩක්. අගය කල යුතුයි. (ස)
දුම් බීම වගේ ම දුම කෑමත් ගැන අවධානය යොමු කළ යුතුයි. (ස)
වෙන කවුරුත් ආවේ නැද්ද? (නි)
දුම්වැටිපානය කීරිමේ ආධීනව පිළිබ රූපරාමු සහිත සිගරට් පෙට්ටියේ පැහදිළිව සදන් කිරීමට, ප්‍රංශයේ පාර්ලීමේන්තූවේ පක්‍ෂය, විපක්‍ෂ ඒක මතිකව අනුමත කලා. දැන් සෑම යුරෝපා රටකම එම නීතිය ක්‍රියාත්මක වෙනවා. සෑම වසරකම සිගරට් පැකට් එකේ මිල ඉහල දමනවා. විධායයක ජනාධිපතිධූරයෙන් මෙයට කෙලින්ම මැදිහත් විය හැකියි. දුම් වැටි මත් පැන් නිසා අසරණ වන්නේ රටේ ජනතාව.පිළිකා රෝගීන්ට මොන තරම් වියදම් කරණවද? මෙලෙස උපවාස කරන්න දෙයක් නෑ. රටට ජාතියට ආදරය කරන්නේ නම් ලාබය නොබලා ජනතා හිත කාමී තීරණයක් අප බලා පොරොත්තු වෙමු. (ස)
සද්භාවයෙන් කරනු ලබන ක්‍රියාවන් වල ප්‍රතිඵලද යහපත් වෙයි. (නි)
මෙතන අදහස් දාන අය පුළුවන් නම් දුම්කොළ බද්දෙන් රජයට වාර්ෂිකව ලැබෙන ආදායම ටිකක් හොයලා බැලුවා නම් හොදයි. (නි)
කඩේ මුදලාලිට තමා රූපමය අවවාදය බලන්න වෙන්නේ.ලංකාවේ කීයෙන් කීදෙනාද සිගරැට් පැකට් එකක් මිළට ගන්නේ? (නි)
මේකත් ඡන්ද උප්පරවැට්ටියක් ද දන්නේ නැහැ.
ගාමිණී කවුරු කළත් හොඳ දෙයට හොඳයි කියන්න පුරුදුවෙන්න. (ස)
ඉතින් දුමි බොන්නැත්නම් නිකම් ඉන්න. බොන අය බොයි. (ස)
ඇයි මේ හොඳ දෙයකට අදහස් දාන්නෙ නැත්තෙ? (ස)
ගාමිණී,පාට කන්නාඩිය ගලවල හොඳ ළමයෙක් වෙන්න.! (ස)
රටක ආණ්ඩුවට වඩා මේ බහු ජාතික බූවල්ලන් බලවත් සෞඛ්‍ය ඇමති තුමාගේ උත්සාහය ඇගයිය යුතු ඒ නිසයි. (ස)
අගමැති තුමාටත් ආරාධනා කරන්න තිබුනේ, (ස)
ඇමතිතුමනි,උත්සහය අත් නොහරින්න.සමාජයට වින කරන දුම්වැටි සමාජයෙන් තුරන් කරන්නට දරන ඔබේ උත්සහයට මහජනතාවගේ සහයද නොඅඩුව ලැබෙනු ඇති. (ස)
හොඳ වැඩක්. අපි ඇමතිතුමාව අගය කරනවා. මේ වගේම කුඩු ගෙන්වන, එතනෝල් ගෙන්වන අයට විරුද්ධවත් මාරාන්තික උපවාසයක් කරමු. (නි)