ලංකා දුම්කොළ සමාගමට අයත් සිගරට් පැකට් තොගයක් රූපමය සෞඛ්‍ය අවවාද සටහන් නොකරන ලද කාඩ් බෝඩ් පෙට්ටි වල අසුරා බෙදා හැරීමක් ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් පෙර ලංකාදීප අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද ලංකාදීපයට ලියූවේ කෙසේද යන්න විමසීමට ඔහු කැඳවන්නැයි ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චින්තක කුලතුංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා.ඩී.පියරත්න මහත්මිය කිසිඳු නියෝගයක් නොදුන්නාය.
අනුරාධපුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතා අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ නීතිඥ කුලතුංග මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම ඉල්ලීම කළේය.
කුලතුංග මහතා මෙසේද කීවේය.
‘මෙම නඩුව ඉදිරිපත් කළ වේලාවේ මාධ්‍ය සංදර්ශනයක් තමයි සිදුවුණේ.නඩුව පවරන්න කලින්ම ලංකාදීප පුවත්පතේ මෙය පළවුණා.සිගරැට් තොගය අත්අඩංගුවට ගත්තේ පසුගිය 2 දා.3 දින ලංකාදීප පුවත්පතේ එය පළ වුණා.‘
‘පණතේ 17 (4) සඳහන්ව තිබෙනවා මෙම පණත ක්‍රියාත්මත කිරීමේදී බලය ලත් නිලධරයා ලබාගන්නා තොරතුර අධිකරණයට මිස වෙනත් පාර්ශවයකට නිකුත් කිරීම නොකළ යුතුයි කියලා.නමුත් 3 දා ලංකාදීප පුවත්පතේ පළවූ මෙම සිද්ධියට අදාළ ප්‍රවෘත්තියේ අනුරාධපුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි කියලා සඳහන් වෙනවා‘
‘එහෙම කියන්න බැහැ.එසේ කියනවා නම් එය අධිකරණයට කරුණු වාර්තා කිරීමට පෙර පැමිණිලි පාර්ශවය විසින් මාධ්‍යයට කියලා තිබෙන්න ඕනා‘
සිගරට් තොගයක් අනුරාධපුර උණගස්වැවදී අත්අඩංගුවට ගැනීම සහ ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙකුට සහ බෙදා හළ ආයතනයේ නියෝජිතයෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය කළ නියෝගය ගැන ලංකාදීප පුවත්පතේ සහ තවත් ජාතික පුවත්පතක පළවී තිබූ වාර්තා නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරිය නීතිඥ කුලතුංග මහතාට දැනුම් දුන්නේ දීර්ඝ දේශන පවත්වමින් අධිකරණයේ කාලය මිඩංගු නොකරන ලෙසයි.පැමිණිල්ල , විත්තිකාර සමාගමට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලසෙද මහේස්ත්‍රාත්වරිය ඔහුට කීවාය.
වැඩිදුර විභාගය පෙබරවාරි 19 වැනිදාය කල් තැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රූපමය අවවාද අත්‍යවශ්‍ය දෙයක්ද? මගේ පියාට දැන් වයස අවුරුදු 91ක්. ඔහු කුඩා කාලේ පටන් බීඩි බිව්වලු. 1967 වසරේදී ඔහු බිවුවේ 3 රෝසස්. 1975 දී විතර බ්‍රිස්ටල් වලට මාරුවුණා. ඔහු අදටත් හොඳ සනීපෙන් ඉන්නවා (නි)
අපේ සෞඛ්‍ය ඇමතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයකුත් පුදාඇති මෙම අවස්ථාවේ නීතිවිරෝධී ලෙස දුම්වැටි මෙසේ බෙදාහැරීම ගැන පුවත්පත් මඟින් අනාවරණය කිරීමේ වරද කුමක්දැයි ගරු අධිකරණය තීරණය කරනු ඇත (නි)
හරි. බලධරියාට තහනම්ලු ඒ ගැන මාධ්‍යයට කියන්න. පනත අනුව ඔහුට බලය තියෙන්නේ අධිකරණයට වාර්තා කරන්න පමණයිලු. සත්‍ය ජනමාධ්‍යවේදියා කියන්නේ නිතරම තම වටාපිටාව ගැන " අවදියෙන් " සිටින උකුස්සෙක් වගේ කෙනෙක්. එයාට බලධාරියාගෙන් වැඩක් ඇත්තෙම නැහැ. එයා දඩයම් බල්ලෙකුටත් වැඩිය "ඉවක්" තිබෙන ඉතා සංවේදී කෙනෙක්. ඒ ඉව ඔස්සේ ගවේෂණය කිරීමෙන් පැහැදිලි,නිරවුල් සත්‍ය චිත්‍රයක් ඔහුට නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තටම මේ පුද්ගලයා එයාගේ රැකියාව අකුරටම ඉෂ්ටකර තිබෙනවා. පවතින ඇත්ත තත්වය නිවැරදිව, නියම වෙලාවට මහාජනයා වෙත සම්ප්‍රේෂණය කර තිබෙනවා. මහත්මයාණෙනි ඔබට මගේ සුබ පැතුම්. (නි)
මහේස්ත්‍රාත්වරියට අපේ ආචාරය! (නි)