(රේඛා තරංගනී ෆොන්සේකා සහ ඉන්දිකා රාමනායක)
කොළඹ සිට මාතර දෙසට දහවනය කෙරෙමින් තිබූ දුම්රියේ ගමන්ගත් අඹු සැමි යුවලකට කඩුවකින් පහර දී බිරිඳගේ ගෙලබැඳි රන් මාලය සහ ලක්ෂ දෙකක මුදල් පැහැර ගත් එක් සැකකරු මොරටු පොලිසියෙ විසින් ඊයේ (06) සහ අනෙක් සැකකරු අඟුලාන පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇතැයි මොරටුව පොලිසිය පැවසීය.
කොල්ලකෑම සිදුවන අවස්ථාවේ ඇතිවූ පොරබැදීමේදී පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළෙහි සැමියාගේ අතට වැදුණු කඩු පහරක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කොට ඇත.
අඹු අඹුසැමි යුවළ ත්‍රීරෝද රථයක් මිලදී ගැනීම් සඳහා අවශ්‍ය මුදල්ද රැගෙන මන්නාරමේ සිට කොළඹට පැමිණ ඇති අතර කොළඹ කොටුවේ සිට පානදුරට යළි ගමන් ගන්නා අතර තුර කොරලවැල්ල ප්‍රදේශ්යේදී මෙම කොල්ලකෑමට ලක්වී ඇත.
කොල්ලකෑමෙන් පසු සැකකරුවන් දෙදෙනා දාවනය වන දුම්රියෙන් පැන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු දුම්රියෙන් පැනීමේදී තුවාල ලබා මොරටු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් සැකකරු කොල්ලකනු ලැබූ රන් ආභරණ හා මුදල් රැගෙන පලාගොස් සිටි අතර එම සැකකරු කොල්ලකකෑ මුදලින් මිලදී ගත් බව කියන කුඩු ග්‍රෑම් හයක් සමඟ අද (07) අත්අඩංගුවට ගැනීමට අඟුලාන පොලිසිය සමත් වී ඇත.
මොරටුව සහ අඟුලාන පොලිසි වලින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා මොරටුව කොරලවැල්ල සහ පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
දුම්රියෙන් වැටී තුවාල ලැබූ සැකකරු ලුනාව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අඟුලාන පොලිසිය විසින් කුඩු ග්‍රෑම් හයක් සමඟ අත්අඩංගුවට ගත් මධුෂාන් නොහොත් කලුවා නමින් හඳුන්වන සැකකරු බලඅපරාධ රැසකට නම් දරාපු පුද්ගලයෙකු බවත් පොලිස් පොලිසිය පැවසීය.
මෙම සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධ වැටලීම ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනෑන්ඩු සහ අඟුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ෆර්නෑන්ඩෝ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මොරටුව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික අඟුලානේ උප පොලිස් පරික්ෂක බලවර්ධන පොලිස් කොස්තාපල් 7220 දිලංක,40568 වසන්ත ඇතුලු නිලධාරිහු සිදු කරති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd