
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දුම්රිය දෙපාර්තමේන්තුවට ඇතැම් උපකරණ ප්‍රමාණය ඉක්මවා මිලදී ගෙන ඇති බවටද තොරතුරු හෙළි වී යැයි කෝපා කමිටුව පවසයි.
කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක පසුගිය 22 වැනිදා නිරත වූහ. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ එම නිරීක්ෂණ චාරිකාවේදීය.
ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් වසාගෙන ඇති බවද මන්ත්‍රීවරුන් නිරීක්ෂණය කර ඇත.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ උපදෙස් පරිදි පසුගියදා (22) වැනිදා සිදුවූ මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කමාර නවරත්න සහ (වෛද්‍ය) ජනක සේනාරත්න යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
මෙහිදී රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා මහතා සහ නියෝජ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු නිලූපා ඒකනායක මහත්මිය වැඩ බිමේ ඒ ඒ ස්ථාන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළහ. අදාළ වැඩ බිම්වල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ද එම නිලධාරීහු මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්හ.
එසේම නිරීක්ෂණ චාරිකාව මගින් හඳුනාගත් සියලු කරුණු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව මන්ත්‍රීවරු පැවසූහ.
මෙම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රියට හිතුමතේ බඩු අරන්
Bunny Preena Wednesday, 28 May 2025 01:18 PM
කෝපා කණ්ඩායම දුම්රිය නඩත්තු අංගණයේ සිටින ඡායාරූපයක් පලකරලා තිබුණා නම් වඩාත් වටිනවා...