දුම්රියට ගල් ගසා අහිංසක මගී ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න හදන නැහැදිච්ච මිනිස්සුන්ට එරෙහිව නීතිමය වශයෙන් උපරිම දඬුවම් දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.ටී අරියරත්න මහතා පැවසීය.
ගලක් වැදී මගියකු මරුමුවට පත්වූ අතර තවත් මගින් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
‘මොවුන් නීතියේ රැහැනට හසුකර ගන්නට පොලිසියට හෝ දුම්රිය නිලධාරින්ට පමණක් කරන්න බෑ ඇත්තටම මේ අපරාධය නවත්තන්න අපට මහජන සහය අවශ්‍යයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි පහත් ‘විනෝදාංශ‘ කරන පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කර අපට හෝ ළඟම පොලිසියට හෝ තොරතුරු ලබා දෙන්න කියලා.
ඇත්තටම මෙවැනි පහත් ක්‍රියා නවත්වන්න ගම් මට්ටමින් සංවිධාන වීම වැදගත් පහුගිය දවසක කොල්ලුපිටිය මඩකලපුව ප්‍රදේශයන්හීදී දුම්රියට ගල් ගහපු අය අත්අඩංගුවට ගත්තා. මේ වන විට ඔවුන්ට එරෙහිව නඩු දෙකක් විභාග වෙනවා.
තව ගල් ගහන්න හිතන අයටත් පූර්වාදර්ශයක් වන විදියේ නඩු තීන්දුවක් ලැබේ යැයි සිතනවා.‘ යැයි ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දේපලවලට ,අලාභහානි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් , බවත් ,දැනටමත් රජයේ දේපල විනසකල අයට ලැබෙන දඩුවම් ජනමාධ්‍ය තුලින් දකිනවා ඇති මම හිතන්නේ, මේවා අපේ පොදු දේ එමනිසා මේවා ආරක්ෂ කර ගැනීම අපසතු වගකීමකි, දෙමුපියනි ඔබේ දරුවා මේගැන දැනුවත් කරන්න, එපමණක් නොව මෙවැන්නන් පිළිබද ඔබ දන්නා කරුණු ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න එය ඔබේ වගකිමහ යුතු කමක් බව මතක තියාගන්න (අ)