කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වා ධාවන වූ දුම්රියට නාරාහේන්පිට දී ගල් ගැසුවේ යැයි කියන අවුරුදු 16, 17 හා 18 වයසැති තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකු ලබන 25 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කළේය.
වයසු අවුරුදු 16 සැකකරු මාකොළ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළ අතර සැකකරුවන් නාරාහේන්පිට පිච්චමල්වත්ත උසාවියවත්තේ පදිංචිකරුවෝ වෙති.
ගල් ප්‍රහාරයෙන් දුම්රියේ වීදුරු කිහිපයක් බිඳී ඇති බවත් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී විනෝදයට ගල් ගැසූ බවත් සැකකරුවන් පැවසූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් දෙන්න ඕන මේ කොල්ලන්ගේ දෙමවුපියන්ටයි! (බ)
විනොදෙට ගල් ගසන්න වෙනම කෝච්චියක් යවන්න.(හේ)
දැඩි දඩුවම් දෙන්න තව ගල්ගන්න බලාගෙන ඉන්න උන්ට දැනෙන්න (බ)
විනෝද බද්දට පාඩුව අයකරගෙන, ආපහු නොකරන්නයි, කරන්න ඉන්න අයට පාඩමක් වෙන්නයි දඬුවමක් දෙන්න. මගේ නංගි කෙනෙකුටත් කෝච්චියේ යනකොට ගලක් ඔලුවට වැදිලා අමාරු වුණා. (නි)
දුම්රියට ගල් ගසන අය ගැන ඔත්තු දෙන අයට තෑගි දෙනවා නම් අල්ලාගන්න පහසුයි. (නි)