(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් සැප්තැම්බර් මාසයේදී ප්‍රවේශපත් නොමැතිව ගමන්ගත් මගීන් 129 දෙනෙකුගෙන් දඩ මුදල් අයකර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම මගින් එකසිය විසි නම දෙනාගෙන් රුපියල් හාරලක්ෂ දෙදහස් දෙසීය ක දඩ මුදලක් අය කර ගෙන ඇත.

සැප්තැම්බර් 08 වන දින සිට කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන  මගීන් සාමාන්‍ය පරිදි  පරීක්ෂා කිරීමට දුම්රිය ස්ථානාධිපති සමන් කුමාර මහතා දුන් උපදෙස් මත මෙම දඩ මුදල් අය කර ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ පිටවීමේ දොරටු  දෙකක් ඇති අතර මෙම පරීක්ෂා කිරීම සිදු කොට ඇත්තේ විනිසුරු අක්බාර් මාවතේ පිහිටි පිටවීමේ දොරටුවෙන් පමණක් බවත් දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය සතුව කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය සේවකයන් 18 දෙනෙකු සිටිය යුතු වුව ද මේ වන විට සේවට කරනු ලබන්නේ සේවකයන් 06 ක් පමණක් වන අතර ඒ හේතුවෙන්  අනෙක් පිටවීමේ දොරටුව පිහිටි උත්තරානන්ද මාවතේ දොරටුවේ පරික්ෂා කිරීම් සිදු කිරීමට නොහැකිවී ඇත. 

මේ වන විට දුම්රිය ස්ථානවල පවතින අධික සේවක පුරප්පාඩු හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථානවල පිටවීමේ දොරටු වලට අවශ්‍ය පරිදි පරික්ෂා කිරීම සිදු කිරීමට සේවකටන් නොමැති වීම හේතුවෙන් මගීන් විශාල සංඛයාවක් මේ වන විට   ප්‍රවේශපත් රහිතව ගමන් කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.