2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය සේවකයෝ වැඩි පඩි ඉල්ලති
දෙනුක Wednesday, 03 September 2014 01:29 AM
මේ ගොල්ලන්ගේ පඩි වැඩි කරනවා නම් උදේ පාන්දර ඉඳලා රාත්‍රී වෙනතුරු හතර පස් දෙනෙකුගේ වැඩකරන පුද්ගලික අංශයේ අපෙත් පඩි වැඩිවෙන්න ඕනෑ. මේ ටික ලියන්න පුළුවන් වුණෙත් මාස 6කට පස්සේ දවස් 2ක් නිවාඩු ලැබුන නිසා. (නි)
මාලා Wednesday, 03 September 2014 02:38 AM
මේක වහලා දැම්මා නම් ඉවරයිනේ. දැන් අපිට අධිවේගේ තියෙනවනේ ගාලු යන්න. (නි)
සේරම් Wednesday, 03 September 2014 10:48 AM
මෙයාලගේ පඩියෙන් කොටසක් හරි නම් අපිට දෙන්න ඕනෑ (නි)
සංජය Wednesday, 03 September 2014 02:56 AM
මමත් රජයේ සේවකයෙක්.තමුන් වැඩි පඩි ඉල්ලන්න පළමුව බලන්න ඕනෑ තමුන්ගේ ආයතනය ලාබ ලබනවද නැද්ද කියලා. (නි)
මිලානො ජයන්ත Tuesday, 02 September 2014 10:09 AM
වැඩි වන ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙන්නෙ නැති එක ඇත්ත. රජයේ සේවකයන් සියලු දෙනාම ගෙන බැලුවත් පැය 8ක් කවදාවත් හරියට වැඩකරලා නැතුව ඇති. ඒ අතින් බලනවිට දැන් ලැබෙන වැටුප වැයකරන ශ්‍රමයට සරිලන බව කිවහැකියි. (නි)
තරිදු Tuesday, 02 September 2014 10:18 AM
මොවුන් හට ඇති එකම උද්ඝෝෂණය තමයි ජීවන යුද්ධය. (නි)
උදාර Tuesday, 02 September 2014 10:24 AM
මට නම් මොවුන් ගැන කිසිම පැහැදීමක් නැහැ (නි)
ගිහාන් Wednesday, 03 September 2014 03:36 AM
ඉස්සෙල්ලා තමන්ගේ රාජකාරිය හරියට කරලා පෙන්වන්නකෝ. එතකොට ආණ්ඩුව ඒකට සළකාවි. (නි)
අනිල් Wednesday, 03 September 2014 03:43 AM
කොච්චර උද්ඝෝෂණ කළත් වැඩක් නැහැ. දැන් මේක මෝස්තරයක් වගේ නිසා කවුරුවත් මේවා බලන්නේ නැහැ (නි)
දිමුතු Tuesday, 02 September 2014 10:53 AM
ඉතා සාධාරන ඉල්ලීමක්. ඉක්මනින් ඉල්ලන දෙයක් ඉල්ලා ගන්න (නි)
අපොන්සු Tuesday, 02 September 2014 10:57 AM
වැඩි පඩියට හිලව් වෙන්න වෙලාවට දුම්රිය දුවවන්නත් පොරොන්දු වෙනවද? (නි)
මාධව Tuesday, 02 September 2014 11:12 AM
මෙයාලා ඉගෙනගන්නේ රටේ මිනිසුන්ගේ සල්ලිවලින්. පඩි ගන්නේ රටේ මිනිසුන්ගේ සල්ලි. ඒත් මෙයාලා ඒ මිනිසුන්ට සේවයක් කරනවද? (නි)
ඉසුරන්දි Tuesday, 02 September 2014 12:09 PM
අනේ මන්දා! මේ තත්වය ඉස්සරහට පැවතුනොත් මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.ඇති එකා කති බොති නැති එකා උලා කති කිව්වලු. (නි)
ප්‍රනාන්දු Wednesday, 03 September 2014 05:50 AM
ගරු මැති ඇමතිතුමන්ලාට සහ ලේකම්තුමන්ලාට පළමුව 100% ක් පඩි වැඩි කරන්න ඕනෑ. ඊට පසුව අපිටත් 50% ක් වැඩි කරන්න. බඩු මිලත් 70% කින් වැඩි කරන්න. (නි)
රුවන් Tuesday, 02 September 2014 01:42 PM
වැඩි පඩි ඉල්ලන්නේ, තිබෙන පඩියේ හැටියටවත් වැඩක් කරනවද? (නි)
ඩයස් Tuesday, 02 September 2014 01:43 PM
බලන්න. අර උද්ඝෝෂකයෝ ඉදිරියෙන් කරත්තයක් තල්ලු කරගෙන යන මිනිසාට කාගේ පිහිටක්ද? (නි)
සුගුනවති Tuesday, 02 September 2014 02:36 PM
තමන්ට ලැබෙන්නේ තමන් දීලා තියෙන ප්‍රමාණයට. තමන්ට මෙවැනි රැකියාවක්වත් ඇති එක ගැන සතුටු වෙලා ලද දෙයින් සතුටු වෙන්න (නි)
කමිදු Tuesday, 02 September 2014 07:01 PM
එතකොට පුද්ගලික අංශයේ සේවකයෝ? ජීවන වියදම කියන එක ඒ අයට නැද්ද? නිෂ්පාදනය වැඩිපුර තියෙන්නේ එතනනේ. (නි)
චමින්ද Tuesday, 02 September 2014 08:19 PM
බයවෙන්න එපා, කීයක්හරි ලැබෙයි (නි)
ද සිල්වා Tuesday, 02 September 2014 10:39 PM
මේ ප්‍රශ්න ගැන හොයන්න ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හු කිවුවා නේද? දැන් මොකද කෑ ගහන්නේ? මේ ප්‍රමිතියක් නැති වැඩ නිසා අපි හැමදාම පැය ගණන් රස්තියාදු වෙනවා. බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න කියලා ගෙදර යන්න (නි)
නුවන් Tuesday, 02 September 2014 11:56 PM
මේ උදවිය දැනට ලැබෙන පඩියේ තරමටවත් වැඩ කරනවද ? (නි)
උපාලි Wednesday, 03 September 2014 12:39 AM
වරක් කවුරුහරි පෙන්වා දී තිබුනා රජයේ සේවකයන්ගෙන් වැඩිම පඩි (අතිකාල ඇතුළුව) ගන්නේ මේ කට්ටිය කියලා. අනේ මන්දා. (නි)