(රංජන් කස්තුරි)
දුම්රිය සේවයේ පැවැති වැටුප් විෂමතා ඉවත්කර දුම්රිය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
දුම්රිය තාක්ෂණික සේවයට අයත් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ කළමනාකරණ සේවයට අයත් නිලධාරීන් සඳහා ටීඑල් යනුවෙන් අලුත් වැටුප් කේතයක් හඳුන්වාදී ඇති අතර ඔවුන්ගේ ආරම්භක වැටුප රුපියල් 36,095 ක් ලෙස පිහිටවූ බවද මුදල් අමාත්‍යංශය කියයි.
මීට අමතරව දුම්රිය එන්ජින් රියදුරු සහායකගේ වැටුප රුපියල් 34415 ක් ලෙස පිහිටවූ බව මුදල් අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් වර්ජනය ඉවරද? අමතක කරන්න එපා. ඊළඟට විශ්රාමිකයෝ එනවා.
දුම්රිය රියැදුරන් ලෙස යුද හමුදාවේ සියයක් දෙනා කඩිනමින් පුහුණුකර සූදානම් පිට තැබිය යුතුයි. එවිට මේ කාලකන්නි රියැදුරන් ගසා පැන්නිය හැකිය. නූගත් දේශපාලකයන් මෙන්ම මොවුනුත් හිතන් ඉන්නේ මහා ලොකු ලොක්කන් කියාය...