(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය දිගු  කාලයක් පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපාන ගැටලු රාශියකට නිසි විසදුම් ලබා නොදීම මත ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ  ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර  මහතා පැවසීය.   

දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් හිටපු හා වර්තමාන  දුම්රිය සාමාන්‍යාධිකාරී සමඟ ද නිරන්තරයෙන් සාකච්ඡා කර තිබුන ද ඊට විසදුම් ලබා දෙනු වෙනුවට අදාල කටයුතු මග හැරීම මත විධායක කමිටුව මෙම  තීරණයට එළඹි බවත්  මේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ අවස්ථා  කිහිපයකදී සහ නව ප්‍රවාහන අමාත්‍යවරිය  සමග ද සාකච්ඡා කළ බවත් කසුන් චාමර මහතා වැඩිදුරටත් කීය.

අදාල අමාත්‍යවරුන් දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියට මෙම ගැටලු කඩිනමින් විසදීමට  උපදෙස් ලබා දී තිබිය දී ද ඒ පිලිබදව දෙපාර්තමේන්තුව මගින් කටයුතු නොකිරීම තුලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය අරගලයකට යොමු කොට රජය අපහාසූතාවයට පත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ හා ඇතැම් පාලනාධිකාරියේ නිලධාරීන්ගේ අභිලාෂය බව පැහැදිලි දක්නට ඇත.