(යොහාන් භාසුර සහ සජීවා කෝට්ටගොඩ)
ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ ඊයේ (4) රාත්‍රී සේවයේ නිරතව සිටි මෙහෙයුම් ස්ථානාධිපතිවරු දෙදෙනා අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් ස්ථානාධිපතිවරයෙක් රෝහල්ගත කර ඇති බවත් අනෙක් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරි බවත් ත්‍රිකුණාමලය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (5) පැවසීය.
එම දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා අතර කිසියම් හේතුවෙක් මත ආරවුලක් ඇති වී එය ගැටුමක් බවට දුරදිග ගොස් ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා එහිදී තරමක තුවාල ලැබූ ස්ථානාධිපතිවරයෙක් තව දුරටත් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද සඳහන් කළේය.
රෝහල්ගත ප්‍රතිකාර ලබන ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සමතයකට පත්කිරීමට කැමැත්ත පළකර තිබීම නිසා අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා පොලිස් ඇප මත මුදාහැරි බවත් අදාල ස්ථානාධිපතිවරු දෙදෙනා පසුව පොලිසියට කැඳවා විමර්ශනයක් කරන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහකාර දුම්රිය ස්ථානාධිපති තනතුරට සුදුසුකම් ඉල්ලද්දී ආත්මාරක්ෂක සටන් පිළිබඳ ප්‍රවීණතාවයක් තිබීම අත්‍යාවශ්‍යයි කියලා කිව්වොත් හොඳයි...
ස්ට්‍රයික් කරන්න බැහැ කියපු නිසා...