කොළඹ ඊපීසීඑස් ධාවනාගාරයේ දුම්රිය රියදුරකු හා සේවකයකු අතර ඇති වූ බව කියන ගැටුමකින් පසු එස් නවය හා දහය බලවේග දුම්රිය රියදුරන් කෑම ප්‍රශ්නයක් මත අද උදේ වර්ජනයක් ඇරැඹූ බව දුම්රිය ආරංචි කියයි.
මේ වන විට බලවේග ධාවන දුම්රිය 10ක් අහෝසි කර ඇත.
දුම්රිය රියදුරන්ගේ රාජකාරි වේලාව සිහිපත් කරන සේවකයකු ගෙනා උදේ කෑම වේල පිළිබඳ ප්‍රශ්නයක් ගැටුමට මුල් වී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කමක් නෑ. බඩගින්න නිසානේ ස්ට්‍රයික් කරන්නේ. බඩ පිරුණම ඕක ඉවර වෙයිනේ. එතකන් අපි පාරේ වේලි වේලි ඉන්නම් කමක් නෑනේ. (ස)
මේ විදියට ඉතාම සුළු දේවල් වලටත් මහජනයාට කරදර වෙන විදියට කටයුතු කරන අයට විරුද්ධව විනයානුකුලව ක්‍රියා කල යුතුයි. (ස)
එහෙනම් හොද කෑමක් දුන්නා නම් හොදයි. (නි)
ඕකට ස්ට්‍රයික් කරන්න ඕනෑද? ගොඩින්ම බේරා ගන්න තිබුනනේ. ඕකෙන් අපිටනේ කරදරේ. (නි)
අනේ මෙහෙම මිනිස්සු. පුද්ගලික ප්‍රශ්නයක් ඇති වුනත් වර්ජන. මහ මඟ රස්තියාදු වෙන මගීන් ගැන අල්ප මාත්‍රයක්වත් හිතන්නේ නැති හැටි. ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හොඳ වැඩියි. (ස)
අපේ රටේ පවතින මේ පහත් පෙළේ වැඩවර්ජන වැඩවර්ජන කියන නමටත් නිගරුවක්. (නි)