මහින්ද නිශ්ශංක
දුමරිය නියාමක, රියදුරු , ස්ථානාධිපති සහ පාලකවරුන් අනිද්දා (29) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය අතිහිටුවීමට දුම්රිය වෘත්තීය සමිති අද (27) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප‍්‍රනාන්දු මහතා පැවසීය.
දුම්රිය ශ්‍රේණි විෂමතාවය නිවැරදි කර තමන්ට හිමි වැටුප් තල ලබා ගැනීම සම්බන්ධ ගැටළුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේ ප්‍රථිපලයක් වශ්‍යයෙන් මෙම තීරණයට එළැඹි බව ජනක ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද දෙවැනිවරටත් පැවැති මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 4.30 පමණ සිට පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති ගැටලුවට පෞද්ගලිකවම මැදිහත්වී විසඳුමක් ලබාදීම සඳහා මාස දෙකක පමණ කාලයක් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ප‍්‍රකාශ කළ බවත් කී ජනක ප‍්‍රනාන්දු මහතා ඒ අනුව ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා වර්ජනය නතර කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපරාදේ... වර්ජනය අත්හැරියේ අපි බලාගෙන සිටියේ යහපාලනය කෑලිවලට කඩන් වැටෙනකන්....
මාස දෙකකින් මේ ආණ්ඩුවවත් තියෙයිද කියල විශ්වාස නෑ. ඔයාල වර්ජනය කරන්න.
ජනාධිපතිතුමාගේ වචනය විශ්වාස කල ඔබ සැමට අබ සරණයි.
සමිති වර්ජනය කරනවා, ප්‍රවාහන ඇමති හා කියනවා. වර්ජනය නවත්තනවා. මුදල් ඇමති බෑ කියනවා, වර්ජනය පටන් ගන්නවා. ජනාධිපති හා කියනවා වර්ජනය නවත්තනවා. කැබිනට් එක බෑ කියනවා, වර්ජනය පටන් ගන්නවා. අනේ මෙහෙමත් රටක්! අනේ මෙහෙමත් ආණ්ඩුවක්!!
ඔයගොල්ලන්ගෙ සේරම දීමනා ලැබෙනකන් අකණ්ඩ වැඩ වර්ජනයකට යන්න. තවත් රැවටෙන්න එපා.
හොඳට ගුටි කන්න බලාගෙන වර්ජනය කරන්න.....