කොළඹ කොටුව සිට මහව හා ගනේවත්ත බලා අද (20) පස්වරුවේ ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය දෙකේ රාජකාරි කිරීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය රියදුරෝ කියති.
අලව්වේ දී අද (20) උදේ මහව දුම්රියේ රියදුරුට මගීන් පිරිසක් පහරදීමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව රියදුරු සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසානායක, මෙච්චර කල් නොතිබුණු ප්‍රශ්නයක් එකපාරටම ආවේ කොහොමද? එකකට යන්න පුළුවන් නම් මේකට විතරක් යන්න බැරි ඇයි? දුම්රියේ යන්නේ නැති අය එක එක කතා කියනවා. ඒත් යන මිනිස්සු දන්නවා ඇත්ත. (නි)
බැරිනම් රටට පවු නොදි අයින් වෙලා යන්න. ඔයිට වඩා වැඩකාරයො එලියේ ඕන තරම් ඉන්නවා. හමුදාවේ කොල්ලො ඕන තරම් ඉන්නවා දවස් පහෙන් නියමෙට වැඩේ කරයි. (ස)
එතකොට මගීන්ට ගහපු එකට මොකද කරන්නේ..මෙරට අයාලේ යන්නේඕනි ඕනි දේ කරනවා මිනිස්සු (දිල්)
නිව්ටන් ගේ තුන්වැනි නියමය, සෑම ක්‍රියාවකට සමාන සහ ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත. මෙන්න සාක්කි. (නදී)
අනේ අයියලා පඩියත් එපා කියන්නකෝ වැඩක් නොකර ස්ට්‍රයික් කර කර ඉදල පඩි ගන්න එක හරි නැහැනේ කියල කියන්නකෝ. (නදී)
මේ වගේ බැරි බැරියාවන්ට බෙහෙත් තිබුණා අපේ ප්‍රේමදාස මහත්තයා ළඟ (නි)
මෙයාලා මේ ලොකුකම් කතා කරන්නේ රාජ්‍ය සේවයේ තිබෙන වරප්‍රසාද නිසානේ. (නි)
ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඔවුන් වැරදි නැහැ (නි)
නිශාන්ත වගේ මේ ප්‍රශ්න නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි බහුතරයක් දුම්රිය රියදුරන්ට මෙහි වරද පටවයි.මේ රියදුරන්ට නියමිත වේගයෙන් ගමන් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට,අඩුපාඩු නිවැරදි කිරීමට පාලකයන්ට බල කිරීම වෙනුවට රියදුරන්න්ට පහරදීම කෙතරම් සාධාරණද? (නි)
වර්ජනයෙන් කෙරෙන්නේ මඟීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් (නි)
අපි දකින්නේ මෙය පරිපාලනයේ වැරැද්දක් කියාය. දුම්රිය රියදුරන්ට ගහන චණ්ඩින්ව අත්අඩංගුවට නොගන්නේ මන්ද? ඉදිරියට ලොකු වර්ජනයකට මුහුණ දෙන්න වේවි වගේ (නි)
ඔය කියන රියදුරන් සේවයෙන් ඉවත් වුණා කියලා දුම්රිය නවතියි කියලා හිතනවා නම් ඒක මහා මෝඩ අදහසක්. අවංකවම කියන්න ඇයි දුම්රිය නියමිත වෙලාවට ගෙනියන්න බැරි කියලා.කවුරු නිසාද කියලා. (නි)
මේ මිනිස්සු පඩි ගන්නේ අපෙන්.ඕවාට වැරදිකාරයො අපිද? හමුදාවට දෙන්නයි තියෙන්නේ (නි)
දැන් ඉන්න රියදුරන් ගොඩ දෙනෙක් ඉස්සර පන්දමෙන් ආපු උදවිය. මේ ක්ෂේත්‍රයට එන්න හුඟ දෙනෙක් ආසාවෙන් ඉන්නවා නරකද හොඳ පුහුණුවක් දීල ඒ අයව සේවයට බඳවා ගත්තොත්.(නදී)