දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීම අද හත් වැනි දිනටත් පැවැත්විණි.මේ නිසා මඟිහු හා කාර්යාල සේවකයින් මහත් අසීරුතාවට පත් වුහ.
අපරික්ෂාකාරී ලෙස දුම්රිය ධාවනය කළැයි රියදුරන් කිහිප දෙනකුගේ වැඩ තහනම් කැර විනය පරීක්ෂණ පැවැත්වීමත් සමඟ පොතේ හැටියට දුම්රිය ධාවනය කරන බව දුම්රිය රියදුරෝ කියති.
අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ද බොහෝ පමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පාලකයින්ගේ අඥාන වැඩ සහ නිලධාරීන්ගේ නරක ගති නිසා ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට ගොඩයාමක් නැත. කොන්ද කෙළින් තිබෙන, ජාතික අභිමානය ඇති, හදවත තරමක් දැඩි පාලනයක් අවශ්‍ය මොහොතකි මේ. රට අරාජික වෙමින් යන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. (නි)
මෙම රියදුරු රැකියාව විශාල දැනුම් සම්භාරයක් ඇති කෙනෙකු විසින් කළ යුතු අසීරු රැකියාවක් නොවේ නේද? නමුත් මොවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අති විශාල දැනුම් සම්භාරයක් වගේම කාලයක් අපතේ යන හැටි? බොහෝවිට ඔවුන් වැරදිත් කරලා මඟීන්ටත් වද දෙනවා. (නි)
ඒ මිනිස්සු හරි. එයාලා තමන්ගේ රැකියාව ගැන හිතන්න ඕනෑ. ඔය මඟීන් කියන අය රියදුරන්ට මොනවා හරි වුණොත් වගකියන්නේ නැහැනේ. නේද? (නි)
බලන්න අවට තිබෙන කැළිකසල ගොඩ... ලංකාවට පිරිසිදුකම කවදා පුරුදු කරන්නද? (නි)
මේ දුම්රිය පාර දිහා බැලුවහම තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ තිබෙන වැඩපිළිවෙල කොහොමද කියලා. තවත් මොනවා කියන්නද? (නි)
මම හිතන විදිහට ලංකාවේ කාර්යාල වල සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා අපි මොනතරම් රස්තියාදු වෙලා තිබෙනවද? මේ කාර්යාල සේවකයන් තව තවත් රස්තියාදු වෙද්දී ඒ බව හොඳින්ම ඔවුන්ටත් වැටහෙයි (නි)
ඒ කාලේ මෙච්චර අධ්‍යාපනයකුත් නැතුව නිපදවූ දුම්රිය පදවන්න අද කාලේ විඳින දුකක්? (නි)
සමහර දුම්රිය ස්ථාන වල සිටින නිලධාරීන් තම රාජකීය අකුරටම ඉටු කරන බව ඉහත රූපයේ මාර්ගයේ තිබෙන කසළ දුටුවිට අවබෝධ කරගැනීමට පුළුවන් (නි)
මම මේවා දකිනකොට අතිශයින්ම කණගාටු වෙනවා මම උපන් රට ගැන. මේක කවදාවත් දියුණු කරන්න මේ රටේ මිනිස්සු ඉඩදෙන්නේ නැහැ. නමුත් මම සතුටින් ඉන්නවා ඇමෙරිකාවේ ජීවත්වෙන නිසා (නි)
නිශා හිතන්නේ පුද්ගලික බස් කොන්දොස්තර-රියදුරු වෙනවා වගේ කියලද, මේක? (නි)
"කරුණාවෙන් සවන් දෙන්න... නුවර සිට පැමිණෙන මීළඟ සීඝ්‍රගාමී දුමිරිය මන්දගාමීව කොට කොටා මරදාන කරා ළඟාවෙනවා අැත" (නි)
මඟී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක්. තම තමන්ට ඕනෑ විදිහට දිගින් දිගට දුම්රිය ගමන් අඩපණ කිරීම ජාතික වගකීම මඟහැරීමක්. පසුගිය දිනවල සිදුවීම් දෙස බලනවිට නොසැළකිළිමත්කම නිසා සිදු වූ බරපතල හානි මහජනතාවගේ මුදල් විනාශ කිරීමක්. මගේ මවුබිම කියන හැඟීම හැම කෙනෙකු ළඟම ඇති වන්නේ නම් මේ රට ඉදිරියට ගෙන යෑම අපහසු කාර්යයක් නොවේ. (නි)
හෙදියන්,වෛද්‍යවරුන් සහ දුම්රිය රියදුරන් අද සිටින තත්ත්වයට පත්වී ඇත්තේ මහජනතාවගේ මුදල් වලින් නේද? ඉතින් ඔවුන් කරන කියන දේ ගැන විමසීමට මහජනතාවට අයිතියක් ඇත (නි)
නිමාලි, ඔය කසළ එකක්වත් දුම්රිය දෙපාර්තමේන්කුව දාපු ඒවා නොවේ. කෝච්ච්යේ යන එන අපි එයාලා වගේ සාමාන්‍ය අහිංසක අවංක මිනිස්සු දාපුවා තමයි.(නදී)
ඔහොම යන්, මේවා ලොකු පුටුවල ඉන්න පාලකයන්ගේ වැරදි. පව් අහිංසක ජනතාව.(නදී)
මේ ලංකාව කවදාවත් හදන්න නම් පුළුවන්කමක් වෙයිද? (නදී)
වග කිවයුත්තන්ට සුදුසු දඩුවම දෙන්න දුම්රිය රියදුරන් මේකට ඍජුවම වග කිව යුතු නැත. දුම්රිය බලධරයනි දේශපාලකයින් මත යැපෙන්න එපා.(නදී)
ආයෙමත් ගුටි කන්න තමයි වෙන්නේ.(නදී)
මේ ගොල්ලන්ට ප්‍රේමදාස යුගය මතක් කර දුන්නා නම් හරි. (නදී)
ප්‍රේමදාස යුගය මතක් කර දුන්නා නම් මෙහෙම කරන එකක් නැහැ (නි)
කෝ මේ අපේ බන්දුල පෙරේරා? අර රජින්දගේ සටහන පෙනෙන්නේ නැද්ද? (නි)
ලක්ෂිකා අැයි ගුටිකන්ෙන් ඒ අය බත්කාලා අැවිත් තමයි වැඩ කරන්නේ.(නදී)
නිශාන්ත, දුම්රිය රියදුරු වෘතිය කියන්නේ විශාල දැනුමක් අවශ්‍ය රස්සාවක්. ඒ නිසා නිකන් ඒ වෘතිය හෑල්ලුවට ලක් කරන්න එපා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හොයල බලන්න. අවශ්‍ය සුදුසු කම් මොනවද කියලා.(නදී)
මේ දුම්රියකට මොකට ලතවෙනවද? අර හොඳට අධිවේග හදලා දීලා තියෙන්නේ මහජනතාවට යන්න. (නි)
බණ්ඩාර, දුම්රිය රියදුරු වෘත්තිය කියන්නේ විශාල දැනුමක් අවශ්‍ය රැකියාවක් නම් ඒ වෘත්තිය හෑල්ලුවට ලක්කර නොගෙන මහ ජනතාවට සේවය කරන්න. රියදුරන් විසින්ම එය හෑල්ලුවට ලක්කරගෙනයි තිබෙන්නේ (නි)
දුම්රිය බංකොලොත් කිරීම සඳහා සියලු දෙනාම බස් වලින් ගමන් කරන්න. (නි)
දුප්පත්කම අභිබවා යාමට නම් ගෝලීයකරණය තුළින් අපි නාගරීකරණය විය යුතුයි. නාගරීකරණය වන අපි වාණිජකරණය තුලින් දුම්රියකරණය නැමැති වෘත්තිය සමිති අභිබවා සමාජකරණය දක්වා ඉදිරියට යෑමට රජයට සහයෝගය දැක්විය යුතුයි (නි)
ඔන්න ඔන්න බන්දුල ඉඳලා ඉඳලා තව කතාවක් කිවුවා... (නි)
අපි කළ ලොකුම මෝඩකම කළේ 1948 වසරේ නිදහස ලැබුණ දා කියලා මට හිතෙනවා (නි)
දුම්රියේ යන්නෝ කරන්නෙත් ජනතාව අපහසුවට පත් කිරීමයි. දවසින් දවස රට අගාධයට! (නි)
මම හිතුවේ දුම්රිය මඟීන් වැඩට නොගිහින්, රස්තියාදු ගහන්න ගියා කියලා.ප්‍රදීප්, ඔයා හරියටම හරි. අනික රස්සාවට අලුතෙන් අය බඳවා ගන්න ඕනෑ. මහජනයාගේ දුක නොතේරෙන අය. (නි)
මෙයට විසඳුම ජනතාවත් අකුරට වැඩ කරන්නට පුරුදු පුහුණුවීමයි (නි)
මම දකින විදියනම් මේ රියදුරන් මොනතරම් සුළු සුළු කාර්මික දෝෂ දුම්රිය වල තිබුනත් ඒවා ගණනකට නොගෙන මහජනතාව වෙනුවෙන් ලොකු සේවයක් මේ ප්‍රශ්න ඇති වෙනකම් කළා.සමහර විට ඔවුන්ට යම් කලකිරීමක් ඇතිවෙන්න ඇති "අපි මෙච්චර දුම්රිය වල අඩුපාඩු තිබිලත් මෙච්චර සේවයක් කරලත් ,බලධාරීන් අපිට සලකන්නේ මෙහෙමද "කියලා.දැන් කවුරු හරි අහන්න පුළුවන් සුළු සුළු අඩුපාඩු,දෝෂ තිබෙන දුම්රිය ධාවනය කරන්නේ ඇයි කියලා.දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලබන ආයතනයක් නොවෙයි.සමහර විට අවශ්‍ය සුළු සුළු අමතර කොටස් ගබඩාවල නැතුව ඇති.රියදුරන් ඒ බව හොදාකාරවම දන්නවා ඇති.නමුත් රියදුරන් මහජනතාවට අපහසු තාවයක් නොවෙනා ආකාරයට මේ දක්වා දුම්රිය නොනවත්වා ධාවනය කර සේවයක් සැලසුවා නේද ?මම නම් හිතන්නේ අපි මේ ප්‍රශ්නය දිහා සාධාරණව දෙපැත්තම බැලිය යුතුයි.ඔවුන්ට හිතනවා ඇති "ලොකු තැන් අපිට සලකන විදියට අපිත්,අපේ රාජකාරිය නීතියටම කරන්නම් " කියලා.(දිල්)
ආයතනයක දියුණුව වෙනුවෙන් තමයි එම ආයතනයට ප්‍රධානියෙක් පත්කර සිටින්නේ. මෙතන වෙන්නේ , යමක් නොකර පවතින දෙය පෑමක් වෙන්න ඇර බල සිටීමට නම් , එම ආයතනයට ප්‍රධානියකු අවශ්‍යද ? එයයි දුම්රියේ යන අපට ඇති ගැටලුව. (දිල්)