තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවැනි පන්තියේ ගමන්ගත් මගීන් 25 දෙනකුගෙන් අල්ලා ගනු ලැබූ දුම්රිය ආරක්ෂක හමුදාව ඔවුන්ට දඩ වශයෙන් රුපියල් 64930 ක් නියම කර ඇත.
අද (8) පෙරවරුවේ වේයන්ගොඩ - කොටුව දුම්රිය පරීක්ෂාවේදී මෙම මගීන් අසුවී ඇත.
තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවැනි පන්තියේ ගමන්ගත් මගීන් 25 දෙනකුගෙන් අල්ලා ගනු ලැබූ දුම්රිය ආරක්ෂක හමුදාව ඔවුන්ට දඩ වශයෙන් රුපියල් 64930 ක් නියම කර ඇත.
අද (8) පෙරවරුවේ වේයන්ගොඩ - කොටුව දුම්රිය පරීක්ෂාවේදී මෙම මගීන් අසුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්වැනි පන්තියේ ටිකට් අරගෙන දෙවැනි පංතියේ මඟීන් ගමන් කරන්නේ ආසාවට නෙමෙයි, කරන්න දෙයක් නැති නිසා. ඒකට කරන්න තියෙන්නේ තුන්වැනි පන්තියෙ මැදිරි වැඩිකරන එක මිසක් මඟීන් අල්ලගෙන දඩගහන එක නෙමෙයි (නි)
නැතිව ඉතින්, වාහන සිහිනය බොඳ වුනාට පස්සේ වෙන මොනව කරන්නද? (ර)
3 වෙනි පන්තියේ ටිකට් අරගෙන 2 වන පන්තියේ යෑමත් වැරදියි (නි)
3 පන්තියේ මැදිරි වල යන්න බැරි තරම් සෙනඟ ඒවාට විකප්ල නෑ.(හේ)
සාධාරණව ගමන් ගන්නා මගීන්ට කරන සාධාරණයක්. (ර)
ඔව් ඊයේ පෙරේදා 3 පන්තියේ මැදිරි ඉවත් කරලා. එතකොට එයාල කොහෙද යන්නේ (බ)
මේ මඟීන්ගේ වරදක් නෙමෙයි. පාලනයේ වැරැද්ද. මමත් පළවෙනි පන්තියේ ටිකට් අරගෙන කොළඹ ඉඳලා අනුරාධපුරේට හිටගෙනම ගිහින් තියෙනවා. මමත් දන්නේ නැති නිසා ටිකට් ලබාදෙන කෙනාගෙන් විමසුවාම එයත් දන්නේ නැහැ කිවුවා (නි)
පුබුදු එහෙනම් ඔයාත් ගන්න දෙවෙනි පංතියේ ප්‍රවේශ පත්‍රයක්. වැඩියෙන් සල්ලි ගෙවලා මිනිස්සු දෙවෙනි පංතියේ යන්නේ ඒකයි. මේක තමයි සමාජ ක්‍රමේ ලංකාවේ. සල්ලි තියෙන මිනිස්සුම නෙමේ දෙවෙනි පංතියේ යන්නේ. තුන් වෙනි පංතියේ යන්න අමාරු නිසා වැඩියෙන් හරි ගෙවලා දෙවෙනි පංතියේ යනවා. (බ)
ඉන් ගම්‍ය වන්නේ 3 වන පන්ති මැදිරි අවශ්‍ය ප්‍රමාණයට මදි බව දුම්රිය බලධාරීන්ට දැනුම් දීමක්..! මගීනුත් හොරාට නොයනවාම නොවෙයි .!... අමතර මැදිරියක් දෙකක් යෙදවීමට අසීරුද..? (බ)
තව දඩ ගහන්න. ඔයාලා පත්කරගත් ඇමතිවරුනේ ඉන්නේ. එනිසා ඔයාලා තව ණය ගෙවන්න. දඩ කකා හිරවෙවි කෝච්චි වල යන්න. (නි)
2 පන්තියේ යන්නේ දෙගුණයක් ගෙවලා. එත් 3 පන්තියේ ටිකට් අරන් ඉදගෙනත් යනවා. එතකොට අපි හිටගෙන යන්න ඕන. මේ වැඩේ හොදයි නිතර නිතර දඩ ගහන්න ඕන. (ර)
දඩ ගහන්නම ඕනෑ. 3 පන්තියේ ඉඩ තිබුනට 2 පන්තියටම එන පිරිසක් ඉන්නවා. (නි)
අනිවාර්යෙන්ම දඩ ගැසිය යුතුයි. ලංකාවේ සෑහෙන ප්‍රමාණයකට කාර්යාල දුම්රිය තිබේ. එකක් මඟහැරුනොත් අනෙකේ යා හැකියි. ඔය හොරහිත නිසා තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ. තමන්ට ඇති අයිතිය අවබෝධ කරගෙන තමන්ගේ යුතුකම ඉටුකිරීමයි නිවැරදි. (නි)
මේවට වැරදිලා නගින අයත් ඉන්නවා. (ර)
දුම්රිය ප්‍රමාද කරන අයවලුන්ට දඩ ගහන්න බැරිද? (ම)
දෙවැනි පන්තියේ සමරවිට හිටගෙන යන්න වෙනවා. තුන්වන පන්තියේ මඟීන් හොඳට වාඩිවෙලා යනවා. දකුණු දුම්රිය මාර්ගයේ මෙය වැඩිපුර වෙන්නේ. සමහර දවස්වල උදේට පරික්ෂා කරනවා. ඒත් හවස නම් කවදාවත් පරික්ෂා කරන්නේ නැහැ. හවසට පරික්ෂා කළොත් දුම්රිය දෙපාර්තුමේන්තුවට ලොකු ලාබයක් ගන්න පුළුවන් (නි)
දුම්රිය ධාවනයවන වාර ගණන වැඩිකරන්න බැරිද? කොළඹට කිට්ටුවන හැම දුම්රියක්ම හොඳටම හිරවෙලා එන්නේ. අපි මෙහෙම එන්නේ අවුරුදු ගණනාවක සිට.2 වෙනි පන්තියේ වුණත් හිටගෙන එන එක තේරුමක් නැහැනේ.බලමු ඉතින් මේ අවුරුදු 5 වත් වෙනස් වෙයිද කියලා.මේ වගේ දේවල් හරිගස්සන එක දේශපාලකයන් අතේ තියෙන්නේ. එය ඔවුන්ගේ වගකීමක්. අපි ඡන්දය දෙන්නේ රට හදන්න. නමුත් එන අය තමුන් හැදෙන එක තමයි කරන්නේ. (නි)
පන්ති භේදය ඉවත් කර සෑම මගියකුටම පහසුවෙන් ගමන් කළ හැකි ලෙස දුම්රිය සේවය විධිමත් කළ නොහැකිද? එසේම මගින් වැඩිපුර ගමන් කරන කාල වෙලාවලදී ප්‍රමාණවත් දුම්රිය පෙට්ටි එක කල නොහැකිද? (ම)
මිනිස්සු ආතල් ගන්න නෙවෙයි මෙහෙම යන්නේ රතු ඉර වදින්න ඉස්සෙල්ල කන්තෝරුවට යන්න රෑ බෝ වෙන්න ඉස්සෙල්ල ගෙවල් වලට යන්න ඕන නිසා කාර් බාර්වල යන ලොක්කන්ට තේරෙන්නේ නැහැ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මිනිස්සු විදින දුක එක්කෝ කෝච්චි වල පෙට්ටි වැඩි කරන්න ඕන නිකන් පොඩි මිනිස්සු පාගන්නේ නැතිව (බ)
කුමාර, ඔබගේ ආත්මාර්ථකාමීබව හොඳට පේනවා. 2 වෙනි පන්තියේ යන්නේ 3 වෙනි පන්තියේ ඉඩ නැති නිසා. එල්ලිලා ගිහින් වැටෙන්නේ නැතුව පණ බේරගෙන යන්න ඕනෑ නිසා 2 වෙනි පන්තියට නඟින්නේ.ඔබ මේ හිටගෙන යෑමක් ගැන කතා කරනවා (නි)
දුම්රිය තියන වංචා දුෂණ නැවැතුවනම් ලොකු ගානක් හොයාගන්න පුළුවන් (බ)
කාර්යාල සේවාවන් වලදී පන්ති බේදයක් ඉවත් කරලා වැඩි මැදිරි එකතු කරානම් ප්‍රශ්නය විසදනවා ? (බ)
ලංකාවේ බොහෝ විට කෙරෙන්නේ දඩ ගහන ප්‍රමාණය කියවන එක මිසක්, වැරදි කරන එක අඩු කරන එක ගැන නොවේ, සමහර අහිංසක මිනිසුන් ඉන්නවා හදිස්සියට ඇවිල්ල දුම්රියට නගින අය, ඔවුන් දන්නේ නැහැ මොන මැදිරියටද නැග්ගේ කියල, වැරදිකරුවන් විදිහට හසුවුනාට පසුවයි වුන දෙය දන්නේ, පසුව ඔවුන්ට දඩ මුදල් ගෙවන්න කියූ වට එතරම් මුදල් ප්‍රමාණයක් නැතිවූ විට කරන්නේ කුමක්ද, පොලිසේයේ නම් දඩ ගෙවීමට දින 14 ලබාදුන්නද , මෙහෙදී එවෙලේම ගෙවිය යුතුය, මෙලෙස නොසිතා සිදුවන වැරදි නිසා අහිංසක මිනිසුන් අසරණ භාවයට පත් වෙයි, දුර ප්‍රදෙශේය සිට කොළඹට සම්මුඛ පරීක්ෂණ වලට එන අයට නිතරම මූන පාන්න වන දෙයකි, (බ)
අනේ මන්දා දුම්රිය ගැටළු කවදා නතරවෙයිද කියලා (නි)