කොළඹ සිට පිට පළාත් වලටත් පිට පළාත්වල සිට කොළඹටත් අද (8)රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය අටක් අවලංගු කළ බව දුම්රිය පාලනඅධිකාරිය කියයි.
අද (8) රාත්‍රියේ සිට ඇරැඹීමට නියමිත දුම්රිය රියදුරු නියාමක,ස්ථානාධිපති,පාලක සහ අධික්ෂණ කළමනාකරුවන්ගේ වර්ජනය මීට හේතුවයි.
රියදුරන් ටික දෙනකු වර්ජනයට නැතැයි ද දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි, වර්ජනය කරන කට්ටියගේ සේවය අත්හිටවන්න බැරිද ? කොහොමත් වැටුප ලැබෙන නිසා හොඳයි. වර්ජනයෙන් පීඩා විදින්නේ මගී ජනතාව. බලදාරීන්ට අවුලක් නැහැ. එයාලගේ පඩි ලැබෙනවා. වැඩ කලත් නොකලත්. මගේ නම් අදහස වර්ජනය කරන සියල්ලන්ට ගෙදර ඉන්න කියල වැඩ කරන්න කැමති අය ගත්ත නම් හරි. (නදී)
වැඩ කරන්න බැරි අය ගෙදර යවන්න ක්‍රමයක් තිබුණා නම් නිකම්ම හැදෙනවා අපේ අය (නි)
අඩුම ගානේ වැඩ නොකරන දවසේ පඩිය කපන්න ක්‍රමයක් හරි යොදන්න. නිකන් හිටියත් පඩිය ලැබෙන නිසා තමයි මේ සේරම. ජනතාවගේ මුදලින්, ජනතාවටම විනකරන්නට ඉඩ නොදෙන්න...! (නි)
හැමදාම වැඩවර්ජන පමණි. ජනතාව මහමඟ අතරමං (නි)
රජයේ දෙපාර්තමේන්තු වලින් වැඩිම ප්‍රතිලාභ දෙන ආයතනය මේකයි කියලා මං අහලා තියෙනවා. වැඩට යන්නේ නැතුවත් සති ගණන් අතිකාල ගන්නවා කියලා ඇමතිවරයෙක්ම කියලා තිබුනා. මීටවඩා මේක පුද්ගලික අංශයට දෙන එක හොඳයි කියලයි මට හිතෙන්නේ. (නි)
මොණරා නටනකොට එයාගේ පසුපස එළියේ වගේ, මේක කරන අයට ඒකේ කැත ගතිය පෙනෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙපාර්තමේන්තුවක අනිත් කට්ටිය ගැන වෙන මොන කතාද? වර්ජනය දිගටම කරගන යන්න කියලයි මම නම් කියන්නේ. (නි)
මේ පාලකයන් වසර ගානක් තිස්සේ දුම්රිය සේවකයන් රවට්ටනවා. වර්ජනයකට යනකොට බොරු සාකච්ඡා තියල කල් මරනවා. දුම්රිය වර්ජනය සාදාරනයි. එ්ත් මේවගෙන් පීඩාවට පත්වන්නේ මාසේ සීසන් එක අරන් උදේ හවස කෝච්චියේ යන එන අපියි. කෝටි ගණන් මහජන මුදල් නාස්තිකරමින් බාල් නටනවා නඩ පිටින් ඇමති වරු පිරිවරාගෙන විදේශ සංචාර යනවා. මේ නාස්තිකරන මහජන මුදල් වලින් මේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න බැරි අැයි? අද මිනිස්සු කී දාහක් පාරේ අනාතද?මේවා කවදා තේරුම් අරන් නිසි විසඳුම් දේවිද? සැබෑ ජනතා හිතවාදී දේශපාලඥයන් නායකයන් කවදා බිහිවේද? ඒ කාලය උදාවෙනතෙක් ලංකාව කවදාවත් ඔලුව උස්සන්නේ නැහැ. එය රටේ අවාසනාවද මහජනයාගේ අවාසනාවද කියල මට වැටහෙන්නේ නැහැ. (නදී)
කොන්ත්‍රාත් පදනමට සේවකයන් බඳවා ගත්තා නම් මෙහෙම සෙල්ලම් දාන්න එන්නේ නැහැ. (නි)
කොහොමත් දුම්රිය අවුල් දැන් වැඩි නිසා පෞද්ගලීකරණය කළා නම් ඉවරයි (නි)
මට නම් ගොඩක් දේවල් හිතෙනවා කියන්න. ඒත් මොකුත් නොකියාම ඉන්නවා (නි)
දුම්රියක් යනකොටත් දැන් අපිට හිතන්නේ වර්ජනයක් කියලයි (නි)
ඉස්සර කතාවක් තිබුනා කැළණිවැලි දුම්රිය හරියටම වෙලාවට, (පස්වරු තුනට) දුම්රියපොළට ඇවිල්ලා කියලා. පස්සේ බලනකොට ඊයේ 3ට එන්න තිබුන දුම්රියලු (නි)
මේක එක්කෝ පෞද්ගලීකරණය කරන්න ඕනෑ. එතකොට ඔය සෙල්ලම් හරියන්නේ නැහැ, වැඩ නොකළොත් පඩි නැහැ. අනික හොඳ සේවයක් ලැබෙනවා නම්, ගණන වැඩි වුණත් කමක් නැහැනේ. (නි)