IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රිය පමා කළ රියදුරාට ගහලා

කොළඹ දක්වා ධාවනය වන මහව කාර්යාල දුම්රිය අද (09) ප්‍රමාද වී ධාවනය කිරීම ගැන කුපිත වූ මගීන් පිරිසක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී රියදුරුට පහර දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

පහරදීම ගැන රියදුරු සංගමය මරදාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පෙරවරු 6.12ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ළඟා විය යුතු මහව කාර්යාල දුම්රිය අද ළඟාවී ඇත්තේ 6.34ට බවත් කොළඹ ළඟාවී ඇත්තේ පැයක් ප්‍රමාද වී බවත් දුම්රිය පාලන කාර්යාලය පවසයි.

 



අදහස් (0)

දුම්රිය පමා කළ රියදුරාට ගහලා

සාරසී Friday, 09 May 2014 01:57 PM

හොඳ ප්‍රතිචාරයක්. ඉල්ලීම් දිනාගන්න මගීන්ට කරන්න තියෙන්නේ එ්ක තමා. ගහන එක නම් හොඳ නැහැ. නමුත් කරන්න දේකුත් නැහැ. පැමිණිලි බාරගන්න තැනකුත් නැහැ. ඒවා විසදන්න කෙනෙකුත් නැ. දුම්රිය ඇමති ඔය දුම්රියකින් දවසක් යැව්වොත් හොඳයි.(නදී)

:       0       0

නිශාන්ත Friday, 09 May 2014 08:31 PM

රට යන අත බොහොම ෂෝක් . (නදී)

:       0       0

බුරම්පි Friday, 09 May 2014 02:14 PM

ගහන්න නෙමේ තිබ්බේ. රටේ දේවල් කනවා ලංකාවේ වැඩ කරන මිනිස්සුන්ගේ පැය කීයක් කාලා ඇත්ද? (නදී)

:       0       0

ප්‍රසාදිනි Friday, 09 May 2014 02:26 PM

හැමදාම වර්ජන කරලා මිනිස්සු අමාරුවේ දානවට හොඳ පාඩම. රටට වැඩ කරන පැයක් ඒ නැති වුණේ. කලින් ඕක කරන්න තිබුණේ. (ස)

:       0       0

ගුණරත්න Friday, 09 May 2014 02:35 PM

ගහන්න ඕන අහිංසක සේවකයනට නොවේ අදාල බලධාරීන්ට. මම නම් කියන්නේ කොචියේ යන කටියටත් හොඳ වැඩේ...තව ගහගන්න. (ස)

:       0       0

චන්දන Friday, 09 May 2014 02:36 PM

ගහන්න නෙවෙයි තියෙන්න‍ෙ. (ස)

:       0       0

අල්විස් Friday, 09 May 2014 02:46 PM

වැඩ වර්ජනයෙන් වැඩ අදාළ කරවන හැමෝටම මේ දේ කරන්ට ඕන. එතකොටවත් රට හැදෙයි නේ. (ස)

:       0       0

අමිල Friday, 09 May 2014 02:56 PM

හොඳ වැඩේ. මොනවා කළත් මෙයාලගෙ ඉල්ලීම් ලැබෙන බව දන්න හින්ඳනෙ ඔච්චර උඩ පනින්නෙ.මගීන්ගෙ ඉල්ලීම් වලට කන් දෙන්නෙ කවුද? (ස)

:       0       0

සඳුන් Friday, 09 May 2014 10:23 PM

මිනිසුන්ව අමාරුවේ දානවට හොඳ වැඩේෙ. (ස)

:       0       0

ලංකිත Friday, 09 May 2014 04:02 PM

ගහන එකනම් එච්චර හොඳ දෙයක් නෙමේ. දුම්රිය පරක්කු කරන අදාල නිලධාරීන්ට ගැහුවනම් තම වඩා හොඳ.(ස)

:       0       0

රමේෂ් Saturday, 10 May 2014 07:59 AM

පවු! ඒ මිනිස්සු මොනවා කරන්නද? (නි)

:       0       0

රොකී Saturday, 10 May 2014 07:59 AM

ගහන්න තියෙන්නේ නම් සේවකයන්ට නොවෙයි. ලොකු උන්නැහේ කෙනෙක් ළඟදිත් අලුතෙන් කට්ටියක් දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඡන්ද වැඩ ගත්තලු නේද? ලංගමයි දුම්රියයි නැතිකළේ දේශපාලුවෝ. ගහන්න ඕනෑ උන්ටයි. ඉහළින්ම ඡන්දෙ දීලා මේ අහිංසක මිස්සුන්ට ගහන එකේ තේරුමක් නැහැ! (නි)

:       0       0

සෝබන Friday, 09 May 2014 04:29 PM

චරිත, අපිට ඔය ජපනුන්ගේ වැඩක් නැහැ. මේක සිරි ලංකාව. ලෝකෙන් උතුම්ම රට. අපි වැඩ කරන්නේ කාටවත් ඕන විදියට නෙමෙයි. (ස)

:       0       0

මධු Friday, 09 May 2014 04:54 PM

සියල්ල අවසානයේ දුක් විඳීමට සිදුවන්නේ අහිංසක මගී ජනයාටයි. (ස)

:       0       0

වසන්ති Friday, 09 May 2014 05:06 PM

පහර දුන් අයව වහා අත්අඩංගුවට ගත යුතුයි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ නීතිය පරිහානියට ලක් වී ඇති බවයි. ඔහොම ගියොත් දවසක ඇමතිතුමාටත් ගහයි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 09 May 2014 05:15 PM

මේවට තමා ඉල්ලන් කනවා කියන්නේ.නියමයි.මෙයට වෙන විකල්පයක් නැත. හැම අත්‍යවශ්‍ය සේවාවක්ම වැඩ වරා ජනතාව පෙළත් නම් විසඳුම මෙයය. ප්‍රශ්න ඇතිකරන බලධාරීන්ටද මෙම උරුමය හිමිය. සිදුකළ අයට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

හංසි Friday, 09 May 2014 06:24 PM

අකමැත්තෙන් වුවද කීමට ඇත්තේ මේ පිටවුයේ නිර්ධන පන්ති යාවජීව සාමාජිකයන් තුළින් මතුවී ආ ඔවුන්ගේ තෙරපීමේ, වේදනාවේ, හා අසීමිත වූ පීඩනයේ දෝංකාරයේ හඬයි. (නි)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Saturday, 10 May 2014 02:10 AM

ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි අවංකව සේවය කරානම් පහරදීම සිදු නොවේ (ස)

:       0       0

ගිහාන් Friday, 09 May 2014 06:26 PM

වසන්ති,එන්න... එන්න මාංචු කුට්ටම දෑතින් අරගෙන. (නි)

:       0       0

සුමුදු Friday, 09 May 2014 06:50 PM

දැන්නම් ඉවසුවා හොඳටම ඇති තමයි (නි)

:       0       0

පිටිගල Friday, 09 May 2014 07:08 PM

ඇත්තටම මහා ජනතාව ගැහුවා නම් එක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. එය අනික් තැන් අරභයා ද සිදු විය යුතුයි. හැබැයි අර හම්බන්තොට දී ගහපු ""මහා ජනතාව"" නම් නොවිය යුතුයි. (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 09 May 2014 01:32 PM

හෙදියන්ටත් මේ වගේ අමතක නොවන පාඩමක් දුන්න නම් දුප්පත් රෝගීන්ව අමාරුවේ දමන එක නවතීවි.(නදී)

:       0       0

චරිත Friday, 09 May 2014 01:33 PM

ජපානයේ ගිය වසරටම දුම්රිය පමා වූ කාලය තත්පර 7 කි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site