කොළඹ දක්වා ධාවනය වන මහව කාර්යාල දුම්රිය අද (09) ප්‍රමාද වී ධාවනය කිරීම ගැන කුපිත වූ මගීන් පිරිසක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී රියදුරුට පහර දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

පහරදීම ගැන රියදුරු සංගමය මරදාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පෙරවරු 6.12ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ළඟා විය යුතු මහව කාර්යාල දුම්රිය අද ළඟාවී ඇත්තේ 6.34ට බවත් කොළඹ ළඟාවී ඇත්තේ පැයක් ප්‍රමාද වී බවත් දුම්රිය පාලන කාර්යාලය පවසයි.