හික්කඩුව - මරදාන කාර්යාල දුම්රියයේ දෙවැනි පන්තියේ මැදිරියක් අඩු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වන බව දුම්රිය මගීහු කියති.
පසුගිය සඳුදා සිට දෙවැනි පන්තියේ මැදිරියක් අඩු දුම්රියක් යොදවා ඇතැයි ඔවුහු පවසති.
කාර්යාල දුම්රියේ සෙනඟ වැඩි නිසා දෙවැනි පන්තියේ මාසික ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන් දැන් තෙවැනි පන්තියේ ගමන් ගන්නා බවත් ගමගින් දෙවැනි සහ තෙවැනි පන්ති වාර ප්‍රවේශපත් ගත් සියලු දෙනා අපහසුතාවට පත් වන බවත් මගීහු කියති.
දුම්රිය පාලන මැදිරියෙන් මේ ගැන විමසූ විට එහි ප්‍රකාශකයකු කීවේ එවැනි ගැටළුවක් ඇත්නම් සොයා බලන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නම් අන්තිමයි. ඊයේ වාද්දුව දුම්රියත් අවලංගු කරා මගීන් හැමදාම රස්තියාදුවේ (බ)
මාමේ කියන්නද වැඩක් ඔය තුන්වෙනි පන්තියේ ටිකට් අරන් දෙවැනි පන්තියේ ගියාම දඩගහනවා නේද ඒ වගේ ක්‍රමයක් හදාගන්න (හේ)
බොහොමයක් රජයේ ආයතන ඔහොම තමයි. (ර)
දුම්රියේ විතරක් නොවෙයි,රජයේ කාර්යාලවල වැඩකරන බොහෝදෙනෙක් වැඩ හොයා බලා විසඳුම් දෙන්න දන්නේ නැහැ.පන්නිපිටියේ ළමයින්ට ගුවන් පාලමක් හදනවා. ඊටවැඩිය පාසල් තිබෙන නුගේගොඩ පාර පනින්න පාලමක් හදන්නේ නැහැ. කොට්ටාව හන්දියේ බෝගස හරස් කරගන්නේ නැතුව අවිස්සාවේල්ල පාර කෙළින් හදන්න පුළුවන්.කාණු පද්ධතියක් හදන්න හිතකවත් නැහැ. (නි)
කොළඹ යනකොට ටිකක් තදබද නොවී යන්න බැහැ (නි)
මේ දිනවල දුම්රිය ගමන් වාර අවලංගු කිරීමද ඇත. පාසල් ළමුන්ද අතැර මග . මේවත් සොයා බැලුවොත් හොදා. (අ)
හික්කඩුව දුම්රිය කියන්නේ ප්‍රධාන කාර්යාල දුම්රිය වලින් එකක්.දැන් එකේ දෙවෙනි පන්තියේ පෙට්ටි අඩු කරලා.අම්බලන්ගොඩට එනකොටම ආසන නැහැ. මිනිස්සු පය දෙකකට වැඩ හිටගෙන. නමුත් සාමාන්‍ය ගානට වැඩ දෙගුණයක් සල්ලි ගෙවල.මෙච්චර ඇමති මණ්ඩලයක් ඉන්න මේ කුඩා ලංකාවේ ඇයි ද දැනෙන නැහැ ප්‍රධාන කාර්යාල දුම්රියන් ටික මනා කළමණාකරණයෙන් යුතුව උදේ සහ සවස යවන්න බැරි මිනිස්සුන්ට වැඩ දෙන්නේ නැතිව. ලංකාවේ දුම්රිය දෙපාර්තුමේන්තුව කරන්නේ අතීසාරයට අමුඩය ගහනවා වගේ වැඩක්.මෙයාල හැමදාම කොහේ හරි දුම්රියක් කැඩුනම හෝ දුම්රියක් පිලි පැන්නම කාර්යාල දුම්රියක් එකට ආදේශ කරලා හෝ කාර්යාල දුම්රියක පෙට්ටියක් එකට ආදේශ කරලා ඔහේ නිකන් ඉන්නවා විසදුමක් හොයන්නෙ නැතිව. දෙවෙනි පන්තිය නමට විතරයි. විදුලි පංකා කැඩිලා. තියෙන ඒවා මල බැදිලා. හැමබ්යි දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයෝ අතිරික්තයකුත් ඉන්නවලු. මෙහෙම ගියොත් තව අවුරුදු 100 ගියත් ලංකාව ගැන රචනයක් ලියන වෙන්නේ "තවම සංවර්ධනය වෙමින් පවතින රටක් කියල ".වැරැද්ද මෙයාලට ජන්දය දෙන අපේ අතේද?(ම)
මෙයට ඉක්මන් විසඳුමක් දෙන්න අපිට (ම)
අනුරංග කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. දුම්රිය දෙපාර්තමේන්තුව කරන්නේ අතීසාරයට අමුඩය ගහනවා වගේ නොගැලපෙන මෝඩ තවකාලික විසදුම්.(හේ)
මේ අනුරංග කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. අපි උදේට එන්නෙත් හවසට යන්නෙත් හොදටම හිර වෙලා. දුම්රිය දෙපර්තමෙන්තුවනම් අතීසාරයට අමුඩය ගහනවම තමයි. මසුරන් කතාව. (ම)
සමහර සදුදා දවස්වලට උදයට ඩබල් සෙට් වෙනුවට හික්කඩුවෙන් එනවා තනි සෙට් එක... එදාට යනකොට ගොඩක් අමාරුවෙන් යන්නේ මිනිස්සු...(බ)
කල්පනා කර බලන්න ගිය අවුරුද්දේ මෙහෙම ප්‍රශ්නයක් තිබුනේ නැහැ.යහපාලනය කියන්නේ තිබුනට වඩා හොද වීමයි. දිග දුම්රිය වෙනුවට කොට දුම්රියක් හදිස්සියේ දැමීම. දුම්රිය අවලංගු කිරීම. පෙට්ටි අඩු කිරීම දැන් බහුලව සිදුවේ. යහපාලනය ගෙන ඒමට දුම්රිය මගීන් කොතරම් කතා කළාද යන්න දුම්රියේ යන මගීන් වඩාත් හොදට දනී. නමුත් ඔවුන්ට මෙතරම් පීඩනයකට පත්වේ යයි සිතුවේ නැත. (බ)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිකුරාදා සහ සදුදා දින අමතර දුම්රිය යොදවනවානම් තමා හොඳ ,මොකද ඒ දවස් දෙකේ තියන තදබදය නිසා බස් වල යන අය පුදුම කට්ටක් තමා කන්නේ, එ්ක දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර අාදායමකුත් වේවී. (ස)
ඇත්තටම අපි හරි අවාසනාවන්ත ජාතියක්. බලන්න උදේට හවසට කාර්යාල දුම්රිය හැම එකේම කොච්චර සෙනග යනවද කියල.මේ කිසිකෙනෙක් නිකන් යන්නේ නෑ. නියමිත ගාස්තු ගෙවල ටිකට් හරි සීසන් හරි අරන් යන්නේ. ඇඳුමක් ඇදගෙන යන්න බෑ. බෑග් එකක් අරන් යන්න බෑ. දාඩිය පෙරාගෙන ඇදුම් කිලිටි කරගෙන වැඩට යන්න ඕන. ගැණු කට්ටිය පවා කොච්චර දුක් විඳගෙනද යන්නේ. ගොඩක් වෙලාවට පාපුවරුවේ යන්නේ ජිවිතේ අවදානම් කරගෙන. වාඩිවෙන්න හම්බවෙන්නේ ගමන ආරම්බ දුම්රිය ස්ථානයෙන් විතරයි. දුම්රියට නගින්නේ බහින්නේ මැරෙන්නේ නැතුව බොහොම අමාරුවෙන්. පෙට්ටියක විදුලි පංකා 8 ක් විතර තියනවා වැඩකරන්නේ 3ක් 4ක්. ජනේල සේරම කැඩිලා. හුලං පොදක් ජනේලෙකින් වත් එන්නේ නෑ . මගින් වශයෙන් රජයෙන් ඉල්ලීමක් කරන්න ඕන මේ පෙට්ටි සේරම වායු සමනය කරන්න කියල. ඒ වගේම වැඩිපුර පෙට්ටි කීපයක් අවශ්‍යයි කියල. අඩුම තරමේ තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව ඇඳුමක් ඇදගෙන පිළිවෙලට හිටන් වත් යන්න. ප්‍රවාහන ඇමතිතුමාට ලිඛිතව ඉල්ලීමක් කරන්න මගින් සේරම එකතු වෙන්න ඕන. බොරුවට වල් පල් කියව කියව ඒ ආණ්ඩුවට මේ ආණ්ඩුවට බැනබැන දුම්රියේ කාලෙ නාස්ති කරන්නේ නැතුව මගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕන. (ස)
සහතික ඇත්ත අනුරංග අපි අද උදෙත් ආවේ කොච්චර අමාරුවෙන්ද? (ම)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉනේ නිලධාරීන් වයසත් එක්ක තනතුරු ලැබුන ය.. ස්ටේෂන් එකෙට ඇරෙන්න ලංකාවෙන් පිට ගිහිල්ලා නෑ . ලෝකය බොහොම දියුණුයි.. තාම පානදුර ඉදලා උදේට චප්ප නොවී යන්න පුළුවන් දුම්රියක් නෑ.. පානදුරින් උදේ 7.30 ඩබල් සෙට් එකක් දානවනම් මොරටුව , දෙහිවල ,බම්බල පිටිය ,කොල්ලු පිටිය කොටුව මරදාන .. මිනිසුන් හොදට යනවා (ම)
විදුලි පංකා 80 ක් (බ)
ගාල්ලෙන් පටන් ගන්නා නගරාන්තර ශිඝ්‍රගාම් දුම්රියක අවශතාවය ඇත. සවස 5.50 පසුව ශිඝ්‍රගාමි දුම්රියක් ගාල්ලට නැත.(ම)
ඇයි මේ දුම්රිය සේවය ගැන කවුරුත් උනන්දු නොවෙන්නේ? (නි)
වැඩක් නැහැ කතා කරලා. ඔය හික්කඩුවේ හැමදාම දෙවැනි පන්තියේ පෙට්ටි අඩුකරනවා. මම නම් දැන් දෙවැනි පන්තියේ වාර ප්‍රවේශ පත්‍ර ගන්නේ නැහැ, තුන්වන පන්තියේ ඒවා ගන්නේ. ඉස්සරනම් අපි දෙවැනි පන්තියේ හොඳට ගියා. දැන් යන්න වෙන්නේ චප්පවෙලානේ. මොකටද බොරුවට වැඩිපුර ගෙවන්නේ? කොහොමත් චප්පවෙලානේ යන්නේ. දුම්රිය ලොක්කන්ට මේවා තේරෙන්නේ නැහැ. මොකද එයාල දුම්රිය වල යන්නේ නැහැනේ. හොදට ලාභ ගන්න පුළුවන් ආයතනයක් නිකන් විනාශ වෙනවා (නි)