මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.
මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.
එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්
වීඩියෝ - දේමුණි සම්පත්
![20160129_112712_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112712_resized1.jpg)
![20160129_111710_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_111710_resized11.jpg)
![20160129_111811_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_111811_resized1.jpg)
![20160129_112539_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112539_resized1.jpg)
![20160129_112602_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112602_resized1.jpg)
![20160129_112607_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112607_resized1.jpg)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුණු අනතුරක් වලක්වා ගත්තට ගේට්ටු මුරකරුට හා රියදුරන්ට ඇත්ත වශයෙන්ම උපහාර දිය යුතුයි, වැරදි කළ අයට දඬුවම් දීල විතරක් මදි. (බ)
හේමන්ත කවුරු හරි ටොක්කක් අැනල කියල දෙනකම් ඉන්නවද ? කවුද කෝච්චිය එලවාගෙන අවේ ?නිදිමත ඇමැතියද ? (බ)
කිසිම දෙයක් විනයක් ඇතුව සිදුනොවන දේශපාලුවන්ට යටත් වූ රටකි ලංකාව. (නි)
යහපාලානේ ඔහොම තමයි. එයාල දන්නේ නැහැ යන පීල්ල මොකක්ද කියල.(ම)
කැනඩා එන්ජිමයි ප්‍රංශ එන්ජිමයි හැප්පිලා රටවල් දෙකක් අතරේ යුද්ධයක් වෙන්න ගිහින් තියෙන්නේ (බ)
ගේට්ටු මුරකරුට ස්තූතියි! (නි)
ඇයි ටැබ්ලට් නොදීද දුම්රිය ආවේ? (නි)
දුම්රිය එන්ජින් වලින් ගසා කාපු අය ගැනත් හොයන්න. (බ)
ජුලි වර්ජනයෙන් එලියට දාපු සේවකයෝත් මතක් කරගමු (කෞ)
කෝ ගේට්ටුකරු ඔහුට ප්‍රණාමය (බ)
අපේ දුම්රිය ස්ථාන වල පිහිලි මාරු කිරීම, සිග්නල් ලබා දීම වැනි ක්‍රියාදාමය පැරණි තාක්ෂණික ක්‍රම ඔස්සේ මේ වන තුරු සිදුකිරීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. එත් සුළු අතපසු වීමක් මහා විනාශයක් වෙන්න පුළුවන්., එබැවින් නවීන තාක්ෂනය සමග දුම්රිය දෙපාර්තමේන්තුව දියුණු කිරීම රජයේ ලොකු වගකීමක්.(කෞ)
කෝච්චියේ ඩ්‍රයිවර්ගේ මුණට අව්ව වැටිලා. ..(බ)
අද හවසට ගෙදර යන්න පුළුවන් වෙන්න ඕක හදන්න මහත්තයෝ නැත්නම් අපි අමාරුවේ (ම)
අනූනවයෙන් බේරිලා තියෙන්නේ.(හේ)
හැමදේටම යහපාලනය ගාව ගන්න එපා (ම)
ජීවිත ගණනාවක් බේරාගත්තාට ඔබට ස්තුතියි (නි)
ගේට්ටුකරුගේ උත්සාහය නිසා ජිවිත ගොඩාක් බේරුණා ඉතින් ඔහුට තෑගි ප්‍රදානය කර, උසස් වීමක් ද දිය යුතුයි. (බ)
රියදුරනි මගෙන් ඔබට සුබ පැතුම් ! (බ)
අපි ගේට්ටුකරුටත් රියදුරන් දෙදෙනාටත් සැලකිය යුතුය. එසේම වැරද්ද කළ අයටත් දඩුවම් කළ යුතුය (බ)
ගේට්ටුකරුගේ උතුම් මනුස්ස ක්‍රියාවට මගේ උපහාරය, මේ අය දිරිමත් කරන්න මොනාහරි දුන්නට පාඩු නැහැ (බ)
හොඳ වෙලාව. නැත්නම් සුනේ සුං (නි)