විශ්‍රාම ගිය දුම්රිය ස්ථානාධිපතිවරුන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවීමට එරෙහිව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති පියල් විජේසිරි මහතා කියයි.
තම ඉල්ලීම් සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී බී ඒ පී ආරියරත්න මහතාගෙන් යහපත් ප්‍රතිචාර ලැබීම ඊට හේතුව බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වර්ජන කිරීම සෙල්ලමක් වෙලා (නි)
එක අතකට වැඩ කරන්න ඕනෑතරම් කට්ටිය සිටියදී තව විශ්‍රාම ගිය අය මොකටද? (නි)
අනේ අපිටත් මොකක්හරි රැකියාවක් ලබල දෙනවනම් කොච්චර අගනේද මෙහෙම දුර රටකට වෙලා දුක් විදිනවට වැඩිය. (නදී)
මොකද්ද මන්දා ස්ට්‍රයික් කරනවා කියනවා නෑ කියනවා ආය කොරනවා කියනවා නෑ කියනවා. මේ ස්ට්‍රයිකුත් කෝච්චිය වගේ මයි එනකං සුවර් නෑ (නදී)
ස්ට්‍රයික් එක නැති එක හොදයි. නැත්නම් සිකුරාදා නිසා සැහෙන සෙනගකට ගම රට යන්න වෙන්නේ නැහැනේ (නදී)
මේ වගකිවයුත්තන් මොනවා කරනවද කියලා තේරෙන්නේ නැහැ (නි)